කෑම දෙන්න සල්ලි නෑ.. සත්තු වත්තේ සතුන් වනාන්තරවලට මුදා හරී…

June 4, 2022 at 2:10 pm | lanka C news
කෑම දෙන්න සල්ලි නෑ.. සත්තු වත්තේ සතුන් වනාන්තරවලට මුදා හරී…

දෙහිවල සත්වෝද්‍යානයට ඉදිරියේදී ආහාර හිගයක් ඇති වුවහොත් වැඩි ගහණයක් සහිත සතුන් අභය භූමි ප්‍රදේශයන්ට මුදාහැරීමට තීරණය කර තිබේ.

එහි දී දරුනු සතුන් නොගැවසෙන අභය භූමි ප්‍රදේශයට මෙම සතුන් මුදා හැරීමට තීරණය කර ඇත.

සත්වොද්‍යානය තුළ ප්‍රදර්ශනය සඳහා එක් වර්ගයකින් සතුන් හතරක් පමණක් සිටීම සෑහෙන නිසා වැඩි ගහණනක් සහිත මුවන් මීමින්නන් වැනි සතුන් වනජීවී දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතව එලෙස තෝරා දෙන භූමි ප්‍රදේශයට නිදහස් කිරීමට නියමිතව ඇත.

සත්යොද්‍යානයට ආහාර ලබා දෙන පුද්ගලයන්ට මුදල් ගෙවීමට ද සත්වෝද්‍යානය සතුව මුදල් නොමැති බවත් එනිසා ආහාර සැපයුම්කරුවන් මුදල් ගෙවන තෙක් ආහාර සැපයීම ප්‍රමාද කරන බවත් දැනගන්නට ඇත.

62,660 views

19 Comments to “කෑම දෙන්න සල්ලි නෑ.. සත්තු වත්තේ සතුන් වනාන්තරවලට මුදා හරී…”

  1. Ranjanee says:

    ඔහොම නිකන් කැලේට දාන සත්තුන්ව මස් කරන්න දුන්නොත් කීයක් හරි හොයාගන්න පුළුවන් නේ.

  2. ලපයා says:

    Gallface කාලකන්නි Zoo ඒකට යවන්න ඉඩ ලැබෙනවා

  3. Sasrasi says:

    ඔය සිංහයෝ කොටියෝ දියවන්නාව ට දාන්න

  4. පාර්ලිමේන්තුවේ හරක්ට කරන්න වියදම් කරන මුදල් ළමා රෝහලට සහ සත්තුවත්තට වියදම් කරන්න ලොකු පිනක්

  5. Zoologist says:

    Few days ago, I proposed this idea to release birds to the sky, animals to the jungles and fishes to the waters.

  6. Shawn says:

    225 dawasata eka gane zoo eke saththunta denna.

  7. Wd says:

    අනේ ඔය සත්තු කැලේට දාලා වෘත්තීය සමිති නායකයන් දේශපාලුවන් මංකොල්ල කාරයන් මිනී මරුවන් වගේ සත්තු ටිකක් ගෙනල්ල සත්තු වත්ත යාවත්කාලින කරන්න ඔය සත්තු මේ රටේ දේවල් මංකොල්ල කාලා නෑ උන් කන්නෙ ගහකොළ විතරයි වෘත්තීය සතිමි නායකන් සහ දදේශපාලුවන් වගේම මංකොල්ල කාරයන් මිනීමරුවො වගේ උන් කන්නෙ මුලු රටම උන්ව ප්‍රදර්ශනය කරපල්ල..

Main News