කෑගල්ලේ කොරෝනා ඖෂධය සාර්ථක නම් රෝගීන්ට ලබා දෙන්න සූදානම්..- කැබිනට් ප‍්‍රකාශක

December 9, 2020 at 12:00 pm | lanka C news
කෑගල්ලේ කොරෝනා ඖෂධය සාර්ථක නම් රෝගීන්ට ලබා දෙන්න සූදානම්..- කැබිනට් ප‍්‍රකාශක

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා කොරෝනා මර්දනය සඳහා හදුන්වා දී ඇති දේශීය ඖෂධය ගැන රජය ධනාත්මකව සලකා බලමින් සිටින බව සම කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා සඳහන් කරයි.

පවතින තත්වය යටතේ අදාළ ඖෂධය සාර්ථක ප්‍රතිචාර දක්වන්නේ නම් කෙටිකාලීන ක්‍රියාමාර්ගයක් ලෙස එය ලබාදීමට බටහිර වෛද්‍යවරුන් ද එකඟතාව පළ කර ඇතැයි ඒ මහතා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය අමතමිනි.

24,307 views

20 Comments to “කෑගල්ලේ කොරෝනා ඖෂධය සාර්ථක නම් රෝගීන්ට ලබා දෙන්න සූදානම්..- කැබිනට් ප‍්‍රකාශක”

  1. හතර හිනා says:

    ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන තෙක් Corona එන්නත ද‌ෙන්න බැහැලු.
    හැබැයි ලංකාවේ ආයුර්වේද හෝ බටහිර ව‌ෛද්‍ය අනුමැතිය නැති මේසන්බාස්ගේ පැණිය ද‌ෙන්න පුළුවන්ලු.

    • RED BULL says:

      යකෝ,පරයෙකුට දාව ඉපදිච්ච එකෙක් කියල හංවඩු ගහ ගන්නෙ නැතිව මොන බාස් කෙනෙක් උනත් තමන්ගෙ රටේ එකෙක් හදාපු දේ අගය කරන්න ඉගෙන ගනින්.

    • උපාසක says:

      කාටවත් බලෙන් පොවන්න බෑනේ. කැමති අයට බොන්න පුළුවන්, අකමැති අයට නොබී ඉන්න පුලුවන්. කරුණාකරලා දේශීය වෙදකමට ගරහන්න එපා.

      • ඊරි යකා says:

        වැඩේ ගොඩ යයිද, එහෙමනම් ධම්මිකයා උඩ බටහිර ගැති ඩොකාලා යට. පැනිය පානය කල අයට තව දින 2ක් ඇත., එතෙක් ඉවසමු.

    • Gamaya says:

      It’s categorised as a food supplement. So there is no issue with that.

    • සමථ මණ්ඩලය says:

      ඔයා බොරුනේ කියල තියෙන්නෙ මහත්තයා. ඔයා ඔහොම කියපු නිසාම මම WHO වෙබ් සයිට් එකට ගිහිල්ලා බැලුවා.
      තාම කිසිම වැක්සින් එකක් අනුමත කර නැහැ. අතුරු ආබාධ නොමැති නම් සහ වයිරසය මැඩීමට සමත් නම් ඉදිරියේදී අනුමත කරණවා කියලයි තියෙන්නේ.

    • ක්‍රිමිනල් says:

      උබට වැරදිලා , දෘශ්ඨිවාදය පැණියෙන් පෙරලා බොන්න පුළුවන් , එකේ කිසිම ගැටළුවක් නෑ .මානව ඇසට නොපෙනන විභවයකින් පැන හටගත් ,දෙවියන් සහ මිනිසුන් එක්කරන “කපුවකු” විසින් නිපැයු පාරීශිද්ධ පැනිය හෙල ජාතික දෘශ්ඨිවාදීන්ගේ කොවිඩ්19 ඖශධයක් ලෙස විරාජ මාන වෙලා අහවරයි. ඉරකි තිතකි. රිප් මොඩර්න් සයන්ස් ! 😏

    • ධම්මික පැණිය ගෙදර හදමු says:

      අය්බෝවෙවා…ආස්වඩා ..
      නෝනාවරුනි මහත්වරුනි..අය්යේ අක්කේ..නංගි ..මල්ලී
      මටත් ඊයේ රෑ අපේ ගෙවල් ළඟ බෝක්කුව උඩදී දෙය්යෝ මීට් වෙලා රෙසිපිය දුන්නා.
      හරිම සිමපල්.
      සාධික්කා, කේරල ගංජා, අන්දකය්ප්පු, කළුදුරු, මීබෙටි කලන් තුන බැගින් ගෙන වෙලා අඹරා මි පැණි සමග කලවම් කර දිනකට දෙවරක් හිස්බඩ හිටගෙන බොන්න.
      ඉක්මන් ප්‍රතිපල සඳහා බ්‍රැන්ඩි, වොඩ්කා, ශිවආස් රීගල්, රෙඩ් ලේබල් ස්වල්පයක් එකතු කරගන්න.
      එස්ස්වා හු.
      අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි.

