කැබිනෙට්ටුවේ ගාලගෝටියක්.. ප්‍රකට ව්‍යාපාරිකයෙකුට රජයේ විශාල ඉඩමක් නොමිලේ දෙන්න කැබිනට් පත්‍රිකාවක්…
January 22, 2022 at 10:02 pm | lanka C news
දැනට රජය සතු කඩුවෙල ආසන්නයේ පිහිටි අක්කර 185ක් පමණ විශාල පැරණි වානේ සංස්ථා ඉඩම කිසිදු මුදල් අය කිරීමකින් තොරව (නිදහස් දීමනා පත්‍රයකින්) ප්‍රකට ව්‍යාපාරිකයකුට පැවරීම සඳහා ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන විසින් පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට ඇමැතිවරැ ගණනාවක් දැඩි විරෝධය පළ කළහ. එම නිසා අවසන් මොහොතේ එම කැබිනට් පත්‍රිකාව අමාත්‍ය චන්ද්‍රසේන විසින් ඉවත් කරගත් බව වාර්තා වෙයි.
මේ ගනුදෙනුවට සිය දැඩි විරෝධය පළකර ඇත්තේ මහින්දානන්ද අලුත්ගමගේ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල හා විමල් වීරවංශ ප්රමුඛ අමාත්‍යවරුන් පිරිසකි. අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසා ඇත්තේ මෙම ඉඩම මෙලෙස පැවරැවහොත් මීට පෙර වෝටර්ස් එජ් ඉඩම පැවරීම උසාවියෙන් අවලංගු කළ පරිදි ගනුදෙනුව අවලංගු කර නැවත ඉඩම රජයට පැවරෙනු ඇති බවය.
මෙහිදී කැබිනට් ලේකම්වරයාගෙන් මෙහි නෛතික තත්ත්වය ගැන මතයද අමාත්‍යවරුන් විමසා තිබේ. ප්‍රවීණ පරිපාලන නිලධාරියකු වන කැබිනට් ලේකම් ඩොනල්ඩ් ප්‍රනාන්දු මහතා ඒ අවස්ථාවේ ප්‍රකාශ කර ඇත්තේ රජයේ කිසියම් ඉඩමක් නිදහස් දීමනා පත්‍රයකින් පැවරිය හැක්කේ ආගමික හා සංස්කෘතික කටයුත්තකට පමණක් බවය. ව්‍යාපාරවලට ඉඩම් පැවරිය යුත්තේ දිගුකාලීන බදු පදනම යටතේ රජයේ තක්සේරැවට මිස නිදහස් දීමනා පත්‍රය මගින් නොවන බවද ඒ මහතා කියා ඇත.
මේ ආකාරයට එම ඉඩම් පැවරීම සම්බන්ධයෙන් මතු වූ දැඩි විරෝධය නිසා ඉඩම පැවරීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඉවත්කර ගැනීමට අමාත්‍ය චන්ද්‍රසේනට සිදුවූ බව වාර්තා වෙයි.
– deshaya
යන යකා කොරහත් බිදගෙන යන්න හදන්නේ. මුන්ව ඊළඟ චන්දෙන් ගෙදර යන බව ඉව වැටිලා, හොරකම එලිපිට කරනවා.
මෙයා අතයට ගේමක් ගහනවා පර්චස් 30- 40 රජයෙ ඉඩම් කේලී හෙමින් 99 බද්දට කියල
නිකන් ම දෙනව සොරී තමා ඉතින්
This shameless fellow should resign. He is well experienced in fraudulently taking public money. The people still remember how he took money allocated to poor people who suffered from Mavil Aru crisis
චන්ද්‍රසේන ගේ පරන සෙල්ලම් ඉවර වේගන එනවා. ක්‍රමයෙන් ගෝඨාභය ආණ්ඩුව හොරුන්ව බෙල්ලෙන්ම අල්ලලා විසිකරන කටයුත්තට බැහැලා. ගෝඨාභය ගැන තවදුරටත් විශ්වාසයි. සතුටුයි.
හොරකමට පුරුදු චන්ද්‍රසේන අයියයි මල්ලියි මෙදා පාර නා ගන්නවා. උන් දෙන්නා උතුරුමැද පළාත් සභාව දූෂණය කරනවා. දැන් උන්ට කෙලවෙන ලකුණු පහල වෙලා. රජයට මුවා වෙලා දැවැන්ත හොරකම් කරන එවුන් එලවන්න ඕන. විමල්, ගම්මන්පිල ඒකට පෙරමුන ගන්න ඕන.
හොරකමට පුරුදු චන්ද්‍රසේන අයියයි මල්ලියි මෙදා පාර නා ගන්නවා. උන් දෙන්නා උතුරුමැද පළාත් සභාව දූෂණය කරනවා. දැන් උන්ට කෙලවෙන ලකුණු පහල වෙලා. රජයට මුවා වෙලා දැවැන්ත හොරකම් කරන එවුන් එලවන්න ඕන.