එජාප-ශ්‍රීලනිප කැබිනෙට්ටුවේදී ජාතිය අමතා ගනිති.. ශ්රීලනිපය ආණ්ඩුවෙන් යන බව කියයි..
October 11, 2017 at 2:10 pm | lanka C news
ඊයේ දිනයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මහා මාර්ග හා උසස් අධ්‍යාපන ඇමති ලක්ෂමන් කිරිඇල්ල හා ඇමති දයාසිරි ජයසේකර අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිව තිබේ.
මෙම තත්වය මතුව ඇත්තේ මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට මහනුවර දක්වා වන කොටසේ ඉදිකිරීම් ගැන ඇති වූ සාකච්චාවකදීය.
ගිය මහ මැතිවරණයේදි ශ්රීලනිපය පරාජය වූ බවත් ජයග්‍රහණය කල එජාප ආණ්ඩුවට එකතු වී ආණ්ඩුවේ කටයුතු බාධා කරන්නේ යයිද ඇමති කිරිඇල්ල එහිදී චෝදනා කර තිබේ.
ඇමති මහින්ද අමරවීර එකී චෝදනාවට පිලිතුරු ලෙස පවසා ඇත්තේ ආණ්ඩුවේ ඇති අඩුපාඩු පෙන්වා දිය නොහැක්කේ නම් නම් ආණ්ඩුවේ තවත් සිටීමෙන් පලක් නැති බවත් ආණ්ඩුවනේ ඉවත් වීම සුදුසු බවත්ය.
ඇති වූ එම වාදයේදී මහින්ද අමරවීර, චම්පික රණවක, සුසිල් පේ‍්‍රමජයන්ත යන ඇමතිවරුන් ඇමති දයාසිරිට පක්ෂව හා කබීර් හෂීම්, මලික් සමරවික්‍රම ඇමතිවරුන් ඇමති කිරිඇල්ලට පක්ෂව අදහස් පල කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ තවත් ඇමතිවරුන් කිහිප දෙනෙකු මැදිහත්ව මෙම තත්වය සමනයකට පත් කර ඇතැයිද වාර්තා වෙයි.
ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත්තේ මාර්ගයේ ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ගැන කිසියම් ගැටළුවක් ඇත්තේ නම් ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලෙසයි.
මොන ප්‍රශ්ණ තිබුණත් සල්ලි වලට ඒව යටයි…!
Maragena ho mareegena waraprasada nisa me nokerena deege 20 – 20 wenakan adeegena yanawa. Janathawata nun sethak ne’