කැළණි ගග වේගයෙන් ඉහලට.. ගංවතුර අවදානමක්.. ඉවත් වන්න සූදානම් වන්න..

May 26, 2017 at 5:00 pm | lanka C news
කැළණි ගග වේගයෙන් ඉහලට.. ගංවතුර අවදානමක්.. ඉවත් වන්න සූදානම් වන්න..

ඉදිරි පැය හයක කාලයේදී වර්ෂාව තව දුරටත් ඇද වැටුනහොත් කැළණි ගඟ පිිටාර ගලා ගංවතුර තත්වයක් ඇති විය හැකි යයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියා සිටී.

මේ නිසා ගඟ දෙපස ජනතාව විමසිලිමත්ව සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර ජූනි මස 02 වැනි දින දක්වා ලංකාිවේ නිරිත දිග කලාපයට තද වැසි ඇතිවිය හැකි යයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

66 views

3 Comments to “කැළණි ගග වේගයෙන් ඉහලට.. ගංවතුර අවදානමක්.. ඉවත් වන්න සූදානම් වන්න..”

  1. ජසයා says:

    “දේවො වස්සතු කාලේන – සස්ස සම්පත්ති හේතු ච
    පීතො භවතු ලෝකෝච – රාජා භවතු ධම්මි කෝ”

    යන බුදු වචනයේ ගැඹුරු අරුතක් ඇත. රජය ධාර්මිකව හැසිරීම, ලෝකයට පියෙක් බඳු වන කල්හි, සියළුම සම්පත් සහිතව නිසි කලට වැසි වසීවි. එසේනම් මේ විනාශකාරී වැස්සෙන් පෙන්නුම් කරන්නේ, අදැහැමිව රාජ්‍යය කරන කල්හි දෙවියන් පවා විනාශකාරී වැසි වස්සවන බව නොවේද?

  2. SAPU says:

    ගමරාල රටට කරන විනාශයට සොභාදහමෙන් අනතුරු හැගවීමක් ….පාලකයින් අධර්මිෂ්ට වනවිට මෙවැනි විපත් සිදුවෙනවා
    සරලව, අව්‍යාජව ජීවත්වනවිට
    සොභාදහම අපව රැක ගන්නවා.
    අපට අවශ්‍ය දේවල් ලබා දෙනවා.
    අහිමිවීමටත් ඔරොත්තු දෙනවා.
    වංකව, උඩගුකමින් දේශද්‍රෝහී වී
    ජාතික සම්පත් වලට වින කරමින්
    බලතන්හාවෙන් උමතු වී
    රටේ පාලකයින් අපේ රට ජාතිය පිටරැටියන්ට
    උගස්කරමින් රට ජාතිය ආගමට වින කරමින්
    ලෝක පුරා රවුම් ගසයි
    මුදලට බලයට රට විකුණා
    ගන්නා සැපෙන් පලක් නැහැ.
    භෞතික සම්පත් ලංකර ගැනීමෙන්ම
    සතුට, ඉස්පාසුව නොරැදෙන නිසා.
    එහෙම අයට සොභාදහමෙන්
    දඩුවම් ඉක්මනින් ලැබෙනු ඇත
    ගංවතුරින් අනාථ වූ අසරණ ජනතාවට ඉක්මන් සහන ආධාර ලැබේවා !

  3. Nelum Pushpasiri says:

    ගංවතුරින් අනාථ වූ අසරණ ජනතාවට ඉක්මන් සහන ආධාර ලැබේවා

Main News