කැළණි පන්සලත් හොරු කඩයි.. මිලකල නොහැකි වස්තූන් පැහැරගෙන යයි..

April 5, 2018 at 12:40 pm | lanka C news
කැළණි පන්සලත් හොරු කඩයි.. මිලකල නොහැකි වස්තූන් පැහැරගෙන යයි..

කැලණි රජ මහා විහාරයට ඇතුළු වූ පුද්ගලයෙකු එහි තිබූ ඉපැරනි භාණ්ඩ තොගයක් පැහැරගෙන ගොස් තිබේ.

ධාතු මන්දිරයේ තිබූ ගජමුතු 10ක්, රත‍්‍රන් බුදුපිළිම, මැණික්, රන් මාල ආදී මිල කළ නොහැකි වටිනාකමක් ඇති පෞරාණික භාණ්ඩ තොගයක් මෙසේ සොරාගෙන ගොස් ඇති බව පොලීසිය කියා සිටී.

කැලණි රජ මහා විහාරයේ විහාරාධිපති හිමියන් විසින් මේ ගැන පොලිසියට පැමිණිලි කර ඇත.

අදාල පුද්ගලයා මේ භාණ්ඩ සොකරම් කරන අයුරු කැමරාවල සටහන්ව ථිබේ.

76 views

20 Comments to “කැළණි පන්සලත් හොරු කඩයි.. මිලකල නොහැකි වස්තූන් පැහැරගෙන යයි..”

  1. lion says:

    “පෘතුගීසින්ට අන්ත පරාජයක් අත් කර දුන් මුල්ලේරියා සටන” අපි නැවත පටන් ගත යුතුය රට ජාතිය ආගම බේරා ගැනීම පිණිස,

    කටේ කිරි සුවද යන්නට පවා බැරි වුනා
    යුදට උපන් කුමාරයයි නමක් ඇති වුනා
    මුල්ලේරියා වෙලෙහි වතුර ලෙයට හැර වුනා
    ටිකිරි කුමරු රාජසිංහ නමින් රජ වුනා

    පුජනිය මවුබිමේ නිදහස වෙනුවෙන් සිංහල අසිපත් ලෙල දෙමින් තිබිණ .දේශානුරාගයෙන් ජාතිකාභිමානයෙන් ඔද වැඩුණු සිංහල හදවත් එක හඩින් සපථ කර සිටියේ ලෙයින් පුදා හෝ මවුබිම රකින්නෙමු යන්නය .
    නිදහසේ කාහල නදින් සීතාවක රාජධානිය උත්සවයක සිරි ගත්තේය .
    කඩු , තෝමර , වේලායුධ, පාරා වළලු ආදියෙන් සන්නද්ධව සිටි භට කණ්ඩායම් සටන් පෙරමුණට යාමට අණ ලැබෙන තුරු සීරුවෙන් සිටියේය .

    ඒ 1562 වර්ෂයයි …………………..

    ධර්මපාල රජු හෙවත් දොන් ජුවන් පෙරිය බණ්ඩාර ගේ රාජ්‍ය පාලන සමය ( 1551 – 1597 ) සිංහලයාට කිසිම අයුරකින් හිතකර එකක් නොවිය .පෘතුගීසින් අත නැටවෙන රූකඩයක් බවට පත්ව සිටි ධර්මපාල කුමරු රාජ්‍යත්වයට පත්වීම පෘතුගීසි අභිප්ප්‍රායයන් මස්තකප්‍රාප්ත කරන්නක් වුවද සිංහලයාගේ නිදහස් අරගලයට එය හිතකර තත්වයක් ගෙන නොදුන්නේය .

    පෘතුගීසි ආධිපත්යෙන් රට දැය මුදා ගැනීම සදහා ස්වදේශිකයන් ගෙන ගිය අරගලයේදී මායාදුන්නේ රජු කල කාර්ය භාරය සුළු පටු එකක් නොවිය .කෝට්ටේ පෘතුගීසි පාලන බල ප්‍රදේශයට ආසන්නම සිංහල රාජ්‍යයක් වූ සීතාවක රාජ්‍යයේ පාලකයා වෙමින් ප්‍රබල පෘතුගීසි අධිරාජ්‍යට අභියෝග කල මායාදුන්නේ රජුට දේශප්‍රේමී සිංහලයන්ගේ සහයෝගයද නිරතුරුවම ලැබිණි .පෘතුගීසි ආක්‍රමණිකයා පලවා හරින්නට මායාදුන්නේ රජු ගත් උත්සාහයට මෙරට සංඝ පිතෘ වහන්සේලාගේද නොමද සහය ලැබිණි .

