කැබිනට් හමුවෙන් පසු ආහාර නෑ.. ජනපතිත් කෑමට ගෙදර ගනවා.. අපි පන්සලෙන් දානෙ ඉල්ලගෙන කෑවා..

June 20, 2020 at 3:00 pm | lanka C news
කැබිනට් හමුවෙන් පසු ආහාර නෑ.. ජනපතිත් කෑමට ගෙදර ගනවා.. අපි පන්සලෙන් දානෙ ඉල්ලගෙන කෑවා..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිසේත්ම මහජන මුදල් නාස්ති නොකරන වෙනස්ම අකාරයේ නායකයෙක් යැයි ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

ඔහු මහජන මුහුදින් මුදලින් ආහාර වේලක් හෝ ලබා නොගන්නා බවත් තම ආහාරය ලබාගැනීම සඳහා නිවෙසට යන බවත් ඇමතිවරයා පැවසීය.

ජනාධිපති කාර්ය මණ්ඩලය වාහන සංඛ්‍යාව ද මේ වන විට අවම කර ඇතැයිද ඒ මහතා කීය.

මැතක දී ඇදිරි නීතිය අතරේ පැවති කැබිනට් හමුවකින් පසු තමන් ඇතුළු ඇමතිවරුන් කිහිප දෙනෙකුට ආහාර ගැනීමට තැනක් නොවූ බවත් ඔහු පැවසීය.

කොරෝනා වසංගතය පැවති නිසා හෝටල් පවා වසා තිබුනු බවත් තමන් ඇතුළු ඇමැතිවරුන් පිරිසක් කොළඹ ගංගාරාමයට ගොස් ලැබී තිබූ දානයෙන් කොටසක් ඉල්ලා ගත් බවද ඔහු සඳහන් කළේය.

කොළඹ පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

''අපි බඩගිනි නිවා ගත්තෙ, දානෙ කාලා..'' – විමල් වීරවංශ

''අපි බඩගිනි නිවා ගත්තෙ, දානෙ කාලා..'' – විමල් වීරවංශ #lka #News1st #ULM

Gepostet von Newsfirst.lk am Freitag, 19. Juni 2020

259 views

36 Comments to “කැබිනට් හමුවෙන් පසු ආහාර නෑ.. ජනපතිත් කෑමට ගෙදර ගනවා.. අපි පන්සලෙන් දානෙ ඉල්ලගෙන කෑවා..”

  1. දුටුගැමුණු says:

    ඉස්සර කාපු ජරාව දන් පටිසන් දීලා

  2. Gini says:

    Good, you go to do politics not to eat. Take sandwich. I live in a developed and a rich country, all politicians pay for their food at the canteen.

Main News