කැසිනෝ රජු ජෙම්ස් පැකර්ට කොළඹ ඉඩම අනුමතයි.. ආණ්ඩුව අතින් සල්ලිත් දෙයි..

March 16, 2017 at 11:33 pm | lanka C news
කැසිනෝ රජු ජෙම්ස් පැකර්ට කොළඹ ඉඩම අනුමතයි.. ආණ්ඩුව අතින් සල්ලිත් දෙයි..

ලෝ ප‍්‍රකට කැසිනෝ ව්‍යාපාරික ජෙම්ස් පැකර්ට හෝටලයක් ඉදිකිරීම සදහා කොළඹ කොම්පඤ්ඤවීදියේ ඉඩමක් ලබා දීමට පෙරේදා දිනයේ කැබිනට් අනුමැතිය හිමිව ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා හිරු රූපවාහිනියේ බලය වැඩසටහනේදී කියා සිටියේය. මෙම ඉඩම සමග ආන්ඩුව විසින් මුදල් ගෙවීමක්ද කර ඇතැයි මන්ත‍්‍රීවරයා කීය.

වැඩසටහනට සහභාගී වූ නියොජ්‍ය ඇමති අජිත් පී පෙරේරා මහතා කියා සිටියේ පැකර් ආවාට කැසිනෝ දාන්නේ නැති බවයි.

එදාද විරුද්ද වූයේ පැකර්ට නොව කැසිනෝ සූදුවට බවද කී ඔහු පැකර්ගේ ආයෝජනයන්ට විරුද්ද නැතැයිද කියා සිටියේය.

74 views