කිට්ටු ක්‍රීඩාංගන පිවිසුම ගිනිතබයි…

March 29, 2021 at 4:40 pm | lanka C news
කිට්ටු ක්‍රීඩාංගන පිවිසුම ගිනිතබයි…

යාපනය නල්ලූර් කිට්ටු උද්‍යානයේ පිවිසුම් දොරටුව ස්ථානයට කිසියම් පිරිසක් විසින් ඊයේ (28) රාත්‍රියේ ගිනිතැබීමෙන් සම්පූරණයෙන්ම විනාශ වී ඇති බවට යාපනය පොලීසිය පවසයි.

කිට්ටු උද්‍යානයේ පිවිසුම් ස්ථානයේ පොල්අතුවලින් සාදා තිබූ අතර කිසියම් පිරිසක් විසින් මෙම පිවිසුම් දොරටුවට ගිනිතබා පලා ගොස් ඇතැයි ප්‍රදේශවාසීන් පවසති.

ගින්න මැඩපැවත්වීම සඳහා ප්‍රදේශවාසීන් විසින් උත්සහ ගත්තද එය අසාර්තක වීම හේතුවෙන් යාපනය මහනගරසභාවේ ගිනිනිවීමේ ඒකකයට දැනුම් දී ඇති අතර ගිනිනිවීමේ ඒකකය එම ස්ථානයට පැමිණෙණ විටත් පිවිසුම් දොරටුව සම්පූරණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබු බවටද ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පැවසූහ.

අදාල ගිනිතැබීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් අනාවරනය වී නොමැති අතර අදාල සිද්ධය සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

21,436 views

One Comment to “කිට්ටු ක්‍රීඩාංගන පිවිසුම ගිනිතබයි…”

  1. LION says:

    උතුරේ රහස් සේවය වැඩිකල යුතුය. තොරතුරැ සපයන්ට රජය විසින් මුදල් තෑගි ලබාදිය යුතුය

Leave a Comment

Main News