කියනකොට එහෙමයි.. කරන්නේ මෙහෙමයි.. ටැබ් දෙන්නේ ප්‍රා.ලේ. එකක එක පාසලකකට පමණයි..
May 7, 2017 at 8:40 am | lanka C news
රට පුරා සියළු සියළු අසස් පෙල පාසැල් සිසුනට ටැබ් පරිඝණක ලබා දීමට රුපියල් මිලියන 5000ක් ඇයවැයෙන් වෙන් කර තිබුනද අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත්තේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින් එක් පාසලක උසස් පෙළ සිසුන්ට, ගුරුවරුන්ට හා විදුහල්පතිවරයාට පමණක් ටැබ් පරිගණකය බැගින් ලබාදීමටයි.
ඒ සදහා පාසල් තෝරා ගැනීමේ දැනට සිදුවන අතර 2019 උසස් පෙළ පන්ති ආරම්භයට පෙර මෙම ටැබ් පරිගණක ලබාදීමටද නියමිතය.
අමාත්‍යංශය බලාපොරොත්තු වන්නේ මුලින් නියමු ව්‍යාපෘතියක් ලෙස තෝරාගත් පාසැල් කිහිපයකට ටබ් යන්ත්රී ලබා දී එහි සාර්ථකත්වය සලකා බලමින් සියලු උසස් පෙළ සිසුන්ට ලබා දීමටයි.
ලමයිනේ, ෆ්‍රි වය්-ෆය් වලට වෙච්ච දේ මතකද? තවම ෆ්‍රි වය්-ෆය් වලිින් ෆේස් බුක් වයිබර් යනවද?