කින්නියා පාරු අනතුරේ වරදකරුවන් සමගි ජනබලවේගයයි.. මුස්ලිම් කොංග‍්‍රසයයි..

November 23, 2021 at 4:40 pm | lanka C news
කින්නියා පාරු අනතුරේ වරදකරුවන් සමගි ජනබලවේගයයි.. මුස්ලිම් කොංග‍්‍රසයයි..

කින්නියා, කුරන්ජන්කර්නි කලපුව හරහා මගී ප්‍රවාහනය සඳහා පාරුවක් භාවිතා කිරීමට අවසරය ලබා දී ඇත්තේ සමගි ජන බලවේගය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහය දක්වන කින්නිය නගර සභාව මගින් බවත් එම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් රජයේ පාර්ශවයට චෝදනා කිරීමට විපක්ෂ නායක ගත් ක්‍රියාමාර්ගය කිසිසේත්ම අනුමත නොකරන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

අදාළ සිදුවීම පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (23) පාර්ලිමේන්තුවේ කළ අදහස් දැක්වීමට පිළිතුරු වශයෙන් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ ය.

මෙම අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිත හානි සිදුවීම පිළිබඳව රජයේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන බවත්, ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කරනවා. අදාළ පාරුව යෙදීම සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියට කිසිදු සම්බන්ධයක් නැහැ.

දීර්ඝ කාලයක් තිස්සේ එම කලපුව හරහා පාලමක් ඉදිකිරීමට නොහැකි වූ අතර ඒ සඳහා යහපාලන රජය සමයේ කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන තිබුනේ නැහැ. අපේ රජය විසින් එම ජනතාව පත්ව තිබෙන පීඩාවට විසදුමක් ලෙස මෙම පාලමේ ඉදිකිරීම් ආරම්භ කළ බවත් එය කඩිනමින් ඉදිකිරීමට කටයුතු කරනවා.

අනාරක්ෂිත ලෙස මෙම පාරුව භාවිතා කිරීමට අදාළ නගර සභාව අනුමැතිය ලබාදීමෙන් මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවුනා. නිවැරදි ප්‍රමීතීන්ට අනුකූලව මාර්ග සංවර්ධන අධිකාරියෙන් කලපුව හරහා මගී ප්‍රවාහන ක්‍රමවේදයක් සැලසීමට ඉදිරියේදී කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

– media unit

56,843 views

17 Comments to “කින්නියා පාරු අනතුරේ වරදකරුවන් සමගි ජනබලවේගයයි.. මුස්ලිම් කොංග‍්‍රසයයි..”

  1. Maha sinhale says:

    උතුරු නැගෙනහිර පලාත්වල මුලින් පදිංචි සිංහලයන් නැවත පදිංචි කිරීම වහාම පටන් ගත යුතුය.

  2. John says:

    මියගොස් ඇත්තේ මුස්ලිම් ජාතිකයින් නිසා මහින්ද මහත්තය වහා ඉදිරිපත්වෙලා අත දිග හැරල වන්දි මුදල් ලබා දෙයි . මැදමූලනෙ සල්ලිනේ .

  3. LalithM says:

    පහුගිය රජය පැරදුනේ වැරදි නිසා.ඉතින් දැන් හරියට කරපල්ලා බොරුවට බුරන්නේ නැතිව.

  4. Kalu Albot says:

    Me rata Sinhayaa lakuna darana minisungeya. Ape Agamathithuma Buduhaamuduruwangen pawatha enneku bawa Ithihaasagnayek kiyaa atha. E nisaa me rate Sinhala Bauddhayan ithuru kara gena anith hamoma Pituwahal kireema sudusuya. Ethakota Paaru ehema peralenne natha!!

  5. Banda says:

    Arayalage meyalage varadi kiya kiya inne nathiva ikmanata palamak hadala deella vada pennapan.

  6. කාල් ලාන්ත. says:

    අපේ ආණ්ඩුවක් පිහිටවපු ගමන් නැගෙනහිර මුස්ලිම් ජනතාවට ලියලම දෙනවා ඕනේ දෙයක් කරගන්න අපේ ජාතික ලැයිස්තුවෙත් හිටියේ මුස්ලිම් සහෝදරයෙක්නේ හංගන්න ඕනේ නැහැනේ. උතුර දෙමල ජාතිකයන්ට දියයුතු මයි. අපිට දකුණ තිබුණහම හොදටම ඇති. මේ තියන ආණ්ඩුව එපාවෙලා ගොඩක් රට යන නිසා අපිට ලේසියෙන් පාලනය කරන්න පුළුවන්. ඉස්සර වගේ කර්මාන්ත ශාලා, බස් ගිනිතියන්න, හැදුනුම්පත් එකතුකරන්න ඕනෙත් නැහැ.

    • John sri says:

      කුඩ්ඩට අල්ලන එක්කෙක්ට තද වෙලා. 20ට මුස්ලිම් චන්ද ගත්තෙ ජෙප්පො ද බල්ලො?

    • සහන් says:

      රටම චීන/ඉන්දියා/ඇමරිකා වලට විකුණලා ඉවරයි. උබල මෙතන බයිලා ගහනවා

    • G.R. Rajapaksha says:

      මේකට මෙතුවක් රට පාලනය කරපු එවුන් වගකියන්න ඕනේ. කලපුවට පාලමක් ඕනේ කියලා දැන්ද තොපි දැක්කේ. මෙතනත් දේශපාලනය කරන්න හදනවා ගොන් හැත්ත. ඔය ගුටි කාපු මන්ත්‍රී දෑත් ශක්තිමත් කරන්න, අයවැයදී පක්ෂව ඡන්දය දීපු එකෙක්. පාස්කු ප්‍රහාරය, කෝ ඒවට උත්තර. පාලකයන්ගේ වගකීම රංග මිනිස්සුන්ගේ ප්‍රශ්ණ වලට විසඳුම් දීම. නැතුව මිනිස්සු කියනකම් බලන් ඉන්න එක නෙමෙයි. තම්බි නෙමෙයි මොකා වුනත් මැරෙන්නේ අසරණ මිනිස්සු. දේශපාලකයින්ට නෙමෙයි හෙන ඉල්ලන්න ඕනේ, උන්ව සුද්ද කරන්න හදන කාලකන්නින්ට… කාලකන්නි

  7. Ayotallah says:

    It is no point the two political people accuse each other. There is no Chief minister for EP but the government legacy is still functioning What is the role of the Governor in absence of a CM. Poor people has to pay from their lives All those who are responsible should resign before they will get chased out

  8. Asanka Thilakarathna says:

    ඉතිං සුනඛයෝ උබලට තිබුණනේ ඕක තහනම් කරන්න.කාලකන්නි හැතිකරේ….

  9. Polgahawela says:

    Dan thopi anduwa aran aurudau 2 ewari danda pa.. mathak una

  10. 3% ට බය බයියා. says:

    ලංකාවට කුඩු ගේන්නේ පොහොට්ටුවේ ඔයා ද?

Leave a Comment

Main News