    එවකට සිංහල බෞද්ධයන් විසින් අසමාන භක්තියකින් මහා රහතන් වහන්සේ නමක් ලෙසට සලකන ලද “බුද්ධ වංස ” නම් මහා තෙරනු නමක් මෙරට සංඝ පිතෘ වහන්සේලා ඒක රාශි කොට රට දැය සමය බුදු දහම මුහුණ පා ඇති බේද ජනක තත්වයන් පැහැදිලි කරමින් කල දේශනාවන්ගෙන් බොහෝ භික්ෂුන් වහන්සේලා රට සුරැකීමට දිවි හිමියෙන් පොරොන්දු වූ බව ඉතිහාසය කියයි .

  2. Love nature says:

    අපට දැන් ඇතිවී තිබෙන විනාසය මේ සමාන නොවේද?

    ශ්‍රී ලංකාවේ මුහුදුබඩ තීරය පාලනය කලේ පෘතුගීසීන් විසිනි. ශ්‍රී ලංකාව මුළුමනින්ම තමන්ට අත්පත් කර ගැනීම සඳහා දේශපාලන උපාය මාර්ගය තෝරමින් සිටි පෘතුගීසීන් අනාගත රජු තමන්ගේ අවශ්‍යතාවට සරිලන පරිදි සකසා ගැනීමට සැලසුම් සකස්‌ කළේය. මායාදුන්නේ තමන්ට එරෙහිව සිටි නිසා බුවනෙකබාහුගෙන් පසු ධර්මපාල කුමරු රජකමට පත්වීම පෘතුගීසීන්ගේද අවශ්‍යතාවය විය. අනාගත රජු සම්බන්ධයෙන් බුවනෙකබාහු රජුගේ හා පෘතුගීසීන්ගේ අවශ්‍යතාවය සමපාත වීම ධර්මපාල ඊළඟ රජු බවට පත්වීමේ පදනම වී තිබිණි.

    දේශපාලන බලය සම්බන්ධයෙන් කලාපීය ආධිපත්‍ය තිබූ පෘතුගීසීන්ගේ තේරීම ධර්මපාල වීම තමන් ලද වාසියක්‌ බව බුවනෙකබාහු රජුට පෙනී ගියේය. මායාදුන්නේ හා බුවනෙකබා අතර සටනේදී තීරණාත්මක සහයෝගය සඳහා බුවනෙකබාහු රජුට පෘතුගීසීන් අවශ්‍යව තිබිණි. මේ වන විට පෘතුගීසීන් බුවනෙකබා රජුගෙන් අපේක්‌ෂා කර තිබුණේ ඔහු ක්‍රිස්‌තියානි ආගම වැළඳගනු ඇතැයි කියාය. මේ සඳහා පෘතුගීසීන්ගෙන් රජුට නිරන්තරයෙන් බලපෑම් එල්ල විය. ළදරු ධර්මපාල කුමරු පෘතුගීසීන්ට බාර දීමෙන් තමන්ට එම බලපෑමෙන් නිදහස්‌වීමට හැකියාව ලැබීම රජු ලද වාසිය විය.

    සිංහලයේ ව්‍යවස්‌ථාව අනුව එහි රජු බෞද්ධයකුම විය යුතුය. අන් ආගමක්‌ වැළඳ ගැනීමේ අවශ්‍යතාවයක්‌ බුවනෙකබාහුට නොතිබිණි. ඔහු තමන් ඇදහූ බුද්ධාගම තදින්ම විශ්වාස කළේය. ඒ වගේම තමන් කතෝලික ආගම වැළඳ ගතහොත් සිංහල ව්‍යවස්‌ථා අනුව මායාදුන්නේ රජ බවට පත්වීම නිතැතින්ම සිදුවෙන බව බුවනෙකබා අවබෝධ කර ගත්තේය.

    සියල්ල අවසානයේ ධර්මපාල කුමරු අනාගත අවශ්‍යතාව සඳහා අධ්‍යාපනයෙන්, ආගමෙන්, චර්යාවෙන් සූදානම් කරවීම පෘතුගීසිහු බාර ගත්හ.

