කිරිදෙන ඇතිත්න මරා පැහැරගත් අලි පැටවු කොළඹ පන්නසල්වල.. උඩුවේ හිමි සිවුවන සිල්පදය කැඩුවා..

September 25, 2021 at 11:20 am | lanka C news
කිරිදෙන ඇතිත්න මරා පැහැරගත් අලි පැටවු කොළඹ පන්නසල්වල.. උඩුවේ හිමි සිවුවන සිල්පදය කැඩුවා..

සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියන් සමග අරුණ පුවත්පත සිදු කල සාකච්චාවක් මෙහි දැක්වෙයි.

කොළඹ පන්සල්වලට අලි ඇතුන් ඕනද?

පැහැදිලිවම අලි ඇතුන් අවශ්‍ය නැහැ. අලියෙක් සාමාන්‍යයෙන් කිලෝමීටර් හතක්-අටක් ඇවිදින්න ඕනි. නැතිනම් උගේ ඇඟේ කැල්සියම් බැඳී රෝගී වෙනවා. කොළඹ ක්‍රොන්ක්‍රීට් පන්සල්වල අලි පැටවෙක් නොවේ පූස් පැටවෙක් හදන්න ඉඩ නෑ. මේ පන්සල්වල ඉන්න අලින්ට දම්වැල් දමලා දෙපැත්තට වැනි වැනි ඉන්නේ හුරතලේට කියලා හිතලා පන්සලට යන අය වීඩියෝ කරනවා. නමුත් අලි ඒ කරන්නේ හුරතෙලේට නොවේ ඇඟේ බැඳෙන කැල්සියම් ධාරිතාවය අවම කර ගන්න.

මේ නිසා අලි පර්චස් දහයකට කොටු කරලා දම්වැල් දමා තිබීම ලොකුම අපරාධයක්. පවක්. ඊට හොඳම උදාහරණය තමයි කොළඹ පන්සලකදී වූ දේ. විදේශිකයකු ඒ පන්සලේ විලංගු දමා ඇති ඇතාගේ ඡායාරූපයක් ‘ටයිම්ස්’ පුවත්පතේ පළ කළා. බුදු දහමේ කරුණාව කියලා. විදේශිකයා පුවත්පත් ලිපියෙන් අහනවා කැලයේ ඉන්න ඕනි සතෙක් දම්වැල් දාලා ගැට ගහලා ඉන්නේ ඇයි කියලා. මොකක්ද එම අලියා කරපු වරද? එය සදාකාලික සිර දඬුවමක්?

පන්සල්වල අලි ඇතුන් හදන්න කියලා බුදුදහමේ සඳහන් වෙනවාද?

නෑ. මේක බුදු දහමට සම්පූර්ණයෙන්ම පටහැනි ක්‍රියාවක් පාපයක්.

බුදුන් වහන්සේ භික්ෂුන්ගේ විනය කාරණාවක් මත පාරිලෙය්‍ය වනයේ කාලයක් වාසය කළ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ කාලයේ දී බුදුන් වහන්සේට ඇප උපස්ථාන කළේ පාරිලෙය්‍ය ඇතා හා වඳුරෙක්. නැවත බුදුන් වහන්සේ ජේතවනාරාමයට වැඩම කරන විට බුදුන් වහන්සේට තිබෙන ආදරයට පාරිලෙය්‍ය ඇතා උන්වහන්සේ පිටුපසින් එනවා. නමුත් වනය අවසන් වන සීමාවේ දී බුදුන් වහන්සේ ඇතා නතර කරනවා. එම අවස්ථාවේ ඇතා ළය පැළිලා මැරෙනවා. ඇතාට එන්න දුන්නා නම් ඌ මැරෙන්නේ නෑ කියලා අහපු ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමිට වදාළනවා. ‘‘ඇතාගේ මරණයත් ඔහුගේ වාසස්ථානය තුළ සිදු වීම එය සැපතක්’’ යනුවෙන්. ආගමික නායකයකු වන සතුන්, වනය පිළිබඳ ලබා දී තිබෙන හොඳම ක්‍රියාකාරකම එයයි. බුදුන් වහන්සේගේ දර්ශනය අපි හොඳින් වටහා ගත යුතුයි.

