කිතුල් රා මදින්න අවසර.. අල්ලන්න එපා යයි සියළු පොලිසිවලට දන්වයි…

July 24, 2020 at 8:03 am | lanka C news
කිතුල් රා මදින්න අවසර.. අල්ලන්න එපා යයි සියළු පොලිසිවලට දන්වයි…

කිතුල් රා මැදීම බලපත‍්‍ර රහිතව සිදු කල හැකි බව පොලිස් මූලස්ථානය විසින් රට පුරා සියළු පොලිසිවලට දැනුම් දී ඇත.

ඒ අනුව කිතුල් රා මදින පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමක් හෝ නඩු පැවරීමක් සිදු නොකල යුතු බව පොලිස් මූලස්තානය විසින් දන්වා තිබේ.

818 views

24 Comments to “කිතුල් රා මදින්න අවසර.. අල්ලන්න එපා යයි සියළු පොලිසිවලට දන්වයි…”

  1. Prasanna says:

    මෙතන තියෙන ප්‍රශ්නේ, අපේ මිනිස්සු ඊළඟට “රා” කසිප්පු කරනවා. යුරියා ටිකක් එහෙම දාල එක කිතුලෙන්, දවසට ලීටර් 300 බැරල් දෙකක් විතර හදනවා. කලින් කසිප්පු වලට වඩා භයානක වෙනවා. පුත්තලම වෙන්නප්පුවේ මිනිස්සු තඩි ගස් පිටින් ගෙනත් කිතුල් ගස් හිටවන්න පටන් ගනන්වා, කසිප්පු වලට කවර් එක ගන්න. කසිප්පු වලට හුරු වෙච්ච කසිප්පු කටාලට, නැචුරල් රා වදින්නේ නෑ. කියලම යුරියා දාගන්නවා. හරි පාලනයක් නොකරොත්, ජාතික ආපදාවක් වෙනවා, වැඩි කල් නොගිහින්. පොලීසියෙන්ම කොලිටි කොට්‍රෝල් ක්‍රමයක් ගෙනාවොත් හොඳයි. අර බීලද කියන උප කරනේ වගේ එකෙකින් චෙක් කරලා සහතිකයක් දෙන්න. මේකට සමුර්දි නිලධාරී / ග්‍රාම නිලධාරී / PHI තුන් දෙනාත් එකතු කරගන්න වෙනවා. එකෙකුට දුන්නොත්, නරියට කුකුල්ලු දුන්න වගේ වෙනවා.

    • වයි දිස් කොලවෙරි says:

      වදිනවා කියන ෆීලින්ග් එක එන්නේ යූරියා වලින් නෙමේ. ඇල්කොහොල් සාන්ද්‍රණයෙන්.
      ඇල්කොහොල් සාන්ද්‍රනය ඕනවට වඩා වැඩි කලොත් බොන්න බෑ. දිව, කට උගුර පිච්චිලා යනවා.
      ඒකයි සෝඩා දාල තනුක කරන්නේ.
      ස්වභාවික රා වල ඇල්කොහොල් සාන්ද්‍රණය මදි නම් කිහිප වරක් පෙරලා ජාල සාන්ද්‍රණය අඩු කරලා ඇල්කොහොල් වැඩි ද්‍රාවනයක් නිස්සාරණය කර ගත හැකියි. යූරියා දාන්න අවශ්‍ය නැහැ. පොඩ්ඩක් රසායන විද්‍යාව ඉගෙන ගනින්. එතකොට ඔය ප්‍රශ්ණ මගහැරෙනවා.

  2. niru says:

    Very good move. It is an indigenous tree that grows well in wet areas.

    There are many things with export potential from Kithul toddy.
    1. Natural vinegar
    2. Treacle of high value
    3. Brown sugar
    4. If available in large quantity Alcohol as a disinfectant, baby cologne and even lend to motor fuel
    5 safer alternative to Kassippu destroying Villagers.
    Other products are Timber and Timber based products.

  3. HUKARIS says:

    Bonaparte la Pransaye pamanak nowa lokema innawa.
    Napolean den nehe, hebei,
    Napo Singngo ra madinakota, kosso eyawa allala, nadu danawa.
    Kalawedey hondaay

  4. kansa walata saha wallapatta walata wenama amathyansayask hadala rajya anugrahaya denna one

  5. thissa says:

    ඕවගේ ලංකාවේ තියෙනවා වැඩකට නැති බොරු නීති ගොඩක් .උදා .මට ගෙට වෙටෙන්න තියෙන කොස් ගහ කපන්න දෙන්නැ ජරාව දෙනකන් . ගෙපැල කපන්න දෙන්නැ අඩි 50 නීති දාගෙන RDA එකේ එකා ජරාව දෙනකන් ඉන්නවා ,මුන්ට පගා ගහන්නම හදපු නීති .

  6. Power says:

    කිතුල් රා මැදීම වරදක් නොවුණත්, මේ වැඩේ නිසා අපේ වගේ ගම් වල කිතුල් පැණි, හකුරු ටිකක් හොයාගන්න නැති තැනට පත් වෙමින් තිබෙනවා. කිතුල් කර්මාන්තය කරන වැඩි පිරිසක් ලේසී නිසා දැන් මේ වැඩේට බැහැලා ඉන්නෙ. ඒක කිතුල් පැණි, හකුරු කර්මාන්තයට සිදු කරන මහා අපරාධයක් විදිහටයි මම නම් දකින්නෙ. ඒ නිසා මීට වැඩිය හොඳයි ජාතික ප්‍රතිපත්තියක් ඇති කරලා කිතුල් පැණි, හකුරු කර්මාන්තයට දිරි දුන්නානම්.

  7. කිතුල් පැණි, හකුරු.....! says:

    කිතුල් යොදාගන්නේ පැණි, හකුරු කර්මාණ්තය සඳහා..
    කිතුල් පැණි, හකුරු කර්මාන්තයට දිරි .! දිරි..!! දිරි..!!!

Main News