කැසිනෝ රජු මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරය අපේක්ෂාවෙන් කැසිනෝ ව්‍යාපාරයෙන් ඉවත් වීමට තීරණය කරයි…

February 25, 2019 at 6:26 am | lanka C news
කැසිනෝ රජු මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරය අපේක්ෂාවෙන් කැසිනෝ ව්‍යාපාරයෙන් ඉවත් වීමට තීරණය කරයි…

මෙ රටේ ප්‍රධාන පෙළේ කැසිනෝ ව්‍යාපාරය හිමිකරුවකු තමගේ ආරම්භක ව්‍යාපාර වන කැසිනෝ සුදු ව්‍යාපාර වලින් ඉවත් වීමට තීරණය කොට ඇති බව වාර්තා වෙයි.

ඊළඟට පිහිටවන රජයක් තුළ මේ රටේ ප්‍රධානතම වගකිවයුතු රාජ්‍ය නිලධාරී තනතුර වන මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධූරය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් එම තීරණය ගෙන ඇතැයි පැවසෙයි.

මේ සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා කිහිපයකදී ඔහු පවසා සිටියේ මුදල් අමාත්‍යංශ ලේකම් ධූරය ලබා දෙන්නෙ නම් මාස තුනක් ඇතුලත අපේ රටේ ඇති ආර්ථික මෙන්ම සමාජ ප්‍රශ්න විසදීමට ඔහුට හැකියාව ඇති බවය.

මෙහිදී විශේෂයෙන් ම ඔහුට එම තනතුරු භාර ගැනීමට බාධාවක් ව තිබෙත තමාට හිමි ප්‍රධාන පෙළේ කැසිනෝ සූදු ව්‍යාපාර දෙක වසා දැමීමට හෝ තමාගේ හිතවතෙක්ට ලබාදීමට තීන්දු කර ඇත.

එමෙන් ම ඉදිරි මාස කිහිපය තුළ ජනතාව දැනුවත් කිරීමේ ප්‍රධාන පෙළේ දේශන කිහිපයක් ඔහු විසින් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කොට ඇති අතර ඒ අනුව නුදුරේදීම ඉන් පළමු වැන්න නෙලුම් පොකුණ රඟහලේදී 1500 ක පමණ පිරිසක් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයිද වාර්තා වෙයි.

ඉදිරි ඕනෑම රජයක් තුළ මුදල් අමාත්‍යාංශ ලේකම් ධූරය තමා වෙත ලබා ගෙන ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම ඔහු ගේ අපේක්ෂාව බව ව්‍යාපාර ලෝකය තුළ සාකච්ඡා වෙමින් පවතී.

210 views

26 Comments to “කැසිනෝ රජු මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරය අපේක්ෂාවෙන් කැසිනෝ ව්‍යාපාරයෙන් ඉවත් වීමට තීරණය කරයි…”

  1. SL says:

    So ,what let him do it.He is more capable for the position. rather than 10th grade failed MPs or AL passed MPs he is doing his service to the nation

  2. SHAN79 says:

    Great

  3. බන්ඩා says:

    ඔය කියන කැසිනෝ කාරයා ප්‍රවාහන අමාත්‍යංසෙ ලේඛම් වෙලා හිටියනෙ. නමුත් පොදු ජනයාගේ ප්‍රවාහන සේවයේ දියුනුවට විශ්ව කර්ම වැඩ තියා ඇහැට පෙනෙන වැඩක් වත් කලේ නැහැ. ඔය කැසිනෝ කාරයා අති දක්ෂ ව්‍යාපාරිකයෙක් බව නම් අවිවාදයෙන් පිළිගන්නවා. නමුත් පලදාය් ලෙස රාජ්‍ය සේවය හසුරවන එක කපට් ව්‍යාපාරික ඥානයෙන් කොරන්න බැහැ. මොවුන් කල යුත්තේ බිල් ගේට්ස්ල වොරන් බෆට්ල වගේ සමාජ සේවයය්.

    මේ රටට අමතක නොවන වැඩ රාශියක් කලේ ගෝටය්. මොහු එවැන්නෙක් නෙවෙය්.

    • Hesh says:

      නිකන් ඉදපන්. උතුරේ කෝච්චි පාරේ වැඩ පටන්ගත්තෙත් දම්ම්පික පෙරේරා ප්‍රවාහන අමාත්යාන්ශයේ වැඩ කරනකොට තමයි. ඔය චම්පිකයා උගේ වගේ විවුර්ථ කරගෙන යන බහුකාර්ය ප්‍රවාහන මද්යස්ථාන පටන්ගත්තෙන් ඒ කාලේ. ලන්ගම A/C බස් පටන්ගත්තෙත් ඒ කාලේ. මතක තියාගන්න අමාත්ය ලේකම් කෙනෙක්ට ඔලුවේ තියෙන හැම දේම කරන්න බෑ. ඒකට මුදල් අමාත්යාන්ශෙන් සල්ලි පාස් වෙන්නත් ඕනෙ.

