කැසිනෝ රජු ‘ජෙම්ස් පැකර්’ යලි එයි.. කොලඹ ඉඩමක් ටෙන්ඩර් නැතිවම දෙයි..
March 8, 2017 at 3:50 pm | lanka C news
ලෝ ප්‍රකට කැසිනෝ ව්‍යාපාරික ‘ජේම්ස් පැකර්’ නැවත මෙරට ආයෝජනය කිරීමට සූදානමින් සිටින බවට මාධ්‍ය වාර්තා පලවෙමින් ඇත.
ඒ අනුව පැකර්ගේ මෙරට නියෝජිතයා වන ප්‍රකට ව්‍යාපාරික රවී විජේවර්ධනට නාගරික සංවර්ධන අධිකාරයේ ඉඩමක් ටෙන්ඩර් කැඳවීමක්ද සිදු නොකර ලබා දී ඇති බවද එම වාර්තාවන්හි දැක්වෙයි.
මෙසේ ලබා දී ඇත්තේ කොළඹ ලේක්හවුස් ආයතනය ඉදිරියේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩමකි.