කැලෑබද ප්‍රදේශයක මිනිස් ඇටසැකිල්ලක්…
September 15, 2018 at 2:02 am | lanka C news
යාපනය, කන්කසන්තුරය දුම්රිය ස්ථානය ආසන්න පිහිටි කැලෑබද ප්‍රදේශයක තිබි මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමු වී ඇති බවට යාපනය කන්කසන්තුරය පොලීසිය පැවසීය.
කන්කසන්තුරෙයි පොලීසියට ලද තොරතුරක් මත අදාල අස්ථි කොටස් සොයාගෙන ඇති අතර එම අස්ථි වැඩිහිටි පුද්ගලයෙකුගේ බවට සැක පල කරන බවට කන්කසන්තුරෙයි පොලීසිය කියා සිටි අතර සිද්ධිය සම්බන්ධයෙන් යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය දැනුම් දී ඇත.
අදාළ අස්ථි මාසයකට වඩා පැරණි ඒවා වන බවට පොලීසිය සැක පළ කරන අතර, අස්ථි කොටස් හමුවු ස්ථානය යාපනය මල්ලාකම් වැඩ බලන මහේස්ත්‍රාත් ඒ.ඇලෙක්ස්රාජා මහතා විසින් නිරීක්ෂණය කොට සිටියේය.
සොයාගත් අස්ථි කොටස් අධිකරණ වෛද්‍ය නිලධාරි පරීක්ෂණ වෙනුවෙන් යාපනය මහ රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති අතර පොලිසිය පැවසූවේ අදාළ අස්ථි කොටස් සම්බන්ධයෙන් තවමත් නිශ්චිත ප්‍රකාශයක් සිදුකළ නොහැකි බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් කන්කසන්තුරය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