කෑමට පොල් ගෙඩියක් කැඩුවැයි වෙඩි තබයි…

June 16, 2022 at 3:50 pm | lanka C news
කෑමට පොල් ගෙඩියක් කැඩුවැයි වෙඩි තබයි…

කෑම පිළියෙළ කර ගැනීමට පොල් ගෙඩියක් කැඩීමට ගිය අයෙකුට වත්තේ හිමිකරු විසින් ගිනි අවියකින් වෙඩි තබනු ලැබ තිබේ.

කොච්චිකඩේ පොලිසිය සඳහන් කළේ, වෙඩි තැබීමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බව ය.

මෙලෙස තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ, අංක 296/8/13,අඩි හැට පාර දලුපත පදිංචි 25 හැවිරිදි තරුණ පුද්ගලයෙකි.

තරුණයා ඊයේ ජූනි 15) දින පස්වරු 2.15ට පමණ මෙම වත්තට අනවසරයෙන් ඇතුළු වී පොල් කැඩීම සිදු කරමින් සිටියදී වෙඩි තැබීම සිදු කර ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

බලපත්‍ර සහිත බෝර 12 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර ගිනි අවිය පොලිස් භාරයට ගෙන ඇත.

වෙඩි තැබූ වත්තේ හිමිකරු කොච්චිකඩේ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර අද (ජූනි 16) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

නිමන්ති ප්‍රනාන්දු
මීගමුව

43,570 views

18 Comments to “කෑමට පොල් ගෙඩියක් කැඩුවැයි වෙඩි තබයි…”

  1. Kumara says:

    මේ වගේ නිවුස් නිසා තමයි රටේ අපරාධ වැඩි වෙන්නෙ. කුඩ්ඩෙක් ඇවිත් අල්මාරිය කඩලා සල්ලි හොරකම් කරද්දී ගැහුවොත් ” බඩගින්නේ ඉන්න අම්මට කන්න දෙන්න හාල් ටිකක් සල්ලි ගත්ත නිසා නිවෙස් හිමියා පහර දෙයි” යනුවෙන් කියාවි. කරුණාකර හොරුන්ව ඔසවා තබන්න එපා. ගෙවල් ගිණි තියපු උන්ට අත් පුඩි ගහලා වෙච්ච දේ මතකනේ. ඔය විදිහට ඉස්සරහට වෙන්නේ පෝසත් මිනිස්සුන්ගේ ගෙවල් බිඳින සංස්කෘතියක් ඇති කරන එක. පාරක යනකොට ‍රැකලා කොල්ල කාවි.

    • ජනක says:

      100%එකඟයි .වාවාපන් වාවපන් කියනවා ආණ්ඩුව හැබැයි ඵලදාව හොරකම් කළාම පොලිසි ගිහිල්ලා හොරා උසාවි දැම්මාම ඌ ව සුළු හොරකම් කියලා නිදහස් කරලා එවනවා ඉතින් ඌ අපිට හිනාවෙලා ආයෙත් ඒ හොරකමට එනවා මේක කිහිප වතාවක් වෙනකොට මුදල් වියදම් කරලා පොල් වවල ආදායමක් ගන්න බලාගෙන ඉන්න ඉඩම් හිමියට ඉවසිමේ සීමාව පනිනවා අනිවාර්යෙන් වෙඩි තැබීමේ හේතුව මේක වෙන්න ඕන.හොයලා බලන්න බෝරුද කියලා මේකා අනිවාර්යෙන් පළාතේ කුඩ්ඩේක් නෙවෙයිද කියලා.
      උසාවියට මුන් ව හිර යට දාන්න බැරිනම් රජයේ ගොවි බිම් ඇති කරලා මුන්ව ඒ ගොවි කදවුරු වල අනිවාර්ය සේවයට යවන්න අවුරුද්දක්

  2. Nishan says:

    දැන් පොල් හොරු සුද්ද කරන්න දාපල්ල කොමෙන්ටු. ශුවර් එකටම එකම එක ගෙඩියක් කඩා ගන්න නගින්නැති

  3. Gorilla says:

    ලංකාවේ අමුතුම නීතියක් තියෙන්නේ. ආත්මාරක්ෂාවට වෙඩි තිව්වත් තියපු එකා හිරේ. හොරෙක්ගෙන් දේපල රැක ගැනීමට දීපු ගිණිඅවියෙන් වෙඩි තිව්වත් හිරේ. මේවා වැරදි පූර්වාදර්ශ තව ඉස්සරහට හොරකම් වැඩිවෙනවා.

