කෑගල්ලේ කොරෝනා ඔසුවට විරුද්දව එන්නත් නිපදවන රටවලින් කුමන්ත‍්‍රණයක්…

December 14, 2020 at 10:00 am | lanka C news
කෑගල්ලේ කොරෝනා ඔසුවට විරුද්දව එන්නත් නිපදවන රටවලින් කුමන්ත‍්‍රණයක්…

කොරෝනා වෛරසයට එරෙහිව මෙරටින් සොයා ගෙන ඇති දේශීය ඖෂධය තුළින් ආසාදිතයන් සුවපත් කිරීමට ලැබුණොත් ඊට විරුද්ධව එන්නත් හා ඖෂධ නිෂ්පාදනය කරන රටවලිවන් විශාල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක විය හැකි බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

ලොව අඩු දියුණු රටවල් වලින් මතුවන හැකියාවන් දියුණු රටවල් විසින් අවශෝෂණය කර ගැනීමට හෝ යටපත් කරලීමට උත්සාහ කරන බව ද ඒ මහතා පැවසීය.

සාර්ථක දේශීය ඖෂධයක් ශ්‍රී ලංකා වැනි පුංචි රටක සොයාගත හොත් එන්නත් ඇතුළු ඖෂධ නිපදවන රටවලින් තර්ජනයක් එල්ල වීමේ හැකියාව තිබෙන බවත් එනිසා දැඩි අවධානයෙන් සිටිය යුතු බවද ඔහු කියා සිටියේය.

අප සොයා බැලිය යුත්තේ සොයාගත් ඖෂධයේ ගුණ අගුණ මිස එය නිෂ්පාදනය කරන පුද්ගලයාගේ තොරතුරු නොවන බවද ඇමතිවරයා පැවසීය.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

43,239 views

25 Comments to “කෑගල්ලේ කොරෝනා ඔසුවට විරුද්දව එන්නත් නිපදවන රටවලින් කුමන්ත‍්‍රණයක්…”

  1. saman says:

    වැඩ බැරි උන් හමදාම කිව්වෙ ඕක තමයි. දැන්වත් ඇත්ත කියපන්

  2. Felix says:

    Rajawasale Anderla Thun Genage Wayasama Ekkene… Onnna Liya Dunna Eka Kiyawala Bela Mehewara Karana Aaakaraya….. Ane Meyage Samajawaadaya?

  3. මහජනයා says:

    ඔබතුමාගේ කතාව ඉතාමත් නිවැරදියි මේ රටේම උනත් පිරිසකගේ දැනට තියන පැහැදිළි ඉරිසියාව සහ කුහකකම තුලින් එය තහවුරු වෙනව.

  4. උක්කුං මල්ලී says:

    අනේ ඔව් කුමන්ත්‍රණ කරල පාරජය කරන්නම වටින රට. පන් පැදුරු ඉදන් ඉදිකට්ටේ දක්වා ගේන්නේ පිටරටින්.

Main News