කැබිනට් හමුව උණුසුම්… හම්බන්තොට වරාය විකිණීම දින නියමයක් නැතිව කල් දැමේ..

March 1, 2017 at 4:40 pm | lanka C news
කැබිනට් හමුව උණුසුම්… හම්බන්තොට වරාය විකිණීම දින නියමයක් නැතිව කල් දැමේ..

හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීමට අදාළ සහන ගිවිසුම අත්සන් කිරීම දින නියමයකින් තොරව කල්දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

කැබිනට් මණ්ඩල සමාජිකයන්ගේ අදහස් විමසීමකින් තොරව අදාළ ගිවිසුම සකස්කර ඇති බවට කැබිනට් මණ්ඩලය තුළින් පැමිණි විරෝධතාව හේතුවෙන් මෙලෙස එය කල්දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(28දා) රැස්වූ කැබිනට් මණ්ඩලයට හම්බන්තොට වරාය පිළිබඳ සහන ගිවිසුම ඉදිරිපත් කර ඇත්තේ මලික් සමරවික්‍රම අමාත්‍යවරයා විසිනි.

ගිවිසුමක් සකස්කිරීමේදී අදාළ විෂයභාර අමාත්‍යවරයාගේ අදහස්ද විමසා ගිවිසුම් සකස්කරන ලෙස ජනාධිපතිවරයා මීට පෙර අමාත්‍ය මණ්ඩලයට දැනුම්දී ඇති අතර, මෙම සහන ගිවිසුමේදී එය අනුගමනය නොකිරීම පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇත.

එමෙන්ම වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කැබිනට් මණ්ඩලයේදී පවසා ඇත්තේ මේසම්බන්ධයෙන් කිසිවක් තමාගෙන් නොවිමසූ බවයි.

එමෙන්ම මීට පෙර හම්බන්තොට වරාය සම්බන්ධ මූලික ගිවිසුම්වලට එළඹීමේදීද අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකු ගිවිසුම්වලට අත්සන් කළ අතර, එහිදීද වරාය අධිකාරියෙන් හෝ අමාත්‍යවරයාගෙන් නොවිමසා කටයුතු කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී දැනුම්දී ඇත.

අදාළ සහන ගිවිසුම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමේ අරමුණින් එය කල්දැමීමට කැබිනට් මණ්ඩලය කටයුතු කර ඇත.

එමෙන්ම අදාළ ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව දැඩිව මතුව ඇතැයි මෙහිදී පක්ෂ දෙකෙහිම අමාත්‍යවරුන් ප්‍රකාශ කර ඇති බවද වාර්තාවේ.

– ADA

6 views

3 Comments to “කැබිනට් හමුව උණුසුම්… හම්බන්තොට වරාය විකිණීම දින නියමයක් නැතිව කල් දැමේ..”

  1. Champa says:

    මොකක්ද මේ “සහන ගිවිසුම” කියන්නේ? මොකාටද සහනයක් දෙන්න හදන්නේ? චීනෙටද? චීනෙට?

    රටක් වටින අපේ වරාය චීනෙට විකුණලා උන්ට සහනයක් දෙන්න හදනවද? නෙද්දකින්.

    UNP ආණ්ඩුවේ රට විකුණන් කන එක නවත්තගන්න බැරි ගොබ්බ Cabinet එක. ලබන චන්දෙදි මිනිස්සු ගෙදර යවන්නේ wholesale ගානට.

    • ජනිත් ජයසිංහ says:

      අනේ පලයන් චම්පෝ යන්න පහුගිය කාලේ උඹම නේද කිව්වේ චිනේ තමයි අපේ හොඳම මිතුරා උන්ට තමා මේ වගේ වරායක් කාර්යක්ෂමව කරන්න පුළුවන් එක චිනාට බාරදෙන එක තමයි කරන්න ඕනා හොඳම වැඩේ කියල .දැන් මොකද මේ වෙන කතාවක් කියන්නේ ?

      • Champa says:

        ගම්පහ ගංකබරයෝ එවන නිලමැස්සෝ නම් වෙනස් කර කර කිව්වට බොරු ඇත්ත වෙන්නේ නැහැ.

        අන්න මිනිස්සු අහනවා අවුරුද 99X2 කට චීනෙට 80%ක් දෙන ගිවිසුම ගහන්න මහින්ද + ඒකාබද්ධ විපක්ෂය කරපු භූමිකාව මොකක්ද කියලා. රනිල් එක්ක හවුල් වෙලා රටේ සම්පත් විකුණන් කන්න උදව් කරනවා, රට පාවලා දෙනවා. 1948න් පස්සේ කරපු ලොකුම පාවාදීම. චන්දෙ දීපු ලක්ෂ 58ම පාවල දුන්න. 2020 දී රනිල්ට චන්දෙ දිනලා දෙන්නත් පොරොන්දු වෙලා.

Main News