කැරලයින් ජූරි වසර 10-20ක් හිරේ… නීතිය මෙන්න…
April 9, 2021 at 10:00 am | lanka C news
ශ්රී ලංකා ලෝක රූ රැජිණ තේරීමේ තරගාවලියේ කිරුළ හිමිකරගත් පුෂ්පිකා ද සිල්වාගේ හිසෙන් එම කිරුළ බලහත්කාරයෙන් උදුරා ගැනීම සම්බන්ධයෙන් එල්ල වන බවට චෝදනා ඔප්පු වුවහොත් එම ක්රියාව සිදුකළ ලෝක විවාහක රූරැජිණ කැරොලීන් ජූරි ට එරෙහිව වසර 10 සිට වසර 20 දක්වා සිර දඬුවම් ලබා දීමට හා ඇගෙන් වන්දි අයකර ගැනීමට නියෝග කිරීමට අධිකරණයට හැකියාව ඇතැයි ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා සඳහන් කරයි.
කැරලයින් ජූරි ඒ අවස්ථාවේදී තමන්ට නොතිබුණු බලයක් පෙන්වා සිදුකළ බලහත්කාර කමක් මෙන්ම සොරාගැනීමක් සිදු කල බව පෙනෙන්නට තිබෙන බවද ඔහු පැවසීය.
මෙම ක්රියාව සිදුකළ තැනැත්තියට එරෙහිව බලහත්කාරකම් පෑම, බලෙන් ලබා ගැනීම, සොරා ගැනීම හා තුවාල සිදු කිරීම යන චෝදනා මත නඩු පැවරීමට හැකියාව ඇති බවද ඔහු කීය.
එපමනක් නොව එම තරගය සංවිධාන කළ සංවිධායක මණ්ඩලයට ද කැරොලින් ජූරි ට එරෙහිව නඩු පැවරීමට හැකියාව ඇතැයි ද ඔහු සඳහන් කළේය.
මෙම ක්රියාවේදී කැරලයින් ජූරි කළ කටයුත්ත කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද පෙන්වා දෙන ඒ මහතා ඇය මෙම කළ නින්දා සහගත ක්රියාව නිසා ලෝකය හමුවේ ශ්රී ලංකාව අපකීර්තියට පත් වී ඇතැයිද කියා සිටියේය.
රූපං ජීරතී මඡ්ඡානං… නාමගොත්ථං නජීරතී..
ලස්සන සැමදේ මොහොතක සුවදේ….
එහි කෙළවර දුකදේ…
rate dan lokuma prashnaya meka wageyi neda? Me kunu hampada gon atharen nommara eke gonaa thoranna tharangaya sanvidaanaya karapu amana thakkadi gon pimpiyaata palamuwenama danduwam kala yuthuyi!!
Hire? Dan hiragedara lokko balan innawa athi kopu ehema soojaanam koragena. raajakaarya hithe hatiyata koranna!
යකෝ මේක මාර නීතියක්නෙ. මිනීමරුවන්ට ත් අවුරුදු 20යි. ස්ත්රී දූෂකයන්ට අවුරුදු 10 – 15. මේ මගුල ගැලෙව්වා ට අවුරුදු 10 – 20 ක්. රෙද්දක් එහෙම ගැලෙව්වා නම් කොහොම තියෙයිද? එහෙනම් එල්ලුම් ගහ තමයි.
maxa comment.. lol..
පට්ට
Ranja eliye hitiyanam hondai kiyala hithenawa.