කැලෑවක සැගව සිටි මංකොල්ලකරුවන් අත්අඩංගුවට..

August 3, 2020 at 8:02 am | lanka C news
කැලෑවක සැගව සිටි මංකොල්ලකරුවන් අත්අඩංගුවට..

යාපනයේ ප්‍රදේශ රැසක ගෙවල් මංකොල්ල කන ලද පොලීසිය විසින් සොයමින් සිටි ප්‍රභල කොල්ල කරුවන් දෙදෙනකු කැලෑවක සැඟව සිටියදී තියුණු ආයධ හා රත්තරන් සමගින් අත්අඩංගුවට ගත් බවට මාණිප්පායි පොලීසිය පවසයි.

කන්කසන්තුරෙයි පොලිස් නිලධාරීන් පිරිසකට මාණිප්පායි කට්ටුඩෙයි ප්‍රදේශයේ අදාල කොල්ලකරුවන් වෙල්යායක පිහිටි කැලෑබද ප්‍රදේශයක සැඟව සිටින බවට ලැබුනු තොරතුරකට අනුවඑහි නිලධාරීණ් පිරිසක් විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී අදාල කොල්ලකරුවන් කැලෑවේ කුඩාරමක් ඉදිකොට එහි සැඟව සිටියදී මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.

කොල්ල කරුවන් අත්අඩංගුවට පත්වන අවස්ථාවේදීද ඔවුන් සතුව තිබී දිග කඩුවක්, රත්තරන් තිබී හමු වී ඇති අතර යාපනය පලෙයි, ඉලවාලෙයි, මාණිප්පායි, තෙලිප්පලෙයි යන ප්‍රදේශයන්හි සිදු වූ කොල්ල කෑම් සම්බන්ධයෙන් පොලීසිය සොයමින් සිටි සැකකරුවන් බවටද අනාවරනය වෙයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය කට්ටුඩෙයි සහ නවාලි ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 22 හා 26 යන වයස්හි පසුවන අතර ඔවුන් අධකරණයට ඉදිරිපත් කිරීමටද පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදුකරන මාණිප්පායි පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

64 views
Main News