කෑලි කැපිය හැකි දැඩි මීදුමක් නිසා ගමනාගමනය අඩාලයි..

November 19, 2017 at 12:40 pm | lanka C news
කෑලි කැපිය හැකි දැඩි මීදුමක් නිසා ගමනාගමනය අඩාලයි..

වවුනියාව හා ආසන්න ප්‍රදේශ රැසක මේදිනවල උදෑසන අධික මීදුම් සහිත කාලගුණ තත්වයක් අද (19) උදෑසන සිට පවතින අතර යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේද දැඩි මීදුම් තත්වයක් දැකගන්නට හැකි විය.

යාපනය මහනුවර මාර්ගයේ වව්නියාව ,ඕමන්ත ,තාණ්ඩික්කුලම්, පුලියන්කුලම් හා මාන්කුලම් දක්වා දැඩි මීදුම් සහිත තත්වයක් පැවතියහ.

පසුගිය දින කිහිපය තුල උතුරු පලාතට දැඩි වර්ෂාපතනයක් ඇදහැලුනු අතර ඉන් පසුව වර්ෂාව නැවතීමත් සමග මෙසේ දැඩි මීදුම් සහිත කාලගුණයක් බලපා ඇත.

කෙසේ වෙතත් පවතින දැඩි මීදුම් සහිත තත්වය හේතුවෙන් ඒ -මාර්ගයේ රථවාහන වලට  අවධානම් හෙයින සියලුම වාහන වලට කල්පනාකාරීව රිය පදවන ලෙසටද රථවාහන පොලිස් නිලධාරීන් විසින් උපදෙස් දී ඇත.

– වන්නි රොමේෂ් මදුෂංඛ

272 views
Main News