කින්නියා පාරු අනතුරේ වරදකරුවන් සමගි ජනබලවේගයයි.. මුස්ලිම් කොංග‍්‍රසයයි..

November 23, 2021 at 4:40 pm | lanka C news
කින්නියා පාරු අනතුරේ වරදකරුවන් සමගි ජනබලවේගයයි.. මුස්ලිම් කොංග‍්‍රසයයි..

කින්නියා, කුරන්ජන්කර්නි කලපුව හරහා මගී ප්‍රවාහනය සඳහා පාරුවක් භාවිතා කිරීමට අවසරය ලබා දී ඇත්තේ සමගි ජන බලවේගය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහය දක්වන කින්නිය නගර සභාව මගින් බවත් එම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් රජයේ පාර්ශවයට චෝදනා කිරීමට විපක්ෂ නායක ගත් ක්‍රියාමාර්ගය කිසිසේත්ම අනුමත නොකරන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

අදාළ සිදුවීම පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (23) පාර්ලිමේන්තුවේ කළ අදහස් දැක්වීමට පිළිතුරු වශයෙන් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ ය.

මෙම අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිත හානි සිදුවීම පිළිබඳව රජයේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන බවත්, ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කරනවා. අදාළ පාරුව යෙදීම සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියට කිසිදු සම්බන්ධයක් නැහැ.

දීර්ඝ කාලයක් තිස්සේ එම කලපුව හරහා පාලමක් ඉදිකිරීමට නොහැකි වූ අතර ඒ සඳහා යහපාලන රජය සමයේ කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන තිබුනේ නැහැ. අපේ රජය විසින් එම ජනතාව පත්ව තිබෙන පීඩාවට විසදුමක් ලෙස මෙම පාලමේ ඉදිකිරීම් ආරම්භ කළ බවත් එය කඩිනමින් ඉදිකිරීමට කටයුතු කරනවා.

අනාරක්ෂිත ලෙස මෙම පාරුව භාවිතා කිරීමට අදාළ නගර සභාව අනුමැතිය ලබාදීමෙන් මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවුනා. නිවැරදි ප්‍රමීතීන්ට අනුකූලව මාර්ග සංවර්ධන අධිකාරියෙන් කලපුව හරහා මගී ප්‍රවාහන ක්‍රමවේදයක් සැලසීමට ඉදිරියේදී කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

– media unit

56,942 views

17 Comments to “කින්නියා පාරු අනතුරේ වරදකරුවන් සමගි ජනබලවේගයයි.. මුස්ලිම් කොංග‍්‍රසයයි..”

  1. harsha says:

    කිසිදු පළාත් පාලන ආයතනයක සමගි ජන බලවේග මන්ත්‍රීවරු නෑ.

  2. 0.00069 BIYYO says:

    කුඩ්ඩට අල්ලන එක්කෙක්ට තද වෙලා.
    පහුගිය රජය පැරදුනේ වැරදි නිසා.ඉතින් සුනඛයෝ දැන් හරියට කරපල්ලා බොරුවට බුරන්නේ නැතිව.

  3. Manavi says:

    සමඟි බලවේගේ වැඩ කරන්නේ නැහැ කියලා තමයි තොපි බලේට ගෙනාවේ.දැන් තොපිත් අවුරුදු 2 ක් වෙනවා.තොපි වත් හරියට වැඩක් කරාද.අරෑ කරේ නැහැ ,මූ කරේ නැහැ කිය කියා ඉන්න නම් තොපි මොකටද රට කරන්න ගත්තේ .කරන්න පුලුවන් එකෙකුට දීලා ⁣කාළකන්නි තොපි මකබෑවිලාම පලයව්.කුඩු වසංගතයින්.

  4. පුරවැසියා says:

    කින්නියා පාරු අනතුරේ වරදකරුවන් සමගි ජනබලවේගයයි.. මුස්ලිම් කොංග‍්‍රසයයි..
    November 23, 2021 at 4:40 pm | lanka C news
    පාරු අනතුරේ සිසු මරණවල වගකිවයුත්තා කින්නියා නගරාධිපති…- ලංසා
    November 24, 2021 at 3:50 pm | lanka C news
    හෙට වෙද්දී මේ අනතුරේ වගකීම පාරුවේ ගිහින් මරණයට පත්වූ අයට ගන්න කියන ජාතියේ එවුන් ඉන්නේ
    බලාගෙන ඉමු

Leave a Comment