කැබිනෙට්ටුව කයිවාරු ගහනවා විතරයි.. කරන වැඩක් නෑ.. රට කාලා..- රවි කරුණානායකත් පොටකට එයි..

March 24, 2018 at 3:24 am | lanka C news
කැබිනෙට්ටුව කයිවාරු ගහනවා විතරයි.. කරන වැඩක් නෑ.. රට කාලා..- රවි කරුණානායකත් පොටකට එයි..

මේ රට කා දමා තිබෙන්නේ දේශපාලනඥයින් නොව මහ බැංකුවේ කට්ටිය යැයි හිටපු මුදල් අමාත්‍ය කොළඹ දිස්ත්‍රික් (එජාප) පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.

කැබිනට් මණ්ඩලයේ ඇති ප්‍රශ්නය කයිවාරුව මිස වැඩ පෙන්වීමක් නොමැති බවද මන්ත්‍රීවරයා කීය.
පාර්ලිමේන්තුවේදී අද පැවැති සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත පිළිබඳව පනත විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය.

‘අපි හැමදාම කටයුතු කර තිබෙන්නේ දේශපාලනය ගැන හිතලා මිස රට ගැන හිතලා නොවෙයි. විපක්ෂයේ වැඩේ පවතින ආණ්ඩුවට ප්‍රහාර එල්ල කිරීම. අපිට සැබෑ ආර්ථික නිදහසක් ලැබිලා නැහැ.

අපට විශ්වාස භංග යෝජනා ගේනවා.දෝෂාභියෝග ගේනවා.නමුත් ඒකෙන් මේ රටේ තියෙන බැරෑරුම් ප්‍රශ්න විසදෙනවාද?රුපියල අව ප්‍රමාණය වීම සඳහා බලපාන්නේ කවුද දේශපාලනඥයින්ද කැබිනට් මණ්ඩලයද ජනාධිපතිද අගමැතිද නැහැ. මෙතෙක් දුර බොහොම ආඩම්බරයෙන් හිතුමතේ තමන්ගෙම පාලනයක් කියා කටයුතු කරන මහ බැංකුවයි.

මහ බැංකුව කියන කියන කියන විදියට වැඩ කරලා තියෙනවා නම් මෙහෙම රුපියල බාල්දු වෙනවාද.මේකට දේශපාලනය ඇගිලි ගැහුවේ නැහැ කියනවානම් කොහොමද ඩොලර් එක රුපියල් 158 ට ඇවිත් තියෙන්නේ. අපිට අපි ගැනම ස්වයං විවේචනයක් සිදු කිරීම අවශ්‍යයි.

අපට පෙර තිබු ආණ්ඩුවටත් ආර්ථික යුද්ධය ජයග්‍රහණය කරන්න බැරි වුණේ කෙටි කාලීන ගමනක් ගිහින් ආර්ථිකය පාලනය කිරීමට කටයුතු කළ නිසයි. අපිත් හිතුවා මේ ආර්ථික ප්‍රථිපත්තිය දවසින් දවස හදාගන්න පුළුවන් වෙයි කියලා. මෙතැන අපට සෘජු තීරණ ගන්න බැරි එකයි තියෙන ප්‍රශ්නය.ඉතාම දියාරු තීරණ ගැනීමයි දැනට සිදු වන්නේ.මීට වසර දෙකකට පෙර ගන්න තිබු තීරණ අපි ගන්නේ අදයි. මෙතැන කරන්න තියෙන්නේ ඔළු මාරු කිරීම නොවෙයි ප්‍රතිපත්ති වෙනස් කිරීමයි.

මම ආණ්ඩුවට කියනවා මේ රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ හොඳ ගමනක යන්නේ. පිටරට ඉන්න සුද්දෝ ඇවිත් කියන දේවල් පිළිගෙන ඒක විනාශ කරන්න එපා.

