කෑගල්ලේ කොරෝනා ඖෂධය මහා පරිමාණ නිෂ්පාදන අරඹයි.. රජයෙන් ඔහුගේ නිවසේ යන්ත‍්‍රයක් සවි කරයි..

December 12, 2020 at 10:02 pm | lanka C news
කෑගල්ලේ කොරෝනා ඖෂධය මහා පරිමාණ නිෂ්පාදන අරඹයි.. රජයෙන් ඔහුගේ නිවසේ යන්ත‍්‍රයක් සවි කරයි..

කොරෝනා වෛරසය මර්දනය සදහා දේශීය ඖෂධය නිෂ්පාදනය කරන ලද කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාට එම නිෂ්පාන කටයුතු සදහා මහා පරිමාණ ඇඹරුම් යන්ත්‍රයක් කර්මාන්ත අමාත්‍යශංය විසින් ලබා දී තිබේ.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මැදිහත්වීමෙන් මෙම යන්ත‍්‍රය ධම්මික බණ්ඩාර මහතාගේ නිවසේ සවි කරන ලද්දේ කර්මාන්ත හා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් විසිනි.

ධම්මික බණ්ඩාර මහතා සදහන් කරන ලද්දේ මෙතෙක් නමන් ඖෂධ නිෂ්පාදනය කරන ලද්දේ තම නිවසේ මුළුතැන්ගෙයි කටයුතු සදහා භාවිත කරන ඇඹරුම් යන්ත‍්‍රයෙන් බවයි.

තාක්ෂණික උපකරණ නොමැති වීම හේතුවෙන් තමන් ඖෂධ නිෂ්පාදනයේදී ගැටලු රැසකට මුහුණ දී සිටි බවද ඔහු පැවසීය.

50,392 views
Main News