කැබිනට් හමුව ගාලගෝට්ටියක් වේ.. එජාප-ශ්රීලනිප ඇමති ගුටි කෙලියක් නූලෙන් වැලකේ..
February 21, 2017 at 11:08 pm | lanka C news
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් අද (21) දිනයේ පැවති කැබිනට් මණ්ඩල හමුවේදී ශ්රීලනිප හා එජාප ඇමතිවරුන් අතර ඇතිවූ මත ගැටුම ඉතා දරුණු තත්වයට පත්ව තිබේ.
ශ්රීලනිප ඇමතිවරුන් විසින් තම අමාත්යංශය විවේචනය කිරීම සම්බන්ධයෙන් මුදල් ඇමති රවි කරුණානායක දැඩිව විරෝධය පල කිරීමත් සමග මෙම තත්වය මතුව ඇත.
‘රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිකම් දැරු ශ්රීලනිප ඇමතිලා රාජපක්ෂ ඞීල් එකකට වැඩ කරනවා’ යයි කීමත් සමග ඇමති දයාසිරි ජයසේකර විරෝධය පල කරමින් පවසා ඇත්තේ වත්මන් ජනාධිපති මෛත්රීපාල සිරිසේනද රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයෙක් බවත් අද කැබිනට්ටුවේ සිටින සියළු ශ්රීලනිප ඇමතිවරුන් රාජපක්ෂලාගේ ක්රමයට විරුද්ද ආණ්ඩුව හා සම්බන්ධ වී සිටින බවද සදහන් කර තිබේ.
රාජපක්ෂලා සමඟ ඩීල් දමාගෙන ඔවුන් රකිමින් ජනතා ධනය කොල්ලකමින් සිටින්නේ කවුදැයි දන්නා බවද පවසා ඇති ඇමති දයාසිරි ශ්රීලනිපය නැතිව හැකිනම් ආණ්ඩුව කරගෙන යන්නැයි මුදල් ඇමතිට අභියෝග කර ඇත.
මෙම තත්වය ගුටි කෙලියක් බවට පත්වන්නට පෙර ජනාධිපතිවරයා හා අගමැතිවරයා මැදිහත් වී තත්වය පාලනය කර ඇති අතර යලි වතාවක් කැබිනට් මණ්ඩලය රැස්වීමේදී කුමකින් කුමක් වේදැයි සැක සහිත බව එහි සිටි ඇමතිවරුන් කිහිප දෙනෙකුම අදහස් හුවමාරු කරගෙන තිබේ.
Mokatada maha denna gatuma newattuwe, lokaye lokuma kabinetuwe janathawage lee bona evun keepadeneck apaayata yawanna tibuna awastawa netiwuna.!!!!