කැබිනට් සංශෝධන නොකරනු.. අපි විරුද්දයි.. එජාපය ජනපතිට දන්වයි…

April 24, 2017 at 10:40 am | lanka C news
කැබිනට් සංශෝධන නොකරනු.. අපි විරුද්දයි.. එජාපය ජනපතිට දන්වයි…

ඇමති මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට මේ මොහොතේදී සිදු කිරීම උචිත නැති නිසා ඊට එකග නැතැයි එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට දන්වා තිබේ.

කැබිනට් සංශෝධනයකට එජාපයේ බහුකර ඇමතිවරුන් විරුද්ද බවද ජනාධිපතිවරයාට දන්වා ඇත.

එජාප ඇමතිවරුන්ගේ අදහස වී ඇත්තේ කැළ කසළ ගැටළුව ජාතික ප‍්‍රශ්නයක් වී ඇති තත්වය මත හා කඩා වැටුණු ආර්ථික ගොඩ දැමීමට ගතවූ වසර එකහමාර තුලදී අඩිතාලම දමා ඇති බැවින්ද කැබිනට් සංශෝධනයක් සිදුකිරීම නොගැළපෙන බවයි.

ගතවූ වසර එකහමාර තුලදී සිදු කල සැලසුම් ක‍්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති අවස්ථාවක කැබිනට් සංශෝධනයක් කලහොත් එම සංවර්ධන කටයුතු තවත් ප‍්‍රමාද වී ආණ්ඩුව දැඩි අර්බුදයකටත් හා ජනතා දෝශාරෝපණයටත් ලක්වනු අතැැයිද ඔවුන් පෙන්වා දී තිබේ.

8 views

5 Comments to “කැබිනට් සංශෝධන නොකරනු.. අපි විරුද්දයි.. එජාපය ජනපතිට දන්වයි…”

  1. kamalsiri kuruwita says:

    අපි කිව්වේ අපේ බොස්ට මයි3 බයයි කියල . වැඩිය කතාකලොත් දෝශාභියෝගයෙන් තමයි ජනපති ඉවත්කරන්න වෙන්නේ . එහෙම වුනොත් අපේ රජයේ බලෙන් එල්ලිලා ඉන්න කටු සුප්පු සෙට් එකත් ගෙදර තමයි . ඒ නිසා බොරු වැඩ කරන්නේ නැතුව පැත්තකට වෙලා නිකන් ඉන්නවල කියල තමයි කියන්න වෙන්නේ.

  2. K shantha says:

    The government doesn’t know whether they are coming or going.

    One thing the people are sure about, that they are going and going soon

  3. බන්ඩය්යා says:

    අන්තෝ ජටා බහි ජටා.

  4. Saradiel says:

    රනිල්ගේ ගෙදර ඉන්න බල්ලට වත් මෙහෙම කතා ක‍රන්නේ නැහැ

  5. GAMARALA says:

    බල්ලා බැඳ දමනු!

    ඔන්න එකෝමත් එක රටක ගමරාල කෙනෙකුයි බල්ලෙකුයි සන්තෝසෙන් ජීවත් උනාලු. ටික කාලයක් මෙහෙම ඉද්දි බල්ලට පිස්සු හැදිල මිනිස්සු හපාකන්න පටන් ගත්තලු. බල්ලගෙන් බේරෙන්නම බැරි තැන ගමේ මිනිස්සු ටික එකතුවෙලා අමාරුවෙන් ගමරාලවත් කැමති කරගෙන බල්ලව අල්ලල කූඩුවකට දැම්මලු. වැඩි පරිස්සමට කියල කූඩුවෙ යතුරත් ගමරාලටම දුන්නලු. බල්ල කුඩුවෙ දාපු වෙලේ ඉඳන් ගමේ හිටපු ඔක්කොම බල්ලො ටික පිස්සු බල්ලගෙ කූඩුව වටේට එකතුවෙලා අපේ අහිංසක බල්ලව අරින්ඩෝ කියල උඩුබුරන්න පටන් ගත්තලු. මේක කන්කරචලයක් උනත් ඔන්න ඔහෙ උන්ටම ඇතිවෙලා නවත්තයිනෙ කියල ගමේ මිනිස්සු කරබාගෙන හිටියලු. ඒ වුනාට මේ සද්දෙ ඇහෙද්දි ගමරාලට නින්ද යන්නෙම නැහැල්ලු. මගෙත් එක්ක සැහෙන කාලයක් එකට හිටපු බල්ල නේද කියල වෙලාවකට හිතෙනවලු. ඒවුනාට මූ එළියේ හිටියනම් වෙලහකට මාවත් කාල නේද කියල තව වෙලාවකට හිතෙනවලු. දැන් ගෙදර ආරක්ෂාවට හිටපු බලලත් කූඩු කරල ඉන්න එකේ අල්ලපු ගෙදර සේතන් ගොයිය ඇවිත් අපේ ගෙදර ලගියිද දන්නෙ නෑ කියල තව වෙලාවකට හිතෙනවලු. ඔහොම හිතල හිතලම ගමරාලට සාංකාව වගේ හදුනලු. කරන කියන දේවල් මතකත් නෑලු. ගෙදර නෝනට එකක් කියනවලු ටිකකින් එහා ගෙදර සේතන් ගොයියට ඊට හාත්පසින්ම වෙනස් එකක් කියනවලු, බල්ලව අරිනවා කියනවලු නෑ කියනවලු, බල්ල ඇරල අනික් බල්ලන්ට ගහල පන්නනව කියනවලු, එක විකාරයයිලු. ඔය අස්සෙ බල්ල අල්ලන්න ඉස්සරහින්ම ගිය සේතන් ගොයිය මිනිහගෙ යාළුවො කට්ටියක් එක්ක සෙට් වෙලා රෑට රෑට ගමරාලගෙ වත්තෙ පොල් බානවලු. එක දවසක් ගහ උඩ හිටපු එකෙක් අතේ මාට්ටු උනාම තණකොළ ටිකක් කපාගන්නමයි යැව්වෙ කියල දහ අතේ දිවුරනවලු. මේ ඔක්කොම ජරමර අස්සෙ ගමරාල තෙපර බබා ඉඳල ඉඳල හොඳ නැකතක් එහෙම බලල බලු කූඩුවෙ දොර ඇරල දැම්මලු. අනේ ඉතින් මිනිස්සු අමාරුවෙන් බැඳල දාපු බල්ල මෙන්න ආයෙ පුරුදු විදිහටම දඩාවතේ යනවලු. ගමයත් එක්ක බල්ල අල්ලන්න උදවු කරපු උන්ව දැක්කම අන්ඩක් එහෙම උස්සල කින්ඩි දානවලු. හැබැයි බල්ල ගමරාලටනම් වෙනදටත් වඩා ආදරෙයිලු. ළඟටම වෙලා කෙඳිරි ගගා ඉන්නවලු. හැබැයි ගමේ මිනිස්සුනම් කියන්නෙ බල්ලගෙ ඔය සිල් පුර හඳ පායනකල් විතරයි, කට්ටියම එකතුවෙලා එදාට බල්ලො සෙට් එකම එලෝල දැම්මෙ නැත්නම් බබිත් සුන් බබීගෙ අම්මත් සුන් ගමරාලත් සුන් කියලලු.

Main News