කැස්බෑව බේරාගත නොහැකි බව සෞඛ්‍ය බලධාරිනිය නිවේදනය කරයි.. ආසාදිතයන් 30%යි…

May 14, 2021 at 12:02 am | lanka C news
කැස්බෑව බේරාගත නොහැකි බව සෞඛ්‍ය බලධාරිනිය නිවේදනය කරයි.. ආසාදිතයන් 30%යි…

කැස්බෑව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ තුල කොරෝනා ආසාදිත මරණ වේගයෙන් ඉහල යමින් පවතින බව එහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී සමන්තිකා විජේසුන්දර මහත්මිය සඳහන් කරයි.

දැනට එම ප්‍රදේශයෙන් දිනකට කොරෝනා මරණ දෙකක් වාර්තාවන බවත් ඊළඟ සතියේ තවත් ඉහල යනු ඇති බවත් ඇය පැවසීය.

දැනට පවතින තත්ත්වය අනුව දිස්ත්‍රික්කයම ලොක්ඩවුන් කළ ද බේරා ගැනීමට අපහසු තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ද ඇය කියා සිටියි.

මෙතෙක් එම ප්‍රදේශයේ ආසාදිතයන් වාර්තාවීම අඩුවීමක් පෙන්නුම් නොකරන බවද පවසන ඇය මෙතෙක් සිදුකරන ලද පරීක්ෂණවලින් 30%ක් කොරෝනා ආසාදිතයන් යයි හෙළි වී ඇතැයිද කියා සිටියාය.

102,814 views

47 Comments to “කැස්බෑව බේරාගත නොහැකි බව සෞඛ්‍ය බලධාරිනිය නිවේදනය කරයි.. ආසාදිතයන් 30%යි…”

  1. නුවන් says:

    කැස්බෑවේ ඉදන් ලොක් ඩවුන් මමත් මේකට කොමෙන්ටු දෙකක් විතර දාලා තියනවා, කියන අයට ඇහෙන්නෙත් නැහැ. පොලිසිය විසින් පටි ‌හෝ වෙනත් දැන්වීම් යොදා අවහිර කරන ලද මාර්ග, එම බාධක පසකට තල්ලු කර දමා හෝ කඩා දමා සංචරණය කරන පිරිස් සිටින බව. ඒ වාගේම නිරෝධායනය වන හයිකාරයන් වගේ ඉන්න අය එලියට බැහැලා කඩවලට එන බව. මේවා නවත්වන්න අවශ්‍යයි නේද?

  2. ආර්.වී. ප්‍රනාන්දු says:

    නුගේගොඩ සිට පරණ කොට්ටාවට යනවිය පොලීසිය පසු කරන ගමන් ම කනත්ත පැත්තට යන්න තියන පාරේ කනත්ත පසුකර ගෙන අනිත් පසින් නැවතත් ‌පරණ කොට්ටාවට සම්බන්ධ වන පාර දිගේ යන විට කට්ටියක් හිස් ඉඩමක ජයටම ක්‍රිකට් ගහනවා. පැත්තේ අය කියන්නේ කිව්වාට වැඩක් නැහැ කියලා

  3. sumudu says:

    සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී සමන්තිකා විජේසුන්දර ගේ දුර්වල වැඩපිළිවල මීට ප්‍රධානම හේතුවයි . වහා වෙන කෙනෙක් පත් කරන්න .

    • Ranjith says:

      අහසින් වැටිල ඇවිත් ද මේ කමෙන්ට් එක දැම්මෙ. නැතිනම් කාට හරි කඩේ යන වද?

  4. එරාජ් says:

    Thank you LOKUGE!

Main News