ඒ විතරක් නොවේ බුදුන් වහන්සේ භික්ෂුන් වහන්සේට පාවහන් පැලඳීම තහනම් කළේ ඒවා සතුන්ගේ සම්වලින් සෑදීම නිසයි. වාහනවල ගමන් කිරීමත් නතර කළා. මොකද ඒ කාලේ වාහන කීවේ සතුන් ඇදගෙන යන ඒවාට. විනය ශික්ෂ්‍යා පදයක් පැනවූවා. සතුන්ගේ ශරීරය උඩ මිනිසුන් ගමන් කිරීම සත්වයාට හිංසනයක් බව දැකීමෙන් භික්ෂුන්ට එය තහනම් කළා.

එවැනි ගුණාංගයක් පෝෂණය කරන පන්සලක් තුළ අලි ඇතුන් ගාල් කර තැබීම සාධාරණද?

පන්සල්වල අලි ඇතුන් ගැන කතා කරන එන්ජීඕ කැලේ මැරෙන අලි රැකීමට මැදිහත් නොවන බවත් අලි ඇතුන් ගැන බොරු කතා කියන්නේ බටහිරෙන් යැපෙන එන්.ජී.ඕ. සංවිධාන කියලා ගංගාරාමයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී භික්ෂුන් වහන්සේ දෙනමක් ප්‍රකාශ කළා. එසේ බලන විට ඔබ වහන්සේත් එන්.ජී.ඕ. කාරයෙක්ද?

අපට නම් කිසිම එන්.ජී.ඕ. එකක් නැහැ. බුද්ධ දර්ශනය මත පදනම්ව සතා සිවුපාවුන් ආරක්ෂා කිරීම තමයි මම කරන්නේ. ඇත්තටම එන්.ජී.ඕ. කියන්නේ ඔය ප්‍රධාන පන්සල්වලට තමයි. රාජ්‍ය නොවන සංවිධාන මගින් මේ පන්සල්වලට මුදල් ලැබෙනවා.

එහෙම බලන කොට දායක සභාවත් කියන්නේ රාජ්‍ය නොවන ආයතනයක්. අපි පරිසර සංවිධානයක් අපිට විදේශයන්ගෙන් එන ඩොලරයක්වත් ලැබෙනවාද කියලා මම අභියෝග කරනවා.

පන්සල්වලට අලි ඇතුන් ලැබෙන්නේ කොහොමද?

කැලෑවේ සිටින අලි ඇතුන් මරලා පැටව් තමයි පන්සල්වලට ගෙනවිත් ගාල් කරලා තියෙන්නේ.

ඔබ වහන්සේට එහෙම කියන්න සාක්ෂි තියෙනවද?

මේ අලි පැටව් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවැත් වූ පරීක්ෂණයේදී ඒ කාරණාව හෙළි වී තියෙනවා. පොලිසිය අධිකරණයටත් ඒ ගැන කරුණු වාර්තා කළා. මේ අලි පැටව් අල්ලලා තියෙන්නේ යාල, උඩවලව ඇතුළු වනෝද්‍යානවලින්.

කෙණෙර නැතිනම් ඇතින්නියක් සිය පැටවාට දක්වන්නේ පුදුමාකාර සෙනෙහසක්. අම්මා කෙනෙක් දරුවකුට දක්වන සෙනෙහසකට වඩා ඔවුන් පැටවුන්ට ආදරෙයි. පැටෙවක් ඉපදුනාම ඇතිනි රැලේ හැමටම කිරි එරෙනවා කියලා කතාවක් තියෙනවානේ. කෙණෙර එහෙම නැතිනම් ඇතින්න පැටවා රැකබලා ගන්නේ කකුල් හතර අස්සෙම තියාගෙනයි. අඟලක්වත් එහෙට යන්න පැටවාට ඉඩ දෙන්නේ නෑ. අපේ ජනවහරේ කතාවක් තියෙනවා පැටවා මැරුණාම ඇතින්න වේදනාව දරාගන්න ගම් හතක් පාළු වෙන්න ළතෝනි නගනවා කියලා. ඒ කතාවෙන් කියන්නේ ඇතින්නගේ දරු සෙනෙහසේ තරම. ඒ නිසා ඇතින්න හෝ කෙණෙර ජීවත්වෙලා ඉන්නතුරු පැටවා උගෙන් ගන්නවා බොරු. අලි ජාවාරම්කරුවෝ මේ නිසා කරන්නේ ඇතින්න හෝ කෙණෙරට වෙඩි තියලා මරලා පැටව් පැහැර ගැනීමයි. මේ පැටව් ජාතික වනෝද්‍යානවලින් එළියට ගෙනල්ලා තියෙන්නේ ඩිෆෙන්ඩර්වල දාගෙනයි.