  4. G S Garusinghe says:

    මොහු පොල් කඩා විකුණා කසිප්පු බොතැයි වත්තේ හිමිකරු හිතුවා වියහැකියි . එමනිසා කොරෙන් පිල් කඩනවානම් කෑම සදහා පොල් කඩන බව ට වතුහිමියා කෙසේ හෝ දැනුවත්ජර වැඩේ පටන් ගන්න.

  5. නුවන් says:

    ඔය කතාව ජනතාවගේ අනුකම්පාව ලබාගන්න.අද නගරාසන්න හා ගම්වල පාවා මිනිහෙක්ට ගහක ගෙඩියක් තියාගන්න බෑ හොරෙන් කඩනවා වැඩි හරිය කුඩු කාරයො සහ හොරු .ගෙවල් වල තාප්ප වලින් පනිනවා අවස්ථාවක් ලැබුනොත් ගෙවල් ඇතුලත ට ඇවිල්ලා හොරකම් කරනවා.රජය වවන්න කියනවා නමුත් සුළු හොරකම් කියලා පොලිසිය හොරපොල් කඩන උන් එළවළු ඵලදාව කඩන උන් උසාවි දමන්නේ නෑ උසාවිය මුංට දඩුවම් දෙන්නේ නෑ .අපි වවන් නේ හොරුන්ට ඵලදාව ලබල දෙන්නද? කිසිම දුප්පතෙක් හොරෙන් කිසිවක් ගන්නේ නෑ .මේ හොරකම් කරන්නේ උපතින්ම හොරකම රැකියාවක් හැටියට කරපු ගම්වල නගරවල ඉන්න කුඩු කාරයො ගංජා කාරයො බේබද්දෝ සහ හොරු
    කරුණාකර මේ හොරුන්ව අහිංසකයන් හැටියට හඳුන්වාදීම නවත්වන්න

  6. ගලගොඩ පැත්තේ බිංදුසාර says:

    කුඩ්ඩොත් හොර පොල් කඩලා මාට්ටු උනාම කියනෙත් ඔහොම තමා…

  7. සුසන්ත says:

    අහු උනාම කියන්නේ අනේ මම මේ කන්න ගන්න පොල් ගෙඩියක් කඩන්න ආවා කියලා.පාරදිගේ පොහොර උරයක් අරගෙන යනවා ගිහිල්ලා ඒ උරයත් අරගෙන ගහට නගිනවා නැගලා පොල් කඩන්නේ අර ගොනියට කිසිම ශබ්දයක් නැතිව බහිනවා නාහුනොත් ලගම තිබෙන කඩයට අහු උනොත් අසරණය.
    මේ අසරණයෝ ඔය කලින් කිව්වා විදියට රාත්‍රියට පොල් ගහින් ගහ ට කඩලා වත්තෙම තියාගෙන ලෙලි ගහලා ගෙඩි අරගෙන යනවා .මේවාට දඩුවම් නැති නිසා තමයි මිනිස්සු නීතිය අතට ගන්නේ .ආණ්ඩුව කරන මහා එකා සිල් අරගෙන බවුන් වඩනවා උද්ඝෝෂකයෝ හොරු ත්‍රස්තවාදී රට විනාශ කරනවා

  8. සත්‍ය මේකයි says:

    ඔබ දන්නවාද කැලණිවැලි කෝච්චියේ ගිහිල්ලා කළුඅග්ගල අවිස්සාවේල්ල වගේ පළාත්වල වතු වල හොරෙන් පොල් කඩලා කෝච්චියේ දාගෙන එන කොළඹ දෙමටගොඩ ,නාරාහේන්පිට කුඩු කාරයො ඉන්න බව .
    රටේ වගාව ආරක්ෂා කරගැනීම නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ඉතාම අවශ්‍යයි එසේම මේ හොරුන් සමාජයෙන් ඈත් කර තැබීම ඉතාම අවශ්‍යයි නැතිනම් රජය කරන්න උත්සාහ කරන වගා සංග්‍රාමය අසාර්ථක වනු ඇත .මුදල් වියදම් කරලා හොරුන්ට ඵලදාව පූජා කරන්න අපිට පිස්සු නෑ.

  9. sunimal says:

    මහා බැංකු හොරා නිදැල්ලේ ලැජ්ජයි

  10. Covi18+ says:

    කෑමට නෙවෙයි මොන ලබ්බකට හොරකම් කළත් හොරා හොරාමයි. ඌට තිබුණනේ අහලා කඩන්න.

Main News