කෑගල්ලේ කොරෝනා ඖෂධය සාර්ථක නම් රටටම ආඩම්බරයක්.. ගෞරවයක්.. ලෝකයේම ජයග‍්‍රහණයක්.. අපේ උපරිම සහාය දෙනවා..- GMOA

December 9, 2020 at 3:32 am | lanka C news
කෑගල්ලේ කොරෝනා ඖෂධය සාර්ථක නම් රටටම ආඩම්බරයක්.. ගෞරවයක්.. ලෝකයේම ජයග‍්‍රහණයක්.. අපේ උපරිම සහාය දෙනවා..- GMOA

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති කොරෝනා ඖෂධය සාර්ථක නම්  තම සහයෝගය ලබාදීමට සූදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම ඖෂධය සාර්ථක නම් එය රටක් ලෙස ආඩම්බරයට ගෞරවයට කාරණාවක් බව ද සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

එම ඔෂධයෙන් කොරෝනා සුව වන්නේ නම් එය සමස්ථ ලෝකයේම ජයග‍්‍රහණයක් යයිද ඒ මහතා පවසයි.

දේශීය වෛද්‍ය ක‍්‍රමයක් හෝ ඔ්නෑම ක‍්‍රමයකින් වසංගතය සුව කල හැකි නම් බටහිර වෛද්‍යවරුන් ලෙස ඒ සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් නැතැයි ද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කළේය.

93,891 views

50 Comments to “කෑගල්ලේ කොරෝනා ඖෂධය සාර්ථක නම් රටටම ආඩම්බරයක්.. ගෞරවයක්.. ලෝකයේම ජයග‍්‍රහණයක්.. අපේ උපරිම සහාය දෙනවා..- GMOA”

  1. ratawasiya says:

    අනේ මෙහෙමත්, බටහිරට වහල්වෙන්න සිදුවුනනේ.

    බුදුදහමේ ගොදක්දේ ඔප්පුකරන්න බැහැනේ විද්‍යාවෙන්.

    නමුත් තමන්කැමති ධර්මයක් අදහන්න පුළුවන් එකේ, අපිට කැමති ප්‍රතිකාර ක්‍රමයකට යන්න බැරිද.
    ඇයි ඔබතුමන්ලා රටේ නීතිය දල බදින්න හදන්නේ.
    උදාහරණයකට සෙන්ගමාලයට හෙලවෙදකමේ දෙන්නේ කැඳක්, ඔබතුමන් බෙහෙත් කරන්නේ එහෙම නොවයි නේද?

Main News