    ධර්මපාල කුමරුගේ රුවට සමාන පිළිමයක්‌ පෘතුගාලයේදී සිංහලයේ ඊළඟ රජු ලෙස අභිසේක කිරීම පෘතුගීසීන් ධර්මපාල කෙරෙහි තබා තිබූ බලාපොරොත්තුව කියා පාන්නකි. හිස ඇත් දළෙන් හා රනින් නිමවූ මෙම පිළිමයේ බඳ රිදියෙන් නිමවා තිබිණි. බුවනෙකබාහු රජුගේ නියෝජිතයන් පිරිසක්‌ සමඟ පෘතුගාලයට මෙම පිළිමය රැගෙන ගිය පසු එහිදී සිංහලයේ ඊළඟ රජු ලෙස එය අභිෂේක කරන ලදී. පිළිරුව අබිෂේකයෙන් පසු සිංහල තානාපතිවරුන් සමඟ පැමිණි ප්‍රැන්සිස්‌කානු පූජකවරු ධර්මපාල කුමරුගේ අධ්‍යාපන කටයුතු බාර ගත්තේය.

    බුවනෙකබාහු රජතුමා මහලුවියට පැමිණෙන විට ඔහු සිටියේ පෘතුගීසීන් විසින් “බිත්තියටම හේත්තු කර” ඇති තත්ත්වයකය. “පුතා මේ රාජ්‍යය උඹට ලැබෙන්නේ නැහැ. උඹ ඉපදිලා තියෙන්නේ අවසනාවන්ත වෙලාවක. උපන් දවසේ උඹේ හඳහන බැලුවහම කිවේ, මේ රාජ්‍ය උඹත් එක්‌කම ඉවර වෙනවා කියලා.” යනුවෙන් මහලු බුවනෙකබා රජු බලාපොරොත්තු කඩවී ප්‍රකාශ කළ බව ක්‌වේරෝස්‌ වාර්තා කරයි. පෘතුගීසීන්ට අවශ්‍ය වූයේ ධර්මපාල කුමරු රජකරවීම නොව, තමන්ට යටත් රූකඩ පාලකයකු ලෙස ධර්මපාල පත්කර පාලනය අතට ගැනීම බව බුවනෙකබාහු රජුට මේ වන විට වැටහී තිබිණි.

    පෘතුගීසි වෙඩි ප්‍රහාරයකින් බුවනෙකබාහු රජු ඝාතනය වූ පසු තරුණ ධර්මපාල කුමරු 1551 වසරේදී රජු බවට පත්විය.

    1557 වසරේදී ධර්මපාල රජු පෘතුගීසින් ගේ වුමනාව ඉටුකරමින් දොන් ජෝන් නමින් බෞතීෂ්ම විය. ධර්මපාල බෞද්ධාගම අතහැරීමත් සමඟ රජකම පිළිබඳව සිංහලයේ චාරිත්‍රානුකූලව ඔහු රජකමට නුසුදුස්‌සෙකු විය. සමකාලීන යුරෝපයේ රජකම හා ආගම සම්බන්ධයෙන් පැවැති මතවාදය, පෘතුගීසීන් ධර්මපාල තම ආගමට නම්මවා ගැනීම කෙරෙහි බලපෑවේය. cuiñ regio, eine religio යන ලතින් වදන අනුව “රට කාගෙද, ආගමත් ඔහුගේය” යන්න යුරෝපයේ රාජ්‍යත්වය හා ආගම සම්බන්ධ මූලධර්මය විය.

  3. David Milli-banda says:

    Christie Ranjith Aloysius….. Do not speak like a buffoon instead of not knowing history and blood tainted hands of the catholic Church.

    You speak like a frog in the well.

  4. Alfi says:

    Sajith Premadasa ehema pansala pethe awada

  5. Nandasoma says:

    රටේ මහා එකා බැන්කු කඩා හොරකම් කරනවා රටේ පලමුවැනියා උන් ආරක්ශා කරනවා, ඉතින් පන්සල් කඩන එක සුලු දෙයක්නෙ, රට මහා ඇයන්ගෙ ගුරු හරුකන්,බැන්කු කඩා පඹයටත් කොටස් දුන්නාසේ පන්සල කඩා පන්සලේ ලොකු හාමුදුරුවන්ටත් කොටස යාවි…..

    රටම හොරාට ගොස් තිබියදී පන්සලේ පිං කැට වලට යන එනමං නැති වේවි…..!

Main News