කැබිනෙට්ටුවේ ගාලගෝටියක්.. අර්ජුන-ෆයිසර් ගැටෙති.. අනුන්ගේ වැඩ නොකර තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නැයි අර්ජුනට ජනපති කියයි..

July 25, 2018 at 10:40 am | lanka C news
කැබිනෙට්ටුවේ ගාලගෝටියක්.. අර්ජුන-ෆයිසර් ගැටෙති.. අනුන්ගේ වැඩ නොකර තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නැයි අර්ජුනට ජනපති කියයි..

කී‍්‍රඩා අමාත්‍යාංශයේ කටයුතුවලට සම්බන්ධ නොවී තමන්ට පැවැරී ඇති රාජකාරි නිසි ලෙස ඉටු කරන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට දැනුම් දී ඇත.

කැබිනට් මණ්ඩල රැස්වීමේදී ක‍්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාෆා සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග යන අමාත්‍යවරුන් අතර කැබිනට් මණ්ඩලයේදී ඇතිවූ උණුසුම් තත්ත්වය හමුවේ ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

ක‍්‍රිකට් නිලවරණය සම්බන්ධයෙන් අමාත්‍ය අර්ජුන රණතුංග අමාත්‍යවරයා කළ විමසීමකින් අනතුරුව මෙම තත්ත්වය ඇතිවී ඇත.

අර්ජුන රණතුංග අමාත්‍යවරයා කි‍්‍රකට් අතුරු කමිටුවක් පත්කරන ලෙස ප‍්‍රකාශ කළ ප‍්‍රකාශය පිළිබදව ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡ වී ඇති අතර ඒ පිළිබඳ අදහස් දක්වමින් ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා පවසා ඇත්තේ තමන් නීතිපතිවරයාගේ නියමයන්ට අනුව කටයුතු කරන බවයි.

ක‍්‍රිකට් නිලවරණය සම්බන්ධයෙන් ක‍්‍රීඩා අමාත්‍යවරයා නිසි ලෙස කටයුතු කර නොමැති බව එහිදී අර්ජුන රණතුංග අමාත්‍යවරයා කැබිනට් මණ්ඩල රැස්වීමේදී පවසා තිබේ.

ඊට ප‍්‍රතිචාර දක්වමින් ක‍්‍රීඩා අමාත්‍යවරයා පවසා ඇත්තේ තමන්ද ජනාධිපති නීතිඥයෙක් බවත්, තමන්ද නීතිය හරි හැටි දන්නා බවත්ය.

ක‍්‍රිකට් නිලවරණය නීතියට අනුව සිදු කරන බව ක‍්‍රීඩා අමාත්‍යවරයා ප‍්‍රකාශ කිරීමත් සමග ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාද මීට මැදිහත් වී ඇත.

ජනාධිපතිවරයා එහිදී අර්ජුන රණතුංග අමාත්‍යවරයා වෙත පවසා ඇත්තේ ක‍්‍රීඩා අමාත්‍යාංශයේ කටයුතුවලට සම්බන්ධ නොවී තමන්ට පැවැරී ඇති රාජකාරි නිසි ලෙස ඉටු කරන ලෙසයි.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය කඩිනමින් පවත්වා ඊට නිලධාරීන් පත්කරන ලෙසද ජනාධිපතිවරයා ක‍්‍රීඩා අමාත්‍යවරයා වෙත මෙහිදී උපදෙස් දී තිබේ.

ඊට පත්වන පුද්ගලයින් කවුරුන්ද යන්න තමන්ට අදාළ නොමැති බවත් නිලවරණය කඩිනමින් පවත්වා නිලධාරීන් පත්කරන්නැයිද ජනාධිපතිවරයා මෙහිදි ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා වෙත පවසා ඇතැයි අමාත්‍ය මණ්ඩල ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයකු පැවැසීය.

– lakbima

48 views

12 Comments to “කැබිනෙට්ටුවේ ගාලගෝටියක්.. අර්ජුන-ෆයිසර් ගැටෙති.. අනුන්ගේ වැඩ නොකර තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නැයි අර්ජුනට ජනපති කියයි..”

  1. kanishka Tissa says:

    Arjuna Ranathunga, an ace opportunist has never succeeded in convincing any government to get him the minister of sports portfolio. So he feels jealous with any serving minister of sports. His primary objective is to control the affairs related to cricket in SL as it is a gold mine.

  2. මාතලේ බණ්ඩා says:

    මහින්දගෙ කාලෙ නමි ක්‍රිකටි සභාපති කළේ එයාට උවමනා කෙනා. අරලියගහ මන්දිරයෙන් නමි කරල යවන එකා තමයි, මොන ක්‍රීඩා කමිටුවෙත් සභාපති. මලල ක්‍රීඩා කමිටුව කෑවෙ ගෝඨාභයගෙ ගොබිලෙක්වූ පාලිත ප්‍රනාන්දු.
    මෛත්‍රීපාල කියන කතාව හරි, ක්‍රීඩා සංගමි නිලවරණ වලට දේශපාලනඥයන් සමිබන්ධ නොවිය යුතුයි. ඔන්න යහපාලනය.

    • don katugampala says:

      mahinda nethnam thota rennath beha vage, den me avurudu 3 takarapu yahapalane pennapanko,

    • බූබා says:

      ඒක තමයි ඒ කාලෙ දැනට වඩා තරඟ දිනුවෙ. කොහෙද මේ ජඩ පාලන මී හරක් ආවට පස්සෙ ඒකත් නැතිඋනා.

    • hoo.m.p.Banda says:

      මාතලේ බණ්ඩො,තාත්ත මී හරකෙක් උනාට තෝ එහෙම වෙන්න එපා.දැන් මහින්ද සින්දුව පරණයි.කවුරුවත් අහන්නෙ නැහැ.හදාපිය වෙන සින්දුවක් මෝඩ මූසල මී හරක​.

  3. Raawana says:

    ehenam ithin Arjun Mahendran path karamu.

  4. සිංහල කොන්ග්‍රස් says:

    රනිල්/සිරා ග‌ෙ ආණ්ඩුව යහපාලනයක් න‌ොව ජඩපාලනයකි. ක්‍රිකට් නවෙය් මුන්ට කිසිම චන්දයක් නිසි ව‌ෙ‌ලාවට තියා ගන්න බැහැ.

  5. SUNIMAL says:

    සංගක්කාර දෙසපාලනයට ආවොත් මේදේ ම තමා වෙන්නේ මේ යකා දැන් බලුවෙලා ඉන්නේ

  6. Sira says:

    Oya cabinettuwe kawuruth nedda Palaath Paalana aayathana wala election eka ikmanata thiyanna kiyanna. Pambaya nam oka thiyanne ne.

  7. BARCARDI says:

    Since Arjuna is a sportsman, according to the ‘ scientific theory’ he should be given the minister of sports.
    Although he is from political family, still he has not become charismatic political leader yet.

  8. Amal says:

    Election is not democracy. Votes = money. give money to get votes.

  9. Buddhadasa says:

    May be Maithreepala is getting a cut from Wajira Abewardana’s deal with conrcators to build a new stadium in Galle. Maithreepala seems to be a hypocrite 100%.

Main News