කැබිනට් සංශෝධනයෙන් මටත් ඇමතිකමක් ඕනෑ..- රවි කරුණානායක
February 23, 2018 at 10:00 am | lanka C news
කැබිනට් සංහෝධනයේදී ඇමති ධුරයන්ගෙන් ඉවත් වන්නැයි එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකුගෙන් පක්ෂ නායකත්වය විසින් ඉල්ලා ඇත.
ඊට ඔවුන් විසින් දැඩි විරෝධය පල කිරීමත් සමග එක්සත් ජාතික පක්ෂය තුල දැඩි අර්බුදකාරී තත්වයක් හටගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් හිටපු ඇමති රවි කරුණානායක මහතා දැඩිව විරෝධය පල කර ඇති අතර තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූයේ බැදුම්කර චෝදනාවට නොව පුද්ගලික ගණුදෙනුවක් සම්බන්ධයෙන් බවත් එනිසා ඊට වඩා චෝදනා ඇති පුද්ගලයින්ද ඇමති ධුර අතහැරිය යුතු බවත් සදහන් කර ඇත.
ඔවුන් ඉවත් නොවන්නේ නම් තමනටද ඇමති ධුරයක් අවශ්‍ය යයිද ඔහු සදහන් කර ඇතැයිද එජාප අභ්‍යන්තර වාර්තා සදහන් කරයි.
TELL ME THE WHAT IS THE MINISTRY YOU CAN MAKE MONEY ? I CAN TELL TO THE MY3. DO NOT HESITATE.
මුදල් හොරා කෑ වසලයන්ට බුදු දහමට අනුව නැවත මිනිස් ජීවිතයක් නොලැබෙනු ඇත.