ඔබ වහන්සේ ඔහොම කීවාට ඉස්සරත් කැලෑවෙන් අලි ඇල්ලුවා නේද?

ඔව්. ඒ කිරිබොන පැටව් නෙවෙයි. වැද්දෙක්වත් ගැබ්බර සතෙක්, පැටවුන්ට කිරි දෙන සතෙක් දඩයම් කරන්නේ නෑ. ඒ අතින් බලන විට අලි ජාවාරමට සම්බන්ධ ප්‍රභූවරු වැද්දන්ටත් වඩා අන්තයි.

ඉස්සර අලි ඇල්ලුවේ හීලෑ වූ අලි කැලේට ගිහින් ඌ ලවා වල් අලි මෙල්ල කර ගැනීමයි. ඒත් පනාමුරේ ඇතාට වෙඩි තියලා මරා දැමුවාට පස්සේ ඒක නතර කළේ ඒ ඝාතනයෙන් මුළු රටම කම්පා වූ නිසා. එසේ බලන විට අම්මාගෙන් කිරි බොමින් සිටින පැටවා, අම්මා මරලා පැහැරගෙන යෑම පනාමුරේ සිද්ධියටත් වඩා මුළු රටම කම්පා විය යුතු කරුණක්.

කෙසේ නමුත් කොළඹ භික්ෂූන් වහන්සේ කියන්නේ මේ අලි පැටව් උන්වහන්සේට ලැබුණා කියලා?

උන්වහන්සේට මේ අලි පැටව් ලැබුණේ කොහෙන්ද? අම්මා මරලා කැලෙන් උස්සන් ආ විටයි. එහෙම බලන විට කැලේ අලි පන්සල්වල අලි වෙන්නේ කොහොමද? මේ පැටව් හරියට හිරගෙදර ඉන්න සිරකරුවෙක් වගේ. දින දහහතරක් නිරෝධායනය වෙන්න කැමැති නැති භික්ෂුන් වහන්සේ නමක් කැලෑවේ සිටින අලි ඇතුන් ගාල් කර තැබීම සානුකම්පිතද? එය බුදු දහමට එකඟද?

පන්සල්වලට හිමි අලි ඇතුන් නැහැ. පන්සල්වල වැඩ සිටින්නේ බුදු දහම ප්‍රචාරය කරන භික්ෂුවක්. පන්සල්වල අලි තියාගෙන ඉන්නෙ බලහත්කාරයෙන්. පන්සල්වල අලි තබාගෙන සිටීම නිසා තමයි බෙල්ලන්විල නායක හාමුදුරුවෝ වගේ රටක් වටින උගත් භික්ෂුවක් අලි ප්‍රහාරයකින් අපවත් වුණේ. අලින්ගේ මද කිපෙන කාලය, රෝගී තත්ත්වයන්, ඉරියව්, හැසිරීම් භික්ෂුන් වහන්සේ දන්නෙ නැහැ. ඒවා නොදැන අලියා ළඟට ගියාම ඌ උන්වහන්සේට පහරදුන්නා. බෙල්ලන්විල පන්සලේ සිද්ධිය තමයි පන්සල්වල අලි, ඇතුන් හැදීම හොඳ නැහැ කියන හොඳම උදාහරණයක්.

කැලයේ සිටින අලි අල්ලලා පන්සල්වලට ගේනවා කියලා ඔබ වහන්සේ චෝදනා කරනවා. ඒත් ගෘහ ආශ්‍රිතව සිටින කෙණෙර හෝ ඇතින්නක් පැටව් බිහි කරනවා ඇති නේද?

මේ ගැන පර් යේෂණයක් කර තිබෙනවා. එම පර් යේෂණ වාර්තාවට අනුව නම් මෑතකාලයේ ගෘහ ආශ්‍රිතව අලි, ඇත් පැටව් බිහිවෙලා නැහැ. කවුරු හරි එය බොරු කියනවානම් වාර්තාව ඉදිරිපත් කරන්න මා සූදානම්.

