කෑම රැගෙන ගිය කැබ් රථයක ගෝන මස් තොගයක් අත්අඩංගුවට…

August 20, 2018 at 2:06 am | lanka C news
කෑම රැගෙන ගිය කැබ් රථයක ගෝන මස් තොගයක් අත්අඩංගුවට…

වව්නියාව නෙලුක්කුලම් ප්‍රදේශයේදී ගෝන මස් කිලෝ 26 ක් රැගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු කැබ් රථයක්ද සමගින් අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලිස් දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් පැවසූහ.

වව්නියාව පොලිස් බුද්ධි අංශයට ලුබුනු තොරතුරකට අනුව දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් නෙලුක්කුලම් ප්‍රදේශයේ වැටලීමක් සිදු කොට අදාල ගෝනමස් තොගය ප්‍රවාහනය කරමින් තිබූ කැබු රථයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන කැබ් රථය පරික්ෂා කිරීමේදී එම ගෝන මස් තොගය සගවා තිබියදී සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් කැබ් රථය ආහාර රැගෙන යන කැබ් රථයක් වන අතර ආහාර රැගෙන යන මුවාවෙන කලක සිට මෙම මස් ජාවාරම් සිදු කොට ඇති බවට තොරතුරු ලැබී ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,239 Viewers
Main News