කැළනි ගග හිදේ.. කොළඹ වතුර කපයි..
January 22, 2017 at 8:02 am | lanka C news
ජල මූලාශ්රවලට ප්රමාණවත් වර්ෂාපතනයක් නොලැබීම හේතුවෙන් ඉදිරි මාස දෙක තුලදී කොළඹ හා ඒ අවට ප්රදේශ ගණනාවක ජල සැපයුම සීමා කිරීමට සිදුවන්නේ යයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කියයි.
කොළඹ මහරගම හෝමාගම කඩුවෙල කෝට්ටේ බත්තරමුල්ල දෙහිවල රත්මලාන බොරලැස්ගමුව මෙන්ම ජාඇල දක්වා වන ප්රදේශවලට මෙම තත්ත්වය බලපානු ඇතැයිද මණ්ඩලය කියයි.
මේ වන විට කැලණි ගෙග් ජල මට්ටම පහල බැස ඇති නිසා පිරිපහදුවට ගන්නා ජලයේ රොන්මඩ ඇති නිසා ජල ෆිල්ටර් නිතරම පාහේ අවහිර වන්නේ යයිද මණ්ඩලය වැඩි දුරටත් සදහන් කරයි.