කැබිනට් සංශෝධනය තවත් දින දෙකක් ඇතුලත..- ජනාධිපති මාධ්‍ය ප්‍රධානින්ට කියයි..
May 7, 2017 at 1:20 pm | lanka C news
පසුගිය ජනවාරියේ සිටම අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවන බවට රජයේ නොයෙකුත් පාර්ශවයන් ගෙන් මෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ද අවස්ථාවන් ගනනාවදිකම සඳහන් කිරීම සම්බන්ධයෙන් පසුගිය අප්‍රියෙල් මස 20 වෙනිදා මාධ්‍ය ප්‍රධානින් වෙනුවෙන් කොටුව ජනාධිපති මන්දිරයේ දි පැවති හමුවේදී මාධ්‍ය ප්‍රධානින් ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කලහ.
එයට පිලිතුරු දෙමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පැවසුවේ එන වෙසක් පෝයට පෙර එය සිදු වන බව බලා ගත හැකි බවයි. මේ අනුව තව දින දෙකක් යාමට මත්තෙන් බොහෝදුරට ජනාධිපතිවරයා පැවසු පරිදි පසුගිය කාලයේ දිගින් දිගටම කතා බහ වුන අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදු විය හැකිය යන්නය.
එහෙත් අප වෙත වාර්තා වනුයේ මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා මේ වනවිටත් ජනාධිපතිවරයා වෙත අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සම්බන්ධව තම අප්‍රසාදය පල කොට ඇති බවත් මොනම විදියේ හෝ අමාත්‍ය මණ්ඩල සංශෝධනයකට අගමැති ප්රමුඛව එක්සත් ජාතික පක්ෂය සුදානම් නැති බවක් ය,
එහෙත් මෙහි ඇත්ත නැත්ත තව දින දෙකක් තුල ජනතාවට දැක බලා ගත හැකිය.