උඩුවේ ධම්මාලෝක හාමුදුරුවන් කියපු විදියට පන්සල ළඟ අලි පැටියෙක් දාලා යන්න බැරිකමක් නැද්ද?

උඩුවේ ධම්මාලෝක හිමියන් හතර වන සිල්පදය කඩමින් තමයි එම ප්‍රකාශය කළේ. අදහන ධර්මයට එරෙහිව යමින් මෙවැනි ප්‍රකාශ කිරීම පිළිබඳව මමත් භික්ෂුවක් ලෙස ලජ්ජා වෙනවා. උපසම්පදා භික්ෂුන් වහන්සේ නමකට ඔහොම බොරු කියන්න පුළුවන්ද? බල්ලො පූසෝ වගේ අලි පැටව් පන්සල් ළඟ දාලා යනවා මම නම් දැකලා නැහැ. අලි පැටව් දාලා යනවා සී.සී.ටී.වී. කැමරාවලට අහු වුණේ නැද්ද?

කොළඹ භික්ෂුන් පිරිසක් අලි ඇතුන් බිස්නස් එකේ හිටියා කියා මම වගකීමෙන් ප්‍රකාශ කරනවා. අලි පැටව් අරගෙන ඇවිත් කෝටි ගණනකට ව්‍යාපාරිකයන්ට අලෙවි කළා. අවසන් අලි පැටියා විකුණලා තියෙන්නේ දෙකෝටි හැත්තෑපන් ලක්ෂයකටයි. පාර්ලිමේන්තු ගිහිල්ලා වාහන බලපත්‍රයට කෙළ හලනවාට වඩා වනයට ගිහිල්ලා ඇතින්න මරලා පැටවා ගෙනෙන එක ලෙහෙසියි. මොකද කෝටි ගාණක් හම්බ කරන්න පුළුවන්. එම බිස්නස් එක නතර කළේ පරිසර සංවිධාන හා සත්ව සුබසාධන සංවිධාන. අධිකරණයේ නඩු පවරමින්. අපි නිහඬව හිටියා නම් අද මේ රටේ එක අලි පැටියෙක් දකින්න ලැබෙන්නේ නැහැ.

අලි ඇතුන් ආරක්ෂා කරන බව ප්‍රකාශ කරමින් ඔබ වහන්සේ මේ කරන්නේ ලංකාවේ බෞද්ධ පෙරහර සංස්කෘතියටපහර දීමක් නේද?

මේ අය ඉස්සරහට දාන ලොකුම තර්කය තමයි ඕක. දළදා පෙරහරට මුවාවෙලා තමයි ඔය බොරු කතාව කියන්නේ. මා පෙරහර සංස්කෘතියට විරුද්ධ නෑ.

අපි දළදා පෙරහර ඇතුළු පෙරහර පවත්වනවාට විරුද්ධ නැහැ. ලංකාවේ අලි ඉන්නේ පන්දාහයි. වාර්ෂිකව පෙරහර එක්දහස් දෙසීයක් පමණ වෙහෙර විහාරස්ථානවල තියෙනවා. ලංකාවේ වන ගහනය මෙන්ම අලි ඇතුන් ශීඝ්‍රයෙන් අඩු වන මොහොතක අලි ඇතුන් පන්සල්වලට දුන්නම අනාගතයේ පෙරහර පවත්වන්න අලි ඇතුන්ගේ හිඟයක් එනවා.

එසේ නම් පෙරහරට අලි ඇත්තු ගන්න ඔබ වහන්සේ යෝජනා කරන්නේ කුමක්ද?

මෙයට විකල්පයක් අපි යෝජනා කර තිබෙනවා. පෙරහර පවත්වමු. අලි ගෙන යන එක නියාමනය කරමු. අඩු කරමු. අලි ඇතුන් එකසිය පනහක් අවශ්‍ය නැහැ.

පෙරහරට ගෙන යන අලි විවිධ පුද්ගලයන්ගේ භාරයේ නේද ඉන්නේ?

