කැබි රථය අලියාගේ හැපී පෙරලේ.. අයෙක් මියයයි.. තවත් අයෙකුට තුවාල…

August 22, 2018 at 2:28 am | lanka C news
කැබි රථය  අලියාගේ හැපී පෙරලේ.. අයෙක් මියයයි.. තවත් අයෙකුට තුවාල…

නාවුල සිට මොරගහකන්ද හරහා බකමූණ දක්වා ගමන් කල කැබ් රථයක් වන අලියෙකුගේ ගැටි කැබි රථය පෙරලි යෑමෙන් එම කැබ් රථයේ ගමන්ගත් දෙදෙනෙකු බරපතල ලෙස තුවාල ලැබිය.

ඔවුන්ව නාලන්ද රජයේ රෝහලට ඇත්ලත් කර ඇති අතර එයින් එක් තුවාලකරුවෙකු දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලට ගෙන ඒමෙන් පසු මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ එම වාහනය පැදවු කුරුණෑගල දොඩන්ගස්ලන්ද තොලඹුගොල්ල පදිංචි 27 හැවිරිදි මොහොමඩ් මලික් නැමැති අවිවාහක පුද්ගලයෙකි .

මෙම අනතුරෙන් තුවාල ලැබු 43 හැවිරිදි මොහමෙඩ් රාසික් නැමැත්තා මේවනවිට නාලන්ද රජයේ රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටියි.

නිරන්තරයෙන් වනඅලීන් ගැවසෙන මෙම පෙදෙසේ පාර හරහා ගමන්කල අලියෙකුගේ මෙම වාහනය හැප්පිමෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලීසිය සැකකරයි.

– මහින්ද දඹුල්ල

5,609 Viewers

One Comment to “කැබි රථය අලියාගේ හැපී පෙරලේ.. අයෙක් මියයයි.. තවත් අයෙකුට තුවාල…”

  1. rambanda says:

    අලිත් කලබල වෙලා වගේ නේද. බටහිර තානාපතිලා වගේ.

Main News