කිරින්දේ රළ පහරට හසු වි ICU සිටි දෙදරු මවත් මිය යයි.. පවුලේ සෙසු පිරිසේ හත් දවසේ බණ දිනයේදීමයි..

June 30, 2019 at 12:00 pm | lanka C news
කිරින්දේ රළ පහරට හසු වි ICU සිටි දෙදරු මවත් මිය යයි.. පවුලේ සෙසු පිරිසේ හත් දවසේ බණ දිනයේදීමයි..

කිරින්ද මුහුදු වෙරළ තිරයේදි ඉකුත් 22 දින සැඩ රළ පහරට හසු වි අසාධ්‍යයව කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හැටන් සාත්තු නිවාස පාරේ පදිංචිව සිටි හසිනි විජේසුරිය මහත්මිය ඊයේ (29) රාත්‍රියේ ජිවිතක්ෂයට පත් වු බව හසිනි විජේසුරිය මහත්මියගේ ඥාතින් පවසයි.

හසිනි විජේසුරිය මහත්මිය සේවය කල නුවරඑලිය නගරයේ පෞද්ගලික බැංකු ශාඛාවක විධායක නිලධාරිනියක් වශයෙන් සේවය කල අතර එම බැංකු ශාඛාවේ සෙසු නිලධාරින් සහ හසිනි විජේසුරිය මහත්මියගේ සැමියා දියණියන් දෙදෙනා සමග යාල ප්‍රදේශයේ විනෝද චාරිකාවක නිරතව සිටියදි 22 දින හසිනි විජේසුරිය මහත්මියගේ පවුලේ උදවිය සැඩ රල පහරට හසු විමෙන් සැමියා සහ දියණියන් දෙදෙනා ජිවිතක්ෂයට පත් වුණි.

සැඩ පහරට හසු වු හසින් විජේසුරිය මහත්මිය අසාධ්‍යය තත්ත්වයේ සිටි නිසා තිස්සමහරාම  රෝහලේ සිට අම්පාර මුලික රෝහල වෙත මාරු කර යවා එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි හසිනි විජේසුරිය මහත්මියගේ ඥාතින් විසින් ඇයව කොලඹ පෞද්ගලික රෝහලක් වෙත  රැගෙන විත් ඇතුලත් කර තිබුණි.

හසිනි විජේසුරිය මහත්මියගේ සැමියා සහ දියණියන් දෙදෙනාගේ අවසන් කටයුතු ඉකුත් 25 දින හැටන්  කුඩාගම පොදු සුසාන භුමියේදි සිදු කර හත් දවසේ දානමය පින්කම පවුලේ ඥාතින් සහ හිතවතුන් විසින් ඊයේ (29) රාත්‍රි හැටන් නිවසේදි සිදු කලහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

33 views

5 Comments to “කිරින්දේ රළ පහරට හසු වි ICU සිටි දෙදරු මවත් මිය යයි.. පවුලේ සෙසු පිරිසේ හත් දවසේ බණ දිනයේදීමයි..”

  1. Saradiel says:

    නිවන් සැප ලැබේවා

  2. wadugoda says:

    niwan sepa lebewa

  3. sam says:

    මෙහම ලියන එක හරිද මන්දා. නමුත් මේ අම්ම මැරුණු එක එක අතකින් හොඳයි කියල හිතෙනව ජීවිතේම විඳවන් නැතුව…

  4. oba siyalu denatama niwan sapa lebewaaaaaaaaaa——==//

  5. Sadda says:

    ජීවිතය අනිත්‍ය බව සැබෑවකි. එහෙත් මෙවන් දෑ සිදුවන්නේ අනවශ්‍ය ලෙස අවදානම් සහිත අවස්තාවන්ට හිතාමතාම ලක්වීමෙනි. මෙවැනිම දෙයක් මටත් මගේ දරුවන් දෙදෙනාටත් සිදුවෙන්න ගියත් දේව හාස්කමකින් ලග සිටි අයෙක් අත දී බේරුනි. එදා සිට රලු සැඩ ඇති මුහුදට යාම නවතා දැමුවෙමි.

Main News