කැබිනට් සංශෝධනය හෙට පෙරවරුවේ ස්ථිරයි.. අර්ජුන-දුමින්දට දඬුවම් මාරු.. අසාර්ථක දුෂිත ඇමතිලා රැසක් ඉවතට..

February 24, 2018 at 6:48 pm | lanka C news
කැබිනට් සංශෝධනය හෙට පෙරවරුවේ ස්ථිරයි.. අර්ජුන-දුමින්දට දඬුවම් මාරු.. අසාර්ථක දුෂිත ඇමතිලා රැසක් ඉවතට..

හෙට දින පෙරවරුවේ කැබිනට් සංශෝධනය ස්ථිර වශයෙන්ම සිදුවනු ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.

හෙට පෙරවරු 10ට පමණ මෙය සිදුකිරීමට නියමිත අතර ඒ සදහා අදාල කටයුතු මේ වන විට ජනාධිපති කාර්යාලය තුල ලහි ලහියේ සිදුවෙමින් තිබේ.

පසුගිය කාලය තුල විවිධ චෝදනා එල්ල වූ හා අසාර්ථකත්වයට පත් ඇමතිවරුන් වෙනස් කිරීම මෙහිදී සිදු වනු ඇත.

මෙහිදී ඇමති අර්ජුන රණතුංග හා දුමින්ද දිසානායකගේ ඇමති ධුරයන් ස්ථිර වශයෙන්ම වෙසන් වීමට නියමිතය.

පෙට‍්‍රල් අර්බුදය නිසා අර්ජුනගේ ඇමති ධුරයත් පොහොර ප‍්‍රශ්නය නිසා දුමින්දගේ අමාත්‍යංශයත් වෙනස් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.

පලාත් පාලන මැතිවණයේදී අර්ජුන රණතුංග එජාපයේ ජයග‍්‍රහණය වෙනුවෙන් කිසිදු දායකත්වයක් නොදැක්වීම මත ඔහුගේ ඉවත් කිරීම එජාපය විසින්ද අනුමත කර ඇතැයි වාර්තා වෙයි.

දුමින්ද දිසානායක මහතා නායකත්වය දරන අනුරාධපුර දිස්ත‍්‍රික්කය මුළුමනින්ම පරාජය වීමද ඔහු ඇමති ධුරයෙන් ඉවත් කිරීමට බලපා ඇති බවද සදහන්ය.

315 views

19 Comments to “කැබිනට් සංශෝධනය හෙට පෙරවරුවේ ස්ථිරයි.. අර්ජුන-දුමින්දට දඬුවම් මාරු.. අසාර්ථක දුෂිත ඇමතිලා රැසක් ඉවතට..”

  1. Silva CC says:

    යකෝ එතකොට හිටං පොලොන්නරුවත් පරාදයි. මිසිම තැනක 50% ක ප්‍රතිශතයක් ගන්න බැරිවුනා. එකේනම් ඕකවත් ඉවත් කොරන්න ඔන නේ…!

    • Amda says:

      කූජිත වෙලා පැරදුනේ ශ්‍රිලන්කා එක නේ… ඇමති පට්ටම් නැතිවෙන්නෙ යූඑන්පී කාරයන්ගේ නේ … 😀 😀

    • sam says:

      ජාතික ආණ්ඩුවට විරෝධය පා ශ‍්‍රීලනිප මන්ත්‍රීවරු 25ක් විපක්‍ෂයට???????????

  2. dad says:

    Very good selections. Both of them are so inefficient and shouldnt be given any.

  3. SUNIMAL says:

    රට දියුනු වෙන්න නම් අනිවාර්යෙන් එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්විය යුතුය මේ රගපෑම් වලින් පලක් නැත

    • ExUnper says:

      යහපාලන තව රොටියක් කරවෙයි.
      යහපලනේ ගේන්න දර දිය අැද්ද හිමි වරුන් දෙපල සෝබිත හ ගිරාම්ඹේ ආනන් දය​. ඉන් සෝබිත හිමි ගැන බොහෝ අය දනිතත් ආනන් ඳ හිමි ගැන දන්නේ යූඑන්පී කාරයන් ය​.

      UNP කණුවක් වූ ගිරාඹේ ආනන් ද හදිසියේ අපවත් වීය​.

  4. ලක්ෂ 62 says:

    ජනවාරි 8 හංසයා ඉදිරියෙ කතිරෙ ගැසූ ලක්ෂ 62 ඉල්ලීම නීතිය හා සාමය අමාත්‍ය ධූරය සරත් ෆොන්සේකාට ලබාදෙන ලෙසයි.

    • Lion says:

      මැතිවරනෙන් නම් 5000 යි එයාට චන්දෙ දුන්නෙ. දැන් නම් ඒ ටිකත් නැතුව ඇති.

  5. daham says:

    paraajaya wechcha nathi districts monawada? ehema baluwama aanduwama ivath venna neda one.

  6. Makshood says:

    Ethakota Polonnaruwa peradunata mokada ganna teenduwa

  7. Sadda says:

    ඔය මොන පැලැස්තර දැම්මත් උඹලට බැහැ උඹල රටට කල අපරාධය වහන්න.

  8. Upali says:

    අර්ජුන නම් රටට හොද වැඩ කල , වැරදීම් සිදු වුනත් , වැරදීම් හදාගත හැකි නයකයෙක් බව මගේ මතයයි. ඔහු සහ රටට කිසිම හොඳ වැඩක් නොකල අවැඩම කල දුමින්ද නම් දුගන්ඳ චරිතය එකට තබා තිබීම ගැන මගෙන් සී නිවුස් එකට විරෝදය.

  9. ajitpenawaa de costa says:

    munge tawa rangapemak baba

  10. සුලෝචනා බන්ධුවර්ධන says:

    කුප්‍රකට සුදු කොඩි කථාවෙන් සමස්ථ යුධ හමුදාවම පාවා
    දුන් SF ට නීතිය, සාමය පිළිබඳ ඇමතිකම දෙන්නේ
    ශ්‍රී ලංකා යුධ හමුදාව කොටි සංවිධානය පරාජය කිරීම
    ගැන රනිල් ගේ තියෙන වෛරය නිසාද?

    • John pulle says:

      Udda kale hamudapathi umbe appada bola
      nathinam MaRa thaniyama kolada udde

      • Sunil R says:

        අහන දේට උත්තර දීපන්, පරයෝ.
        තොට හරියට සිංහලෙන්වත්, ඉංග්‍රීසියෙන්වත්
        අකුරක්වත් ලියා ගන්ඩ බෑ. (Udde) උද්දෙ කියන්නෙ
        මොකක්ද බල්ලෝ?

    • සිරිබිරිස් says:

      ඕකෙ ඇති දෙයක් නෑ ලමයො. ජෝන් අමරතුංග, සාගල වගේ වැඩකට නැති උන්ට දීපු අමාත්‍යංශයක්. ඕක තියෙන්නෙ පොලිසියේ පරිපාලනයට විතරයි. පොලිස්පති වැඩ කරන්නෙත් ඊට උඩින් එන ඕඩර්ස් වලට.

Main News