  2. COOL says:

    ආණ්ඩුව අප්‍රසාදයට පත් කිරීමට කඩාකප්පල් වැඩ කීරිමට පුළුවන් පරිසමින්.

  3. සමථ මණ්ඩලය says:

    අනේ මහත්තයෝ, රටටම එකම බෙහෙතක් දෙන්න ගියොත් මුන් යුද්ධ කරණවා, මරාගන්නවා.

    බයියන්ට පැණි
    ටොයියන්ට පැකනිල්
    ජෙප්පන්ට කේරල ගව මුත්‍ර

    වශයෙන් ඔවුනොවුන්ගේ ප්‍රියතම බෙහෙත් වෙන වෙනම ලබා දෙන්න.
    5 වන ඊලාම් යුද්ධය ඇති වන එක වලක්වනවාට ස්තුතියි.

  4. Ravana parapura says:

    රාවන සක්තිය නැවත නැගිටීම.

    • ක්‍රිමිනල් says:

      උබලා එක්ක බෑ බං ! කාළී මැනියොද ? නාථ දෙවියොද ? රාවණා ද ? හරියට එකක් කියහංකො ,කන්ෆියුස් වෙනවනේ.😏

      • Jepi buster says:

        චේ ගුවේරා

      • එලවිස් says:

        නැහ බන් ඔහෙ ඇති කාලෙ යකෙක් නැහ. මුන්ට පිස්සු මම හින්දි තනුවකට කෑලි දෙකක් දැම්මා පැනිය හැදුවා එච්චරයි. හැබැයි වට්ටෝරු අහන්න ඔට්ටු නැහ… මාට්ටු වෙන්න බැහනෙ ඉතින් ..😀

  5. ක්‍රිමිනල් says:

    ඒක හොදයි දැනට සායනිකව සියයට 95 ක සඵලතාවයක් පෙන්වා ඇති වැක්සීන් අපිට වැඩක් නෑ , ඩොලර් ,පවුම් වලින් ලංකාවේ මුදල් පිටරටට පටවන්න අපිට බෑ . ඉදිරියේදී ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා කොවිඩ්19 නිට්ඨාවටම සුව කල හැකි ඖශධ ලෙස අනුමැතිය ලබා ගන්නත් පුලුවන් වේවී , කාළිමැණියන්ගේ ආනුභාවයෙන් සහ නාථ දෙවියන්ගේ දැක්මකින් සම්ප්‍රයුක්ත වුනු මෙම පැනිය නුදුරේදී ලංකාවට ඩොලර් කදු ගස්සන ප්‍රභවයක් වනු ඇත , නාථ දෙවි හාමුදුරුවන්ගේ ආනුභාවයෙන් ආසනික් පුරස්නය විසදුවා මෙන්ම ඔපපාතික පැණියේ ආනුභාවයෙන් කොවිඩ්19 ලංකාවේන් තුරන් වී යනු ඇත.

    ප.ලී ; කෑගල්ල ආශ්‍රිතව ධම්මික පැණි පොකුරක අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශයන්ගේ හඩගෑම ,පුහු තර්කයක් බව කරුණාවෙන් සලකන්න.

  6. sunimal says:

    ඇත්ත කියනවානම් 100/80 ක් බටහිර බෙහෙත් වලට සාක ලබා ගන්නවා ඒවාට වෙන නම් බාවිතා කරනවා.

    • Jepi buster says:

      පැකනිල් හැදුවෙත් කුයිනීන් ශාකයෙන්. කියිනීන් ශාකය නිසා මැලේරියාව හොද වෙන බව හොයා ගත්තේ ගැමියෙක්. කොහෙද රටක පාරම්පරික බෙහෙතක්. කතාව ඉන්ටර්නෙට් එකේ තියෙනවා, හොයා ගනින්.

  7. Medamulana baiya says:

    Danna ekek kiyapalla chandrika wewa malut ekka pirith karapu dolukande dayal eka den koheda?

Main News