කිරිඇල්ල, මංගල, මලික් ජෝන්, අකිල ඉවත් කරන්නැයි දන්වයි.. එජාපයේ යෝජනාව විසි කරමින් කැබිනට් සංශෝදනයට ජනපති කල යෝජනා මෙන්න..

February 23, 2018 at 2:10 pm | lanka C news
කිරිඇල්ල, මංගල, මලික් ජෝන්, අකිල ඉවත් කරන්නැයි දන්වයි.. එජාපයේ යෝජනාව විසි කරමින් කැබිනට් සංශෝදනයට ජනපති කල යෝජනා මෙන්න..

යෝජිත කැබිනට් මණ්ඩල සංශෝධනයේදී එක්සත් ජාතික පක්‍ෂයේ ඇමතිවරුන් කිහිප දෙනෙකු ඉවත් කිරීම හෝ වෙනත් විෂයන් පැවරීම සිදු කල යුතු යයි ජනාධිපතිවරයාගේ පාර්ශයයෙන් යෝජනා වී ඇත.

කැබිනට් මණ්ඩලයේ සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂය විසින් ජනාධිපති කාර්යාලයට යොමු කර තිබූ යෝජනාවලිය බැහැර කරමින් මේ බව දන්වා තිබේ.

ලක්‍ෂමන් කිරිඇල්ල, අර්ජුන රණතුංග, මංගල සමරවීර, අකිල විරාජ් යන ඇමතිවරුන්ගේ අමාත්‍යංශ වෙනස් විය යුතු බවත් ජෝන් අමරතුංග, මලික් සමරවික‍්‍රම යන ඇමතිවරුන්ගේ ඇමති ධුර වෙනස් වීම හෝ ඇමති දුර නොදැරීම සුදුසු යයිද දන්වා ඇත.

අකාර්ක්‍ෂම හා දුෂන චෝදනා එල්ල වී ඇති ඇමතිවරුන් ඉවත් කර තරුණ කාර්යක්‍ෂම ඇමතිවරුන් ඒවාට පත් කල යුතුය යන අදහසින් මෙම යෝජනාව කර ඇති බවද සදහන්ය.

අධ්‍යාපන ඇමති ධුරයෙන් අකිල විරාජ් කාරියවසම් ඉවත් කල යුතු බව දන්වා ඇත්තේ ඔහුට වඩා උගත් හා ජ්‍යේෂ්ඨයෙන් ඒ සදහා පත් කල යුතුය යන අදහසිනි.

76 views

26 Comments to “කිරිඇල්ල, මංගල, මලික් ජෝන්, අකිල ඉවත් කරන්නැයි දන්වයි.. එජාපයේ යෝජනාව විසි කරමින් කැබිනට් සංශෝදනයට ජනපති කල යෝජනා මෙන්න..”

  1. කන්ස්තන්තීනු ද සා මෙන්ඩෝසා says:

    අකිල විරාජ් මහතා ඒ ධූරයට සුදුසුයි. ඔහු ජේ්‍යෂ්ඨයෙකු නොවුවත් එම ධූරයේ සැලකිය යුතු වැඩ ප්‍රමාණයක් සිදු කළ බව මගේ නිරීක්ෂණයයි. ඔහුට වඩා සීනියර් වූ පමණට උගත් වූ පමණට හොඳ අමාත්‍යවරයෙක් වන්නේ නැහැ=

  2. saman says:

    old donkeys like John , Malik should go to hell , but my feeling is Akila is the best Education minister who is trying to do something even- under huge pressure by corrupted principals and their colleagues . he has perfectly done the changes .

  3. ශ්‍රීලංක නිදහස් පක්‍ෂයේ කිරි බී හැදුනු යූ.එන්.පී සර්පයා.

  4. බුද්ධදාස says:

    අකිල මෙම තනතුරට සුදුසුය.
    ඔහු අප දන්නා තරමින් ජරා වැඩ කර නැත, බැංකු බිඳ නැත.
    මට පෙනෙන විදිහට හොඳින් වැඩ කරන විට, දුෂණ වංචා කරනවුන්ට ඉවසන්ට බැරිව ඇති.

    • Rupa says:

      මා දන්නා කෙනෙක් ඉන්නවා. ඔහු සොරකම් නොකරයි, සතුන් නොමරයි, ජරා වැඩ…. නෑ ඒ නිසා ඔහු අද්‍යාපන ඇමති කමට සුදුසු යයි සමහරු පවසති.එහෙත් කලයුතු දේ හෝ නොකලයුතු දේ හෝ යමක් කලයුතු හෝ නොකල යුතු කාලය හෝ නොදනියි.

  5. Open mind says:

    ගිංගඟ හා තවත්යෝජනා ක්රම සඳහා 2015 ජනවාරි 07 නිකුත් කළා යැයි කියන චෙක්පත් මාරුව ගැන තිබූ සද්දෙ ඉවරයි වගේ.උන් කාර්යක්ෂම යි.වෙලාවට අදාළ තැන් වලට බඩු ගිහින් ඇති

  6. Gadol says:

    වසර 29ක් තිස්සේ අඛණ්ඩව ලැබූ පරාජයන් හමුවේ ඉතාමත් අසරණව සිටි එක්සත් ජාතික පක්ෂය බලයට ගෙනාවේ පොළොන්නරුවේ සිරිසේනය දැනට රටට ඇතිවී තිබෙන විනාසයට වගකිව යුත්තේ ඔහුය.

  7. Nimal says:

    Akila is the best and clean politician. We need him

Main News