කැසිනෝ විධිමත් කරන්න කැබිනට් අනුමැතිය..

July 5, 2022 at 1:20 pm | lanka C news
කැසිනෝ විධිමත් කරන්න කැබිනට් අනුමැතිය..

මෙරට තුල කැසිනෝ කර්මාන්තය විධිමත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවේ දැක්වෙන්නේ දැනට කැසිනෝ ව්‍යාපාරයේ යෙදෙන ආයතනවලින් බදු අයකරගැනීම මෙමගින් බලාපොරොත්තු වන බවයි.

2010 අංක 17 දරණ කැසිනෝ ව්‍යාපාර පනත යටතේ නියෝග නිකුත් කිරීමට හා 1988 අංක 40 දරණ ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනතට යෝග්‍ය සංශෝධන හඳුන්වා දීමටද මෙම යෝජනාව මගින් කටයුතු කර ඇත.

29,668 views

10 Comments to “කැසිනෝ විධිමත් කරන්න කැබිනට් අනුමැතිය..”

  1. Gamini says:

    Casino dammika gama

  2. Himali says:

    කැසිනෝ සුදුව නංවන්න කියලා මේ හදිසියේ කෝටි ගණන් ජනතා බදු මුදල් වියදම් කිරීම අති විශිෂ්ටයි

    • බුද්ධියේ විමසුමට says:

      මේක ඇමරිකානු ඩොලර් මිලියන 500ක 600ක බිස්නස් එකක්. මේ බිස්නස් එකට එන්නේ ලෝකෙ නැව් සමාගම් වල හා බහුජාතික සමාගම් වල අයිති විදේශීය සංචාරකයන් ඒගොල්ලො ඩොලර්වලින් කැසිනෝ ගහලා දින්නත් පැරදුනත් කමිශන් එක රටේ තියලා යනවා. එය ඕනෑම රාජ්‍යයක.විශාල බදු ආදායමක්ගෙ. ඒ වගේම විශාල බදු ආදායමක් ගෙවන විදේශීය අය පමණයි මේකට සහභාගි වෙන්නේ. සාමාන්‍ය ශ්‍රී ලාංකිකයන්ට මේවා විවෘත නෑ. ඒ මිනිස්සු කැසිනෝ ගහන්න ඒ මිනිස්සුන්ට තියෙන අතිරික්ත සල්ලි වලින්. ඒක සමස්ත රටේ තියලා ගියා කියලා ගැටලුවක් දකින්නේ නෑ. නමුත් කිරිපිටි පැකට් එකක් වත් ගන්ඩ බැරි මනුස්සයාට රේස් බයි රේස් බුකි වලට ඔට්ටු අල්ලන්ඩ යන එක තහනම් කළ යුතුයි. මක්නිසාදයත් පිටි පැකට් එක ගන්න තියෙන සල්ලි වලින් ඒ මනුස්සයා රේස් දැමීමෙන් සිද්ධ වන්නේ තවත් එම පවුල අගාධයට යෑමයි. මෙවැනි සාර්ථක ව්‍යාපෘතීන් ලෙස සිංගප්පූරුවේ marina bay sands ගත හැකියි. ඕනෑම මහජනතාවට ප්‍රතිලාභයක් එන ව්‍යාපෘතියක් දැනුවත් කරලා කරනවානම් ප්‍රශ්න අවම කරගත හැකි වෙනවා.

  3. S. Vitharana says:

    අපි නම් දන්නවා ගොනා හැරෙන්නේ පැලේ කන්නම කියලා.

  4. shanika says:

    කැසිනෝ රජා ධම්මික පෙරේරා ඇමතිතුමා වැඩ ආරම්භ කරලා

  5. පෙරටුගාමී ජෙප්පා says:

    මට තාම හිතාගන්න බැහැ ඇයි ජෙප්පො casino වලට අකමැති කියල… යකෝ අච්චර දියුණු ඇමරිකාවෙත් las vegas කියල වෙනම නගරයක් තියෙනව casino වලට වෙන් වුණු… යකෝ සුද්දොන්ට මුහුද පෙන්නල කදු පෙන්නල dollars හෙව්වට ඒ හම්බෙන ටික හැරෙන්නවත් මදි. ගොඩක් ලංකාවෙ සිරි නරඹන්න එන සුද්දො හිගන්නො… උන් එන්නෙ හන්දියෙ කඩෙන් ඉදි ආප්පන්කාල වේල ශේප් කරගන්න.. ඒ වගේ නෙවෙයි casino වලට එන අය.. ඒ අය එන්නෙ ඩොලර් දහස් ගණන් වියදම් කරල යන්න.. මේ ජෙප්පො නම් ශාපයක්.. ලංකාවෙ private university අරින්න දුන්නෙ නැ… දැන් හැම අවුරුද්දෙම දහස් ගණන් පිට රටට යනව ඒ රටවල් වල private universities වලින් ඉගෙන ගන්න.. මුන් දන්නෙ උන්ගෙ මහප්පල කියන කියන විදිහට උද්ඝෝෂණ කරන්න විතරයි…

  6. සුදුවට මුල් තැන. says:

    කැසිනෝ විෂය උසස් පෙල විෂය ධාරාවට ඇතුලත් කර අනිවාර්‍යය විෂයක් කරමු. ඒ තුලින් උසස් පෙළ සමත් අයට රැකියා පහසුකම් සැලසේ.

  7. john the Baptice says:

    දම්මිකයා ආවේ නිකන් අත ලෙවකන්න නොවේ 9 වෙනිදා මුන්ව පන්නමු

Main News