කිරිඇල්ල-රවි ආයතන ගැසට් කිරීමෙන් බරපතල කප්පාදුවකට… කිරිඇල්ල ඉල්ලා අස්වෙන කණගාටුවෙන්..
December 29, 2018 at 10:23 pm | lanka C news
ඇමතිවරුන් සඳහා විෂයන් සහ ආයතන බෙදා දෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනවෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන් අතර බලවත් නොසන්සුන්තාවක් ඇති ව තිබෙන බව වාර්තාවේ.
විශේෂයෙන් ලක්ෂ්මන් කිරිඇල්ල හා රවි කරුණානායක යන මහත්වරුන් තමන්ට ලැබී ඇති ආයතන සම්බන්ධයෙන් ඉතා කලකිරීමෙන් සිටින බව දැනගන්නට ඇත.
එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලට අනුව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සිටින්නේ ධුරයෙන් ඉල්ලා අස්වීමට තරම් කනගාටුවෙන් බවද සඳහන්ය. ඔහුට කලින් තිබූ රාජ්‍ය බැංකු සියල්ල නව ගැසට් නිවේදනය මගින් මුදල් අමාත්‍යංශය යටතට පවරා ඇත.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට රාජ්‍ය ව්‍යසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ධූරය ලබා දී ඇතත් ඔහුට හිමිව ඇත්තේ ආයතන හතක් පමණි.
විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමතිවරයා වන රවි කරුණානායක මහතාට ආයතන හතක් හිමිව ඇතත් ව්‍යාපාර සංවර්ධන ඇමැති ධුරයට අදාළ කිසිදු ආයතනයක් ගැසට් පත්‍රයේ නැත.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අමතරව සජිත් ප්‍රේමදාස, මංගල සමරවීර, නවීන් දිසානායක යන ඇමතිවරුන් සදහා මහතුන් විසින් දරන ඇමති ධූර සඳහා ආයතන විශාල ගණනක් ගැසට් කර තිබීම සම්බන්ධයෙන් ආයතන කප්පාදුවකට ලක්ව සිටින ඇමැතිවරුන් නොසතුටින් සිටින බවද වාර්තා වේ.
අනුන්ට කලදේ තමන්ට පලදේ කියන්නෙ අන්න ඕකට
ඔය කරුණුවලට ජනපතිට බැනල වැඩක් නෑ unp කාරයිනේ.බනින්න ඕනා ඔය ආයතන මේ අයට දෙන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටි රනිල් වික්‍රමසිංහට සහ අපේ චන්ඩි නායක කරු ජයසූරියට
Please leave these positions to younger educated and progressive members, You all has past the SELL BY DATE, this include your leader RANIL.
එතකොට පොරජාතන්තරවාදේ කියන්නේ උපරිම ආයතන ගානක බලේ අතට ගන්න එකද ?.
ඔක්කොම ඉල්ලන්නෙ ඇමතිකම් මුන් එකෙක්වත් රටටවත් අපටවත් ආදරේ නෑ ඔක්කොටම ඕනෙ හොරා කන්න ක්‍රම ඒව නැති වෙනකොට කලකිරෙනව. අනේ අනේ මුන් එකෙක්වත් ආයෙ යවන්න එපා මිනිසුනේ
Mahajana. Savayata ape. Mari amati Tanya
සජිත්, මංගල , නවීන් කියන්නෙ ඊලග නායකත්වට ඉන්න කීපදෙනා. ඒ අයට කැරට් අල බෙදලාද? එහෙම නැත්නම් විශ්වාස කරල වැඩි වගකීම් දීලද?
UNP karayo balan yankota hodda bora keraganna apu ewun. Ratata wedak kerranna apu ewun nemeyi. Munwa path kerena ewunta thamayi dos kiyanna oni…hitang
ඉල්ලා අස්වීමත් …..
ඕන ගොනෙක් කරන වැඩක් ද ?.