‘කිනිහිරයේ පිපුන මල’ දේශීය කර්මාන්ත කරුවන් ඇමති විමල්ට උපහාර පුදයි…

April 10, 2021 at 8:02 am | lanka C news
‘කිනිහිරයේ පිපුන මල’ දේශීය කර්මාන්ත කරුවන් ඇමති විමල්ට උපහාර පුදයි…

දේශීය ලෝහ වාත්තු කර්මාන්තය නගා සිටුවමින් ජාතික කර්මාන්තකරණයට ඉටු කරන ලද අනුපමේය මෙහෙය වෙනුවෙන් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාට උපහාර පිදීම (08) බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී ‘කිණිහිරයේ පිපුන මල’ නම් වූ විශේෂ ප්‍රණාම උළෙලකදී සිදු කෙරිණි.

වසර 20ක් තිස්සේ නොවිසඳී තිබුණු දේශීය ලෝහ වාත්තුකරුවන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟයට මග පාදමින් ලෝහ සුන්බුන් අපනයනය ඇතුළු එම කර්මාන්ත ක්ෂේත්‍රයේ ගැටළු රැසක් අමාත්‍ය මණ්ඩලයේ ද අනුමැතිය සහිතව විසදීමට කර්මාන්ත අමාත්‍යවරයා ඉතා කෙටි කලක් තුළ කටයුතු කිරීම හේතුවෙන් මෙවැනි ප්‍රණාම උළෙලක් සංවිධානය කළ බව දේශීය ලෝහ වාත්තුකරුවන්ගේ සංගම් එකමුතුව පවසයි.

ඇලුමිනියම් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත සංවර්ධන සමුපකාර සමිතිය, සී/ස සුළු හා මධ්‍ය පරිමාණ චීනට්චට්ටි වාත්තු කර්මාන්තකරුවන්ගේ සංගමය, සමස්ත ලංකා ලෝහ වාත්තුකරුවන්ගේ සංගමය යන ප්‍රමුඛතම දේශීය ලෝහ වාත්තුකරුවන්ගේ සංගම් ඇතුළු සෙසු සංගම් මෙම ප්‍රණාම උළෙල සංවිධානය කොට තිබිණි.

මෙම ප්‍රණාම උළෙලට බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ, කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල්, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය

12,214 views

10 Comments to “‘කිනිහිරයේ පිපුන මල’ දේශීය කර්මාන්ත කරුවන් ඇමති විමල්ට උපහාර පුදයි…”

  1. විජේ says:

    චිරං ජයතු !!!! අද වන විට බිහිව ඇති දේශපාලන නායකයන් තුලින් රටේ අනාගතය සාමකාමී සිංහල බෞද්ධ රටක් ලෙස ස්ථාවර සෞභාග්‍යවත් දේශයක් කිරීමට වඩාත්ම සුදුස්සා ඔබතුමාය. ඉඳල හිටලා තමන්ගේ වැඩේ ජනතාව වෙනුවෙන් හරියට කිරීමට පොඩි ට්‍රැක් පැනීමක් ඇරෙන්නට කරන වැඩ ටික රටට සුපිරිය. ජය වේවා.

  2. වානේ පන්නරය ලබාදෙන ශිල්පය හොදින් දන්නා ඇමතිතුමන් දේශීය කර්මාන්තකරුවන්ට මහරු සම්පතකි.
    ජය ධරණී!

  3. KUMA says:

    තමන්ගේ ඇමති කමේ උදාර බව හරියටම පෙන්වන ඔබ උතුම් මිනිසෙකි

  4. On The Spot says:

    චිරං ජයතු විමල් මැතිඳු.

  5. Saradiel says:

    විමල් වීරවංශ මහතාට අපේ ප්‍රණාමය අපේ දේ රැකගමු.

  6. රන්වල says:

    බොරැ ෂෝ දාන මෙි වගේ චරිත ලංකා දේසපාලනයට නොගැලපේ

    • san says:

      මේවා බොරු සෝබන වුනාට, අපි දැක්කා බොලාගේ ඇත්ත සෝබන පාස්කු ඉරිදා!
      කුහක වෙන්න එපා බන්, වැඩක් කරපු එකාට ඒ ගෞරවය දීපන්.

  7. Dengu Nona says:

    mahaththayo, ara korono paniyaata amaathyansen labaa dunna anjimata mokadda wune? ape rate inne wadi denaa kakul deke meeharak bawa munge koment walin thenenawa. wimalaya kiyanne raajapaksalage adhomaargaye ellilaa hitapu kinithullek!! yana thana renawa. ranilta pinsenduwelaa uppanna , paasport kes walin beruna!! gewal wagayak pawule ewun athare bedaa gaththaa. ilmanayit wali walin koti gaanak keliya.

  8. Aurora says:

    අවුරුදු ගානක්ම ඉදිරියට නොයා එකතැන පලවූ ශ්‍රී ලංකාවේ කර්මාන්ත නව ජවයකින් දියුණුව කරා යනු පෙනේ. 2015 දක්වා පැවති රජයේ විමල් ඇමතිතුමා දැරූ නිවාස ඇමැතිකම පිලිබඳ ප්‍රගතිය එකල කොළඹ පුරා ඉදිවූ දැවැන්ත නිවාස සංකීර්ණ ඔස්සේ දැකිය හැකිය. තමන්ට ඕනෑම වගකීමක් දැරියහැකිබව විමල් විරවංශ මැතිතුමා ක්‍රියාවෙන්ම සනාථ කරමින් සිටී. ඔබ තුමන්ගේ මැදිහත්වීමෙන් මේ රටේ අනාගතය සාර්ථක එකක් වනබව දැනේ. ජයවේවා!

Main News