– lankadeepa

3 views

7 Comments to “කැබිනෙට්ටුව කයිවාරු ගහනවා විතරයි.. කරන වැඩක් නෑ.. රට කාලා..- රවි කරුණානායකත් පොටකට එයි..”

  1. rambanda says:

    හලෝ ගිය ආන්ඩුවට ආර්ථිකේ පාලනය කරන්න බැරි වුනේ නෑ. ඉතා හොඳින් පාලනය කල නිසා නොවෙද ආර්ථික වේගය %8 ට වැඩිවෙලා තිබුනෙ. තමුසෙලා ඔය බටහිර විදිහට ඔක්කොම රටින් ගෙන්නන්න ගිහිං කුඹුරු (වී වවන ඉඩම්) පුරන් වෙන්න ඇරල හාල් පිටින් ගේන්න ගිහිං නේ ආර්ථිකේ හසුරුවා ගන්න බැරි වුනේ කියල දැනගෙන හිටියෙ නෑනෙ තමුසෙලා. නිකං ගොං කතා කියන්න එපා ඕයි. තමුසෙත් මෙලහට හිරේ ඉන්න ඕනැ කෙනෙක්.

  2. Bobby Pereira says:

    In short what Karupiah says is don’t listen to Suddas, listen to me Kalu sudda. Palayan parayo Yanna. You corrupt good for nothing mother f.cking Gan Oora.

  3. බන්ඩා says:

    කට අැරල රවියා “රට කෑවා” කියල අැත්ත කියපු එක ඉතා හොඳය්. බොරැ කියල පච කියල පච කෙලල මිනිස්සු රවට්ටල අගේට හැදීගන අාව රටේ බලය ගත්ත කිවිව නම් වඩාත්ම හොඳය්.

  4. හිටපු මුදල් ඇමතිවරයෙක් says:

    ආර්ථිකය හැසිරවීම ගැන දැනුම ඇති මහා උගතා මමයි.මහබැංකුවෙි එවුන් මොනවද දන්නෙ? මම Micro & Macro Economy දෙකම හොඳට කලමනාකරණය කරන්න දන්නවා.මගේ ආර්ථික උපාය මාර්ග කොචිචර සාර්ථකද කියනවා නමි යහපාලන ආණ්ඩුව බලයට පත්වී පසුගිය වසර තුන තුළ ලංකාව සංවර්ධිත රටක්වීම නිසා පොහොටිටු පක්ෂය අතිවිශිෂ්ඨ ජයක් ලැබුවා.

    මට පුළුවන් මහබැංකුවෙි උන්ටත් ආර්ථිකය උගන්වන්න.මූල්‍ය ස්ථායීතාවය රැකගැනීම,පොලී අනුපාත,වාණිජ බැංකුවලට මාර්ගෝපදේශ ලබාදීම සාර්ථකව ඉටුකල මම තරමි සාර්ථක ඇමතිකෙනෙක් ලංකාවෙ හිටියද?මගේ නෝනා මට ලබාදීපු උපදෙස් නිසාමයි මම මෙචිචර සාර්ථකත්වයක් අත්කරගත්තේ.ආයෙත් ඇමතිකම ලැබුනොත් මම සුද්දන්ටත් උගන්වනවා.ලෝක බැංකුව,ජාත්‍යන්තර මූල්‍ය අරමුදල,ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලටත් මගේ උපදෙස් පිලිපදින්න වෙයි.

  5. බොනිෆස් අපොන්සු, බිලූමැන්ඩල් says:

    UNP යෙ ඉතුරැ ජන්ද ටිකත් රැකගන්න ඔනි නමි මුගේ කටට ඉබිබෙක් දාපල්ලා.

  6. Raawana says:

    karapu jadakam serama karala den kayiwaaru gahanawa.

  7. කාගේද මේ ඇගිල්ල says:

    කාගේද මේ ඇගිල්ල – සුදු බණ්ඩාගේ ගේ ඇගිල්ල. කව්ද ගැහුවේ ඇගිල්ල මං ගලාගේ ඇහිල්ල. පස්සේ ගහපු ඇගිල්ල….ලෙව කාපන් ඇගිල්ල. . මහදවල් අපේ .බාර්ලිමේන්තුවේ ගහන….. මහා බැංකු ගැහිල්ල..ලෝකෙම නැති ගැහිල්ල. මේක මහා ලැජ්ජාවක් බං. බේසමේ පල්ල නෑ. අපේ වල්ලත් නෑ.පොල්ලත් නෑ. මුදල් ඇමැතිත් නෑ. දැන් සුකිරි බඩිල්ලා සින්දු කියනවා කාගේද මේ ඇගිල්ල….

Main News