කැළණි ගග පිටාර ගලයි.. කොළඹට ගංවතුර..

November 9, 2021 at 8:40 am | lanka C news
කැළණි ගග පිටාර ගලයි.. කොළඹට ගංවතුර..

රට පුරා ප්‍රදේශ ගණනාවකට බලපා ඇති දැඩි වර්ෂා තත්ත්වය නිසා ගංගා කිහිපයක් පිටාර ගලමින් තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ කැළනි ගග පිටාර ගැලීම හේතුවෙන් කොළඹ දිස්ත‍්‍රික්කයේ කඩුවෙල, කොලොන්නාව ඇතුළු බියගම, වත්තල, රුවන් වැල්ල දෙහිඕවිට, සීතාවක වැනි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පහත්බිම්වල සුළු ගංවතුර අවධානමක් පවතින බවයි.

මහඔයේ ජල මට්ටම ඉහළයාම මතා වරදගොල්ල, නාඋල්ල, දිවුල්දෙණිය, වැලිහිද ග්‍රාමසේවා ප්‍රදේශද අලව්ව, මීරිගම, වෙන්නප්පුව, මීගමුව සහ කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම්ද ජලයෙන් යටවීමේ අවදානමක් ඇතිව තිබේ.

කළු ගග, නිල්වලා ගග, සීතාවක ගඟ ද පිටාර මට්ටමේ පවතින අතර ඇතැම් ස්ථානවල පහත් බිම් ජලයෙන් යටවීමේ අවදානම් ඇතැයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව දන්වයි.

45,524 views

4 Comments to “කැළණි ගග පිටාර ගලයි.. කොළඹට ගංවතුර..”

  1. Susantha says:

    කාලකණ්නි දූෂිත පාලකයෝ පත්වුනාම සොබාදහමත් ඕකුනට එරෙහි වෙනවා, මිනීමරලා බොරු කරලා නයි නටවලා ආන්ඩු අරගෙන කල එකම දේ තමන්ගේ නඩු ටික යට ගහපු එක, ගජමිතුරන්ට බිලියන ගනන් බදු මුදල් කොල්ල කන්න දුන්නු එක විතරයි

    • MD says:

      ඵතකොට කවදද අප්පේ ඵහෙම නැති පාලකයන් හිටියේ.ඔයා ලංකාව ගැනද කියන්නේ?

  2. Anuradha says:

    තව තවත් රැම්සා භුමි ගොඩකරපල්ලා එකරලා පිට්ටනි,එළි පෑඩ් සදපල්ලා එතකොට වතුර ලස්සණට කන් දේකෙන් බැසයාවී උබළා මහා මෝඩ තකතීරු බල්ලෝ.

  3. Islander says:

    ඔය කොළඹ ටවුන් එක යටවෙන සීන් එක හැමදාම වෙනවා..ඕවා හදන්නෙ කවද්ද? ලෝකයෙ අනිත් රටවල් එක්ක බලද්දි අපි මොනාද මේ කරන්නෙ????