    • ජෝ සිම් says:

      ඔය කැසිනෝ කාරයා මේ රටේ අනෙක් සාමාන්‍ය ව්‍යාපාරිකයන් මෙන් සාමාන්‍ය අයෙක් මිස දැන් පෙන්නන්න හදන විදියේ බිල් ගේට්ස් කෙනෙක් නෙමෙයි. මිනිහා ගේ ඇචීව්මන්ට්ස් අතරින්, කලු සල්ලි එහා මෙහා කිරීම හරහා ලබා ගත් ජයග්‍රහණ ටික පැත්තකට දාලා, නීත්‍යානුකූල ව්‍යාපාර හරහා අත්පත් කර ගෙන ඇති ජයග්‍රහණ මොනවා ද කියලා බැලුවොත් මිනිහා අපේ රටේ තවත් එක් සාමාන්‍ය ව්‍යාපාරිකයෙක් පමණයි. මහ ලොකු වැඩ කාරයෙක් නෙමෙයි. (ජෝ සිම් දාලා ගිය – නැතිනම් ජෝ සිම් ට දාලා යන්න සිදු වුනු – ජැක්පොට් කෙලියන් තමයි මිනිහා මුලින් ම සල්ලි ටිකක් අත පත ගාන්න්න පටන් ගත්තේ. මිනිහාට පරණ වාසනාවක් තිබුනා වෙන්න පුළුවන්. හැබැයි මහ ලොකු ටැලන්ටඩ් / ක්‍රියේටිව් මිනිහෙක් නම් නෙමෙයි.) ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේඛම් වෙලා හිටපු කාලෙත් කළේ බොහොම සාමාන්‍ය වැඩ. මිනිස්සුන් ට මතක හිටින විදියේ කිසිම දෙයක් කරන්න අපොහොසත් වුනා. ඒ වගේ දෙයක් කරන්න අවශ්‍ය කරන intuition, imagination, ideation, innovation වගේ මොනවවත් මිනිහා ගාව නෑ. එහම කුසලතා තියෙන මිනිස්සු කැසිනෝ, කලු සල්ලි, ආණ්ඩුවේ කොන්තරාත් වගේ දේවල් පස්සේ යනවා හරි අඩු යි.

  4. Gayantha says:

    දම්මික ! ඒක ඉතින් එයාගේ කැමත්ත. කැසිනෝ කියන්නේ ඉතින් සල්ලි ආකාර තමයි. දැන් ඉතින් ඒකෙන් හොදට හොයලා ඇති වගේ හිතෙනවා ඇති. කැසිනො, ස්කාගාරය, දුම්කොළ සන්ස්තාව සහ බාර් රජයට පවරගෙන කරනවා නම් ආන්ඩුවට සහනාධාර සහ වියදම් වලට හොද ආදයමක් හොයා ගන්න පුලුවන් මිනිස්සුට කිසිම සේවාවක් නොදී බදු ගහනවට වඩා.

  5. mp says:

    I think he’s good… but Trump also was very good in business, but failed as a politician/ruler… so the best is to interrogate him by journalists/public on hi plans and role…

  6. සිංහල බන්ඩා says:

    කැසිනෝ කාරයින්ගෙ මොලේ වැඩ කරන්නෙ අඩු වැඩි ලෙස ජනතාවගේ ධනය සූරා කෑමටය්. ඔවුන්ට හිටපු මුදල් ලේඛම් ජයසුන්දර වැනි රාජ්‍ය සේවකයන්ට තිබූ හැඟීම හෝ දැක්ම නැහැ. මමත් ව්‍යාපාරිකයෙක් රජයේ සේවකයෙක් නෙවෙය්. අවංක සාර්ථක ව්‍යාපාරිකයෙකුට එයාර් ලංකා වැනි ලාබ බලාපොරොත්තු වන රජයේ ආයතන සංස්ථා බාර දෙන එක හොදය්. නමුත් පොදුවේ ව්‍යාපාරිකයන්ට අමාත්‍යංසයක් සාර්ථකව කොරන්න බැරි බවය් මගේ අදහස.

  7. S. Vitharana says:

    Excellent news. We need a brain like this to rescue Sri Lankan economy. I wish him well.

  8. kawinda says:

    Secretary to a ministry should be a SLAS senior officer. There many senior and well experienced capable higher grade officer in the administrative service.

  9. Peminda Jayasekara says:

    Yes, let him to do.
    Believe he can do better than current SLSA people.

  10. kawinda says:

    bullshit… !

Main News