ඔව්. අලි ඇතුන් පුද්ගල සන්තකයේ තැබීමටද අපි විරුද්ධයි. පන්සලේ උජාරුව පෙන්වන්න, වලව්වේ ගෞරවය පෙන්වන්න, නඩුකාරවරුන්ගේ උසස් බව පෙන්වන්න අලි ඇතුන් ඉදිරිපස ගැට ගහන්න අවශ්‍ය නැහැ. අලි ඇතුන් ඇත් අතුරු සෙවණේ තබා පෙරහරේ යන්න පුහුණු කරමු. ඇත් ගොව්වන්, පශු වෛද්‍යවරුන් යටතේ අලි ඇතුන් හැසිරවීම සිදු කළ යුතුයි. ඇත් ගොව්වන්ට වැටුපක් ලබා දීලා රාජ්‍ය සේවාව යටතට ගෙන රාජ්‍ය අනුග්‍රහය මත ඇත් අතුරු සෙවණ පවත්වා ගෙන යාම හොඳයි. නැවත අලි ඇතුන් ඇත් අතුරු සෙවණට භාරදෙන මෙන් මම කාරුණික ඉල්ලීමක් කරනවා. එවිට නියාමන ක්‍රමවේදයක් තියෙනවා. නැතිනම් අපේ රටේ ආණ්ඩු පෙරළි සමග තම හිතවතුන්ට අලි ඇතුන් බෙදීම නිසා ඔවුන් ඉතිරි වන්නේ නැහැ.

පන්සල්වල ඉන්න අලි ගැන කතා කළත් වනයේ සිටින අලින්ටත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් කරදර වෙනවා. ඒ ගැන ඔබ වහන්සේ අවධානය යොමු කරන්නේ නැත්තේ ඇයි?

අලි සම්පත විවිධ ක්‍රම මගින් විනාශ වෙනවා. මිනිස් ක්‍රියාකාරකම් ද ඊට ඇතුළත්. සෑම ක්‍රියාකාරකමක්ම නතර කිරීමට රාජ්‍ය මැදිහත්වීමක් අවශ්‍යයයි. එය කඩිනම් විය යුතුයි. ඇතැම් ක්‍රියාමාර්ග වැළැක්වීම සඳහා අපි හැකි පමණින් සටන් කරනවා.

පින්නවල හා උඩවලව ඇත් අතුරු සෙවණේ සිටි අලි ඇතුන්ටවත් කන්න දෙන්න රජයට බෑ. හැකියාවක් නැති බව කියැවෙනවා. එවැනි තත්ත්වයක් යටතේ රජයට අලි ඇතුන් ආරක්ෂා කිරීමට මැදිහත් වෙන්න පුළුවන්ද?

කවුද ඔය බොරු කතාව කියන්නේ. වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවද මුදල් උපයනවා. එහි දී අලි බලන්න ලංකාවට පැමිණි විදේශීය ජාතිකයන්ගෙන් ලැබුණ මුදල සැලකිය යුතු ප්‍රමාණයක්. එම මුදල් වනජීවි දෙපාර්තමේන්තුවේ අරමුදලක තියෙනවා. එම මුදල භාවිත කරමින් අලි ඇතුන් ආරක්ෂා කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කළ යුතුයි. ආණ්ඩුවට පත් වන පාලකයන්ට කිසිදු වුවමනාවක් නැහැ. එය දුර්වලතාවක්. පින්නවල හා උඩවලව ඇත් අතුරු සෙවණේ ඉන්න අලි ඇතුන්ට කන්න දෙන්න බැහැ කියන්නේ පැහැරගත් අලි තියාගෙන ඉන්න හාමුදුරුවරුනේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වැනි වගකිව යුතු ආයතන අලින්ට කන්න දෙන්න බෑ කියලා කියන්නේ නෑනේ. ටෙන්ඩර් ක්‍රමවේද ඔස්සේ තමයි අලි ඇතුන්ට කන්න දෙන්න වැඩපිළිවෙළ සකස් වෙන්නේ. එහි දෝෂ තිබුණත් බඩගින්නේ අලි ඇතුන් මැරිලා නැහැ. රජයකට ඔය නිදහස් කළ අලි ඇතුන් හය දෙනාට කන්න දෙන්න බැහැ කියන්නේ විහිළුවක්.

පන්සල්වලට පූජා කරන අලි ඇතුන් වෙනත් ක්‍රියාකාරකම් සඳහා භාවිත කරන බවට චෝදනා තියෙනවා.

