කැබිනට් හමු නැවතු කතා බොරු.. අද කැබිනට් හමුවට සියළු ඇමතිවරු කැදවයි.. අගමැති චීනයේ..

May 16, 2017 at 8:40 am | lanka C news
කැබිනට් හමු නැවතු කතා බොරු.. අද කැබිනට් හමුවට සියළු ඇමතිවරු කැදවයි.. අගමැති චීනයේ..

කැබිනට් සංශෝධනයක් සිදුවන තුරු කැබිනට් මණ්ඩල හමු නොපැවැත්වීමට ජනාධිපති හා අගමැති එකග වූ බවට වාර්තා පල වුවද සතිපතා පැවැත්වෙන කැබිනට් හමුව අද දිනයේද පැවැත්වීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා තීරණය කර ඇත.

ඊට සහභාගී වන ලෙස මේ වන විටත් සියලු අමාත්‍යවරුන්ට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දන්වා තිබේ.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මේ වන විට චීන සංචාරයක නිතර වන නිසා කැබිනට් මණ්ඩලයට ඔහු සහභාගී නොවෙයි.

32 views
Main News