කැබිනට් සංශෝධනය ඉරිදා..- වැරදුනු අනාවැකිය රාජිත අලූත් කර කියයි..

February 23, 2018 at 6:48 pm | lanka C news
කැබිනට් සංශෝධනය ඉරිදා..- වැරදුනු අනාවැකිය රාජිත අලූත් කර කියයි..

අමාත්‍ය මණ්ඩල සංශෝධනය ලබන ඉරිදා දින සිදුවනු ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතා අද (23) විශ්වාසය පළ කළේය.

ඒ කළුතර මහ රෝහලේ සංවර්ධන ව්‍යාපෘති රැසක් අද (23) දහවල් විවෘත කිරිමට සහ මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.

සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණ කළේ මාධ්‍යවේදීන් මෙහිදී නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු සපයමිනි. මෙහිදී නීතිය හා සාමය අමාත්‍ය ධූරය ඔබට හිමි වන්නේ දැයි මාධ්‍යවේදීන් විමසූ විට අමාත්‍යවරයා පැවැසුවේ “තිබෙන සාමය හොදයි” යනුවෙනි.

සෞඛ්‍ය අමාත්‍ය ධුරය වෙනස් වන්නේ දැයි මාධ්‍යවේදීන් විමසා සිටි අතර, එය ජනාධිපතිවරයාගේ තීරණයක් බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවැසීය.

තවද පාතාල කල්ලි යළි හිස එසවීම පිළිබදව අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැසුවේ ඉදිරියේ එය මැඩපැවැත්වීමට කටයුතු කරන බවයි.

– ප්‍රසන්න අධිකාරි

85 views

4 Comments to “කැබිනට් සංශෝධනය ඉරිදා..- වැරදුනු අනාවැකිය රාජිත අලූත් කර කියයි..”

  1. buruputha says:

    Me kalakanni Rajithayge vesa kata Hinda ape Mahinda paraduna. Ae vagema me moosala vesa kata nisa Dan Ranilath paraduna. Karumeta Hari dinanna onenam me kalakanniyava UNP yen ha aanduwen elavanna.

  2. SUNIMAL says:

    සෞඛ්‍ය ඇමති රාජිත රටේ ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන් වෙන්කිරීමට ඇති ජනාධිපති අරමුදලේ මුදල් වලින් රුපියල් කෝටියක් ලබාගෙන ඇතිබව අනුර කුමාර දිසානායක මහතා පාර්ළිමේන්තුවේදී හෙළිදරව් කළේය. දත් ගලවා නැව්පතියෙකුවූ ලෝකයේ එකම දත් දොස්තර වන්නේද ඇමති රාජිත බව පැවසීය.

  3. john the baptice says:

    රාජිත ජීවිතය තුල ඔහුට නොකරම බැරි දෙය හොරකමයි.දේශපාලන ගෙම්බෙක් ලෙස බොහෝ දෙනා කතා කරන රාජිත සිදු කල BLUE OCEAN FISHERY (PRIVATE) LIMITED මගඩිය.

  4. කුම්න්තරණය කවදාද says:

    නිතිය හා සාමයේ අළුයට කුම්න්තරණය කවදාද? සම්මන්තරන හැමදාම. ඔලුවේ අමාරු කාරයන්ට තමා එක බාර දෙන්න ඕනෙ. ඉතිරි චන්ද ටිකටත් කෙලවා ගන්න.චන්ද පන්දාහට නිදහස් ප්‍රජාතන්ත්‍රවදය උකසට. අනේ හුටන් ට පිස්සු.

Main News