කැබිනෙට්ටුව පත් කිරීම ගැන උණුසුම් විවාද.. තමන් විපක්ෂයට යන බව අගමැති මහින්ද කියයි..
April 18, 2022 at 10:02 pm | lanka C news
නව ඇමති මණ්ඩලය කිරීම සම්බන්ධයෙන් 17 රාත්‍රියේ පැවති සාකච්ඡා වටය දැඩි උණුසුම් ස්වභාවයක් ගත් බව වාර්තා වෙයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නවක මුහුණු රාශියකින් සමන්විත කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට තීරණය කර එම යෝජනාව මෙම රැස්වීමේදී ඉදිරිපත් කර ඇතත් මෙම යෝජනාවට එකහෙළා විරුද්ධ වී ඇති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු, ජනාධිපතිවරයාට පවසා ඇත්තේ ජනාධිපතිවරයා ගේ යෝජනා ක්‍රියාත්මක වුවහොත් තමන් විපක්ෂයේ වාඩි වන බවයි.
මෙහිදී ජනාධිපතිවරයා විසින් නව පත් කිරීම් සිදු කිරීම සඳහා පසුගියදා පත් කරන ලද කැබිනට් අමාත්‍යවරුන් සිව්දෙනාට සිය තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙසට යෝජනා කර තිබෙන බව ද වාර්තා වෙයි.
එම යෝජනාවට ද එක හෙළා විරුද්ධ වී ඇති අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසා ඇත්තේ මේ මොහොතේ කැබිනට් අමාත්‍ය ධුරය අත්හැර දැමීමට තමන් සූදානම් නොමැති බවයි.
ඒ අවස්ථාවේ දී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට පවසා ඇත්තේ කරුණු කාරණා මෙසේ සිදු වන්නේ නම් තමන් ඇතුළු කණ්ඩායමට විපක්ෂයේ වාඩි ගැනීම හැරෙන්නට වෙන විකල්පයක් නොමැති බවයි.
– හිරැ නිවුස්
අනේ වඳින්නම් සර් විපක්ෂයට එන්න එපා. දැන්වත් බල කෑදරකමයි ඇබ්බැහි වෙච්ච හොරකමයි අතහැරලා ගෙදර ගිහින් හෝ උගන්ඩාවට ගිහින් හෝ ඉන්න. අපි නඩු ටික ශේප් කරලා සමාව අරන් දෙන්නම්. සනුහරේ එක්ක එකතුවෙලා රටට කරලා තියෙන වින්නැහිය හොඳටම ඇති. නැත්නම් ගදාෆිට සදාම් හුසේන් වගේ තමයි මැරෙන්න වෙන්නේ. ජනතාව කුපිත වෙලා ඉන්නේ. තවත් ලේ වැගිරීමකට ඉඩ නොතියා සනුහරේම අරගෙන තොලොංචි වෙලා යන්න. ප්ලීස් සර්!
මහින්දට ඕන රට විනාස කරන කොමිස් ගහන වංචාකාරයන් තියාගන්න. ජොනිය වගේ උන් ඇමතිකම් දාල යන්න අකමැති ඒකයි.