කෑගල්ලේ කොරෝනා ඖෂධය වතුපිටිවල රෝහලේ පරීක්‍ෂා කර නෑ.. අනවශ්‍ය ලෙස විශ්වාස තබන්න එපා..- GMOA

December 12, 2020 at 10:32 pm | lanka C news
කෑගල්ලේ කොරෝනා ඖෂධය වතුපිටිවල රෝහලේ පරීක්‍ෂා කර නෑ.. අනවශ්‍ය ලෙස විශ්වාස තබන්න එපා..- GMOA

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වෛරසය මැඩලීම හඳුන්වා දී ඇති ඖෂධය වතුපිටිවල රෝහලේදී නිල වශයෙන් පරීක්ෂණයක් සිදුකර නැතැයි රජයේ වෛද්‍ය ධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරන්නේ එම රෝහල් අධ්‍යක්ෂවරයා ඒ බව සනාථ කරන බවයි.

එහිදී සිදු වුයේ ඇතැමකුගේ පෞද්ගලික උවමනාවට වූ දෙයක් ද නැද්ද යන්න සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය ද ඔහු සඳහන් කළේය.

කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ප්‍රතිඵල එනතුරු මූලික සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු බවද ඒ මහතා පැවසීය.

අනවශ්‍ය ලෙස මේ මත විශ්වාසය තබා කටයුතු නොකරන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව සඳහන් කරන ලදී.

40,587 views

43 Comments to “කෑගල්ලේ කොරෝනා ඖෂධය වතුපිටිවල රෝහලේ පරීක්‍ෂා කර නෑ.. අනවශ්‍ය ලෙස විශ්වාස තබන්න එපා..- GMOA”

  1. අර්යාව says:

    මූ හැමදෙයක්ම දන්නව හැබැයි මුගෙ උසස් පෙල ප්‍රතිපල මූට මතක නැහැ.

  2. විමර්ශන says:

    හරිත මහත්තයෝ ඔබතුමා ගැන රටේ ජනතාවට තියෙන්නෙ මහා වෛරයක් ඔබතුමා වැඩිය එලියට බැහැල ඇවිදින්න එපා වැහි නැති හෙන ගහවි .

Main News