කැළණි ගගේ ජල මට්ටම ඉහළ යයි.. මුදා ගැනීමේ කටයුතු සූදානම්..

May 27, 2017 at 8:02 am | lanka C news
කැළණි ගගේ ජල මට්ටම ඉහළ යයි.. මුදා ගැනීමේ කටයුතු සූදානම්..

අධික වර්ෂාව හේතුවෙන් කැලණි ගගේ ජලය කොළොන්නාව අඹතලේ සිට සේදවත්ත දක්වා පිටාර මට්ටමට පැමිණි ඇති හෙයින්. හදිසියේ ඇතිවිය හැකි ආපදා තත්වයන්ට මුහුණ දීම පිණිස , කොළොන්නාව ආපදා සම්බන්ධිකරණ කමිටුව පාර්ලිමේන්තු මන්‍ත්‍රී එස්.එම්.මරික්කාර් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

* ගංවතුර තත්වයට ඇතිවිය හැකි කලාප වල ජනතාවට ඉවත් වීමට නිවේදන ලබා දීම,
* ඉවත් වන ජනතාවට නවාතැන් පහසුකම් සැපයීම පිණිස මධ්‍යස්ථාන ඇති කිරීම
* ඔවුන්ට අවශ්‍ය ආහාර පාන සහ සනීපාරක්ෂක පහසුකම් සපයා දීම
* ගංවතුර තත්වයන්ට මුහුුණ දීම සදහා අවශ්‍ය බෝට්ටු ලබා ගැනීම
*ජලය බැසයන ඇළ මාර්ග අවහිර වීම් ඉවත් කිරීම

ආදී අත්‍යාවශය කරුණු පිළිබද සාකච්ඡා වූ අතර, ජනතාවට පහත සදහන් ස්ථාන වල කඩිනමින් ආපදා සහන මධ්‍යස්ථාන 20 ක් පිහිටුවීම කරනු ලැබේ.

දෙල්ගහවත්ත ජිනවංශාරාමය/කොටිකාවත්ත රාජසිංහ විද්‍යාලය/කොටිකාවත්ත නාගරුක්ඛාරාම විහාරය/ගල්වාන පුරාණ විහාරය/ කොටිකාවත්ත ශ්‍රී සරණංකර විහාරය/අංගොඩ රාහුල විද්‍යාලය/එදීරිවීර සරච්චන්ද්‍ර විද්‍යාලය/මණ්ඩවිල අභිනවාරාමය/කැලණිමුල්ල විශ්‍රාම ශාලාව/ගොතටුව කන්දේ විහාරය/වැල්ලම්පිටිය විද්‍යාවර්ධන විද්‍යාලය/වෙහෙරගොඩැල්ල පුරාණ විහාරය/ගොතටුව මහා විද්‍යාලය/ විමලාරම පුරාණ විහාරය/කොටිකාවත්ත සෝමාදේවී විද්‍යාලය/ඔරුගොඩවත්ත සාංචි විහාරය/හේනේවත්ත පුරාණ විහාරය/ කොටිකාවත්ත ධර්මපාල විද්‍යාලය

කෙසේ වෙතත් අඹතලේ සිට නව කැළණි පාලම දක්වා සියළුම ජනතාවට අවධානයෙන් සිටින ලෙස කොළොන්නාව ආපදා කළමණාකරණ සම්බන්ධිකරණ කමිටුව ඉල්ලා සිටී.

– මිනුර රෂාන්ත

110 views

4 Comments to “කැළණි ගගේ ජල මට්ටම ඉහළ යයි.. මුදා ගැනීමේ කටයුතු සූදානම්..”

  1. බන්ඩය්යා says:

    කැලගි ගඟ අවට කිසිම මුස්ලිම් පල්ලියක් සහන මධ්‍යස්තානයක් ලෙස ඉහත ලැය්ස්තුවේ නම් කර නැත. මුස්ලිම් පල්ලි හඳ බලල රමදාන් සමරන්න මුසල්මනයන්ට පමනක් මරික්කාර් වෙන් කරලද?

  2. ජසයා says:

    “දේවො වස්සතු කාලේන – සස්ස සම්පත්ති හේතු ච
    පීතො භවතු ලෝකෝච – රාජා භවතු ධම්මි කෝ”

    යන බුදු වචනයේ ගැඹුරු අරුතක් ඇත. රජය ධාර්මිකව හැසිරීම, ලෝකයට පියෙක් බඳු වන කල්හි, සියළුම සම්පත් සහිතව නිසි කලට වැසි වසීවි. එසේනම් මේ විනාශකාරී වැස්සෙන් පෙන්නුම් කරන්නේ, අදැහැමිව රාජ්‍යය කරන කල්හි දෙවියන් පවා විනාශකාරී වැසි වස්සවන බව නොවේද?

  3. ජසයා says:

    “දේවො වස්සතු කාලේන – සස්ස සම්පත්ති හේතු ච
    පීතො භවතු ලෝකෝච – රාජා භවතු ධම්මි කෝ”

    යන බුදු වචනයේ ගැඹුරු අරුතක් ඇත. රජය ධාර්මිකව හැසිරීම, ලෝකයට පියෙක් බඳු වන කල්හි, සියළුම සම්පත් සහිතව නිසි කලට වැසි වසීවි. එසේනම් මේ විනාශකාරී වැස්සෙන් පෙන්නුම් කරන්නේ, අදැහැමිව රාජ්‍යය කරන කල්හි දෙවියන් පවා විනාශකාරී වැසි වස්සවන බව නොවේද?

  4. clem says:

    me vage velavata vadiyen natanna ona kiyala hithenna athi

Main News