කැස්බෑවේ ඇගළුම් කර්මාන්තශාලාවකින් ඩෙල්ටා පොකුරක්.. ආසාදිතයන් 120ක්…

July 20, 2021 at 6:57 pm | lanka C news
කැස්බෑවේ ඇගළුම් කර්මාන්තශාලාවකින් ඩෙල්ටා පොකුරක්.. ආසාදිතයන් 120ක්…

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් පස්දෙනෙකු කැස්බෑව ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් හඳුනාගෙන තිබේ.

කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියා සිටියේ එම ආසාදිතයන් පස් දෙනා ඇතුළු ආසාදිතයන් 120 විසිදෙනකු එම කර්මාන්තශාලාවෙන් හඳුනාගත් බවයි.

ඩෙල්ටා ආසාදිත පුද්ගලයෙකු පෙරේදා දිනයේ එම කර්මාන්තශාලාවෙන් හඳුනාගැනීමෙන් පසු 166 දෙනකුට සිදුකරන පරීක්ෂණ වලින් මෙම ආසාදිතයන් හදුනාගෙන ඇත.

62,276 views

4 Comments to “කැස්බෑවේ ඇගළුම් කර්මාන්තශාලාවකින් ඩෙල්ටා පොකුරක්.. ආසාදිතයන් 120ක්…”

  1. Anuradha says:

    දැන් ඉතින් මුන්ව උපාලි අයාතනයට භාරදෙන එකයි ඇත්තේ ටොෆි කොළවලට ඔතා දෙන්න කියලා.වෙන මොනවා කරන්නද අලුත්ම කෑන්ඩොස් ටොෆි කියා.

  2. SL says:

    වැඩ කරන්න එන 30 ට අඩු දරුවන්ට වක්සින් දෙන්න ඕනේ. හරි අසාධාරණයක් වෙනවා ඒ දරුවන්ට.

  3. aniwa says:

    where is our Lokuge sir when we need you most ?
    Lokuge sir, Lokuge sir !

  4. Xi Jin Ping says:

    Sinopharm is the answer..

Leave a Comment