බුද්ධාගමේ අලි ඇත්තු පන්සලවලට පූජා කරන්න කියලා කියන්නේ නෑනේ. රාජ්‍ය පාලනයේ මුලින්ම ඔය මානසිකත්වයෙන් මිදිය යුතුයි. පන්සලේ පෙරහර තියෙන්නේ එක කාලයක පමණයි. අනෙක් දවස්වල ඔය අලි ඇතුන් ඉන්නේ දඹුල්ල, හබරණ සංචාරක හෝටල්වල. විදේශීය ජාතිකයන් අලියා පිටේ නංවලා මුදල් හම්බ කරනවා. සුද්දන්ට මෙහෙම පස්ස තියාගෙන වාඩිවෙන්න හාමුදුරුවෝ ඉඩ දීලා තියෙන්නේ කරඬුව වඩම්මන අලියා ඇතාම තමයි.

ඔබ වහන්සේට මෙම චෝදනාව ඔප්පු කරන්න පුළුවන්ද?

මගේ ළඟ ඡායාරූප තියෙනවා. ඒ පිළිබඳව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ ලිපි ලේඛන තියෙනවා. අපි අධිකරණයටත් කරුණු දක්වා තියෙනවා. එහෙම නොවෙයි නම් ප්‍රසිද්ධ විවාදයකට එන්න මම සියලු තොරතුරු කියන්නම්. මෙය අභියෝගයක්.

මහනායක හාමුදුරුවන්ට බැරිද මීට මැදිහත් වෙන්න?

මහනායක හාමුදුරුවරු ඉදිරියට ඇවිත් මේ ගැන ප්‍රකාශයක් කළ යුතුයි. නැතිනම් බුදු දහම හෑල්ලු වෙනවා. එය නතර කළ යුතුයි.

නඩු පැවරීම නිසා අලි පැටව් හිටියේ නඩු භාණ්ඩ ලෙසයි. මොකද හදිසියේ නඩු භාණ්ඩ නිදහස් කෙරුණේ?

නඩු භාණ්ඩ දැන් නිදහස් කළා. සත්තු ටික අයිති වනයටයි. වනජීවි සම්පතක් නීතියෙන් පුද්ගලයන්ට යළි අයිති වෙන්නේ කොහොමද? එය ප්‍රධාන තර්කයක්. වනජීවින් පොදු දේපොළක්, පොදු දේපොළ පනතෙන් තමයි නඩු පැවරීම කළේ. ඒකට තමයි ගැසට් ගහලා අලි පැටව් නිදහස් කර ගන්නේ. නීතිපති දෙපාර්තමේන්තුව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට වගකිව යුතුයි. එය අපේ චෝදනාවක්.

මෙම සිද්ධියත් සමග සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉෂිණි වික්‍රමසිංහත් ඉල්ලා අස් වුණා?

මේ සටන නිවැරැදිව මෙහෙය වියහැකි කාන්තාවක් ලෙස ඇය හඳුන්වන්න පුළුවන්. ඇයට අවශ්‍ය වූයේ අලි ඇතුන් බේරා ගැනීමටයි. ඇය සත්ව සුබසාධනය වෙනුවෙන් කැපවූ අවංක නිලධාරිනියක්. මේ සටනේ දී ඇය තනතුරෙන් ඉල්ලා අස්වීම ලොකු පාඩුවක්. ඇයගේ ඉල්ලා අස්වීමත් සමග මෙම කේෂේත්‍රයේ සිටින අවංක නිලධාරීන් කඩා වැටීමකට ලක්ව තියෙනවා. කලකිරීමකට ලක්ව තියෙනවා.

ඉෂිණි වික්‍රමසිංහට මෙය නතර කරන්න බැරි නම් කාටද නතර කරන්න පුළුවන්?

ඇය නිලධාරිනියක්. ඇයට ඉහළින් ලේකම්වරු, ඇමැතිවරු ඉන්නවා. අගමැති, ජනාධිපතිත් ඉන්නවා. ඉහළින් එන ප්‍රෙෂර් එක ඇයට දරා ගන්න අමාරු වුණා.

ඔබලාගේ අවසන් ක්‍රියාමාර්ගය මොකක්ද?

අපි ජනතාව දැනුවත් කරනවා මෙය වැරැදි දේශපාලන තීන්දුවක්. ජනතාව පෙළ ගැස්විය යුතුයි. නීතියේ පිහිට පැතීම දෙවැනි අදියරයි. නඩු දෙකක් නැවැත පවරා තියෙනවා. එහි තීන්දුව ලබාගෙන ඉන්නවා.

