කෑගල්ලේ ඖෂධය ප්‍රත්‍යක්ෂයි.. බෙර හේවිසි සක් හඬ මැද දලදා වහන්සේට පූජා කෙරේ.. මහනාහිමිවරුන්ද අසිරි පතයි.. ජනසුවයට සූදානම්..
December 15, 2020 at 10:02 pm | lanka C news
කොරෝනා මර්දනය සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කර ඇති ඖෂධය අද දිනයේ මහනුවර ශ්‍රී දළදා වහන්සේ වෙත පූජා කරන ලදී.
ඉන් අනතුරුව අස්ගිරි මල්වතු මහනායක හිමිවරුන් වෙතද එම ඖෂධය පූජා කිරීමට කටයුතු කරන ලදී.
අස්ගිරි පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියෝ සඳහන් කළේ මෙම ඖෂධයෙන් රටේ ජනතාවට සේවයක් වීම දැකීමට අකමැති පිරිස් ඊට ප්‍රසිද්ධියක් ලබා නොදෙන බවයි.
අස්ගිරි පාර්ශවයේ අනුනායක ආනමඩුවේ ධම්මදස්සි හිමියන්ටද ඖෂධය පිලිගන්වන ලදී.
පසුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ධම්මික බණ්ඩාර මහතා කියා සිටියේ තමන් මෙම ඖෂධය දළදා වහන්සේට පූජා කිරීමට කටයුතු කළේ ඉන් රෝගීන් සුව වන බව ප්රත්යක්ෂ වූ නිසා බව ද බවයි.
ආසාදනයෙන් මිය යන සංඛ්‍යාව අඩු කර ගැනීමට මෙම ඖෂධය ලබා දීම සදහා ඉක්මනින්ම නිර්දේශ ලැබේ යයි තමන් විශ්වාස කරන බව ද ඔහු කියා සිටියේය.
මුන් දළදා මාලිගාවයි, ආගමයි දෙකත් නැති කරනවා. දළදා හාමුදුරුවන්ටටත් හිතෙයි සුද්දා රට පාලනය කරා නම් හොදයි කියලා..
absolutely correct
spiritual කියලා මගුලක් නෑ ඕයි.හැම එකාම material පස්සේ යන්නේ.
කැළණියෙන් මණිඅක්ඛිත නාගරාජයාව ලීටර් පහේ වතුර බෝතලයකට දාලා ,ඊබේ ධාතූ වඩම්මලා , ඊලග වසර සෞභාග්‍යමත් කාලයක මූලාරම්භය කියලා ,බුදුන් වැඩිය ස්ථානයක් කෙලසලා ,බොරුව සමාජ ගත කරපු උන්ම , අද , ධම්මික පැණිය කියන ප්‍රෝඩාව ,බොරුව රටේ බෞද්ධයාගේ මර්මස්ථානයක් වූ දළදා විහාර වහන්සේ ඉදිරීයට පමුණලා අපහු සමාජගත කරන එක ,කැළනියේ නයාගේ දෙවෙනි කොටස වගේ , උබලා ඔනෙ කුණුගොඩක් මාර්කට් කරහං , උබලගේ ගව පට්ටි අන්දහං හැබැයි ,මේ වගේ බොරුව රටේ ඉහලම ගෞරවාදරයට පාත්රවූ ස්ථාන අල්ලගෙන සමාජ ගත කරන්නෙපා , බෞද්ධාගම විශ්වාෂ නොකරන සුස්තීකාරයෙක්ට ,මෙව්වා සිම්පල් වැඩ ,හැබැයි මේ රටේ සංඝරත්නය මෙව්වට වග කියන්න ඔනේ.
හා
BUDUHAMUDURUWO hitiyanam mona hithaida?
බුදුහාමුදුරවෝ කියයි බටහිර වෛද්‍ය නිර්දේශ එනතෙක් හිටපල්ලා කියලා
ඖෂධය ප්‍රත්‍යක්ෂයි
BY taste