කෑමට පොල් ගෙඩියක් කැඩුවැයි වෙඩි තබයි…
June 16, 2022 at 3:50 pm | lanka C news
කෑම පිළියෙළ කර ගැනීමට පොල් ගෙඩියක් කැඩීමට ගිය අයෙකුට වත්තේ හිමිකරු විසින් ගිනි අවියකින් වෙඩි තබනු ලැබ තිබේ.
කොච්චිකඩේ පොලිසිය සඳහන් කළේ, වෙඩි තැබීමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බව ය.
මෙලෙස තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ, අංක 296/8/13,අඩි හැට පාර දලුපත පදිංචි 25 හැවිරිදි තරුණ පුද්ගලයෙකි.
තරුණයා ඊයේ ජූනි 15) දින පස්වරු 2.15ට පමණ මෙම වත්තට අනවසරයෙන් ඇතුළු වී පොල් කැඩීම සිදු කරමින් සිටියදී වෙඩි තැබීම සිදු කර ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
බලපත්ර සහිත බෝර 12 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර ගිනි අවිය පොලිස් භාරයට ගෙන ඇත.
වෙඩි තැබූ වත්තේ හිමිකරු කොච්චිකඩේ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර අද (ජූනි 16) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
නිමන්ති ප්රනාන්දු
මීගමුව
නිමන්ති කියන්නෙ පොල් හොරාගෙ කවුරු හරි වෙන්න ඇති.
හොරුන්ට කන්නද පුක ඉරාගෙන ගොවිතැන් කරන්නෙ?
අනෙද කියන්නේ .අපි වවනවා උන් කඩනවා .ව වන්නේ මොන කෙන්ගේඩීයකටද ?.සුළු හොරකම් නිසා ත් හිර ගෙවල් පිරිලා නිසාත් අපේ
විනිසුරුතුමාන් ලා මුන්ව නිදහස් කරනවා.නමුත් මේක වගා කරන මිනිසුන් වගාවෙන් ඉවත් කරන දෙයක් .
කරුණාකර මේ හොරුන්ව ගොවි කදවුරු වලට දමා ගොවිතැන් කරන්න යොදන්න .නිදහසේ සමාජයේ හැසිරෙන්න දෙන්න එපා කුඩු කාරයන්ට නම් ආයුද පෙන්වන්න එක්කන් යන්න.
මහන්සි වෙලා සාත්තු කරගෙන තමුන්ගෙ වගාවක් රෑක බලා ගන්නෙ අනුන්ට හොරකන් කරන් යන්ඩ නෙමෙයිනෙ.
මේ කියන කාලකන්නි බඩජාරි කතුවරු උන්ගේ පොස්ට් විකුණා ගන්න පුවත් මවල දානවා.
නිමන්ති ප්රනාන්දු වගේ කතු වරු රටටම හෙනයක්. හොරු බලන්න ඉන්නේ ලේසියට කඩ වඩා ගන්න .
කොහොම ත් හොරෙන් කඩන්න ගිහින් අහුවුනා ම කියන්නේ ඔහොම තමා එකක් කඩන්න ආවා කියලා . මෙච්චර කල් හිටියා ගෙදර වත්තේ පොල් ගහක් කොස් ගහක් හදාගන්න බලන්න .
මේ වගේ හොරුන්ට අනුකම්පා කරන්න එපා. අහුවුණාම බොරුවට කන්න පොල් ගෙඩියක් කැඩුවා කියනවා . කිසිම පුද්ගලයෙකුට අයිතියක් නැහැ අනුන්ගේ වතුවලට ගිහින් පොල් කඩන්න හරි වෙනත් දේවල් හොරකම් කරන්න හරි
මහා බැංකු හොරා නිදැල්ලේ ලැජ්ජයි