උදයජීව ඒකනායක
– aruna

38,068 views

26 Comments to “කිරිදෙන ඇතිත්න මරා පැහැරගත් අලි පැටවු කොළඹ පන්නසල්වල.. උඩුවේ හිමි සිවුවන සිල්පදය කැඩුවා..”

  1. ගෞම් ඊයාරාජ් says:

    ගොං බෛයන්ට වැදගත් කතා ඔන්නෑ , උන්ට ඔනේ අර නානලා , අබේපුස්සලා , ටැටූ සුදන්තලා , අලිලෝකලා කියන බෛලා අහන්න විතරයි . ඇත්ත ඇති සැටියෙන් දකින්නඔනේ නං , උන්ට ඔනේ අමූ මොඩයො සැට් එකක් පුටුවල වාඩිකරලා , හුරේ දදා ඉන්න විතරයි .

  2. මැදමුලනෙ මුත්තා says:

    උඩුවෙ උන්නාන්සෙ රැපියල් 50000/= කට අඩුවෙන් බණක් කීවොත් මගෙන් තවත් අලියෙක් තෑගි දෙනව බොලවි. හැක්…….හැක්…….හැක්…….

  3. ඇලන් මැතිනියාම පාරේ සරත් says:

    “අලි පැටියා කවුදෝ ගෙනත් පංසලේ අතරමංකර ගිහිල්ලා’ උඩුවෙ ගොයියගෙ නම බොරැකීමෙි ⁣ලෝක වාර්තාවකට සුදුසුයි.

  4. එහෙනම් ආනන්ද සාගර උඹ කියන්නේ දළදා කරඩුව උඹේ පිටේ ගෙනියන්න කියලාද? තො කැලේ අලි මරන කොට උඹේ කොහෙද හිටියේ. කෝ එතකොට උඹේ ඔය කරුණාව.දැන් උඹ ඔය සිවුර ගලවලා බලපන් ඔය සිවිර යට ඉන්න පාස්ටර් හොයා ගන්න පුලුවන්. ගොං පකයා

    • ගෞම් ඊයාරාජ් says:

      ගොං බෛයො උබ මේ ආර්ටිකල් එක ඔක්කොම කියෙව්වෙ නෑ නේද ගස් ගොබ්බයො , කියොපිය මුල ඉදලා , නිකං හෙඩ්ලයින් එක බලලා වැලලෙන්නැතුව .

  5. මරදන්කඩවල චන්දිම හිමි says:

    මෙවැනි චීවරධාරීන්, නිර්වස්ත්‍රකර, කසපහර ගසා ශාසනයෙන්ම එළවා දැමිය යුතුයි.

    • මරදන්කඩවල චන්දිම හිමි says:

      නිර්වස්ත්‍ර කර කසපහර ගසා ශාසනයෙන්ම එළවා දැමිය යුත්තේ දායකයෙකු විසින් පන්සලේ අලි පැටියෙකු අතරමංකර දමා ගොස්ඇතැයි ගජබින්න දෙසූ උඩුවෙි චීවරධාරියාවයි.

  6. මේ වහන්සේ අමූවෙන් පිස්සූවෙන් says:

    මූ කසිප්පූ බීලා කියන කථා පත්තරේ දාන්නේ මොන පිස්සොද? අපි පත්තරේ වර්ජනය කරනව. රට ගිනි තියන කථා ගැලපෙන්නේ නෑ. මූ පන්සලටම කෙලින හරකෙක්.

  7. කවූද බොල මේ කබ්බා...just බූරනවා...... says:

    අංජනමි බලලද ? නිනිදෙන්ද? කිරිපණූ ගායෙන්ද? මේ ලිව්වෙ අපි දකින ඇත්ත. සිවුරු දරණ ගමන් තවත් සිවූර දරණ කෙනෙකාට අපහාස වෙන කථා ලියන මූඩූ මහණූන් දැනට සමයට කරන්නේ විනාශයක් බව පාහියංගල නෙවෙයි ඇබිත්තයොත් දන්නව. මූගෙ හොඩේ කපල පස්සෙ ඔබන්න වටිනවා.

Main News